History of the flash ( 1-2-3 කොටස් )

History of the flash ( 1 කොටස )

10411158_1524293291187011_2162617775997412918_n

The Flash tv series එක මේ දවස් වල ගොඩක් අයගෙ කතාබහට ලක්වූ tv series එකක්. මේ tv series එකේ ප්‍රධාන චරිතය තමා The Flash එහෙමත් නැත්තන් Barry Allen. ඒත් කවුද මේ flash. DC comics වල මේ flash කියන නම අයිති පුද්ගලයන් ගොඩක් ඉන්නවා. ඒත් ඒ හැමෝම ගැන කතා කරන්න ගියොත් කතාකරල ඉවර කරන්න දවස් ගානක් යයි. ඒක නිසා අපි ප්‍රධාන හතර දෙනා ගැන කතාකරමු.

Jay Garrick තමා මුල්ම Flash. මෙයා මුලින්ම ආවෙ Golden age Flash comics #1 (1940 ජනවාරි වල ) Jason Peter ” Jay ” Garrick කියනෙ college student කෙනෙක්. එක දවසක් එයා ලැබ් එකේ එක එක chemicals එක්ක වැඩ කර කර ඉන්න කොට එයාට නින්ද ගියා. උදේ නැගිටල බලද්දි එයා තේරුනා එයාට වේගෙන් ගොඩක් වේගෙන් දුවන්න පුලුවන් කියල. පස්සෙ එයා lightning bolt එකක් තීන රතු shirt එකක් සහ පිහාටු තියෙන metal helmet එකක් හොයාගෙන නගෙරෙ ඉන්න හොරු අල්ලන්න පටන් ගත්තා.

Barry Allen, ගොඩක් අය Flash කිව්වවම අදහස් කරන්නෙ මෙයාව. මෙයා තමා දෙවැනි flash. කලින් කිව්වා වගේ The Flash tv series එකේ ප්‍රධාන චරිතය. Barry කියන්නෙ central city වල police scientist කෙනෙක්. දවසක් Barry වැඩ ඇරිල යන්න හදනකොට අකුණක් වැදුනා ඒ වෙලාවෙම එතන තිවුන chemical වගයක් එයාගෙ ඇගට හැලුනා පස්සෙ බලද්දි එයාටත් jayට වගේ ගොඩක් වේගෙන් දුවන්න පුලුවන්. එක එක කාලෙට මේ කතාවෙ පොඩි පොඩි දේවල් වෙනස් වෙනව. උදාහරණයකට ගත්තෙ The Flash tv series එකේ S.T.A.R. Labs particle accelerator එකේ පොඩි වැරදීමක් නිසා සිදුවූ පිපිරීමකින් තමා Flashට වැදුනු අකුණ හැදුනෙ. ඒත් comic වල ඒක නිකම්ම අකුණක්. කොහොම හරි Barryගෙ පොඩි කාලෙ සුපිරී වීරයා ( Jay Garrick Flash) ට පස්සෙ Flash කියන නම ගත්තා. ආයෙත් Flash tv series එකේ Flash ට flash කියන නම දැම්මෙ Arrow ( Green Arrow ) ඒත් අපි මෙතනදි තේරුම් ගන්න ඕනා comic සහ tv universe කියන්නෙ දෙකක්. එකම දේ සිද්ද උනාට පොඩි පොඩි වෙනස් කම් තියෙනව. මන් දන්නව ගොඩක් පැටලිලි සහගතයි නේද.

Flash කියන්නෙ Justice League එකේ founding member කෙනෙක්. ඔයාලා බලලා ඇතිනෙ Justice League සහ Justice League Unlimited Cartoon එක. ඒකෙ ඉන්නෙ Jay Garrickවත් Barry Allen flashවත් නෙවෙ එහෙනන් කවුද ? ඊලග කොටසෙන් අපි දැනගමු ඒ කවුද කියලා.

History of the flash ( 2 කොටස )

10881559_1522339684715705_66288135591088413_n

පලවෙනි කොටසෙන් අපි jay garrick සහ barry allen ගැන කතා කරානෙ (පින්තූරය 1). ඒකෙ අන්තිමට මම කිව්වා justice league cartoon series එකේ හිටපු flash barryවත් jayවත් නෙවේ කියලා. ඒත් කවුද ඒකේ flashට හිටියෙ ?
මතකද young justice cartoon series එකේ හිටපු flashගෙ සහයකයා. Kid flash ( පින්තූරය 2 ) එහෙමත් නැත්තන් wally west. ඒත් මෙයා ඇයි flash උනේ ? ඒකට උත්තර දෙන්න කලින් අපි බලමු wallyට කොහොමද එයාගෙ powers ලැබෙන්නෙ කියලා. Wally දවසක් එයාග මාමා barryගෙ lab එකට ගියාම wallyට අකුණක් වැදුන ඒ වෙලාවෙම එයාගෙ ඇගට chemical වගයක් වැටුනා. හෝව් හෝව් දැන් ඔයාලා හිතනව ඇති මේ සිද්දිය උනේ barryටනෙ කියලා. Wallyට එයාගෙ powers හම්බෙන්නෙ barryට හම්බුනා වගේමයි. හම්මෙ මගෙන් අහන්න එපා ඇයි කියලා. ඒත් new 52 universe එකේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් new 52 එහෙමත් නැත්තන් earth prime එකේ wallyට powers ලැබෙන්නෙ barry අනාගතෙන් ආපු barryත් එක්ක fight කරද්දි speed force එක wallyට එකතු වීමෙන්. ඒත් ඇයි kid flash, flash උනේ ? Dc universe එකේ ලොකු event එකක් තිවුනා crisis on infinite earths කියලා 1985. මේකෙදි වෙන්නෙ barry මුලු universe එකම බේරගන්න එයාගෙ ජීවිතේ දෙනව. කෙලින්ම කියනවනන් barry මැරෙනව. මේක නිසා තමා wally flash වෙන්නෙ මොකද මේ ලෝකෙට flash කෙනෙක් ඕන හින්දා central city එකට flash කෙනෙක් ඕන හන්දා. මේ නිසා තමා jla cartoon series එකේ wally ඉන්නෙ barry වෙනුවට(පින්තූරය 3). ඕ බයවෙන්න එපා barry ඇත්තටම මැරුනෙ නෑ. එයා speed force එකේ හිර වෙලා හිටියෙ කාලයක්. Speed force එක නිසා තමා barry , wally මේ හැමෝම වේගෙන් දුවන්නෙ. කොහොමහරි flash rebirth comic එකෙන් barryව ආපහු ගෙන්නනව. හම්මේ අදට ඇති පෝන් එකෙන් කොටන හින්දා අමාරුයි ගොඩක් ලියන්න ඒක හින්දා 4 වෙනි flash ගැන වෙන දවසක කතා කරමු එතකන් ජයවේවා. යන්න කලින් පොඩි ප්‍රශ්නයක් අහන්නන් දන්නවනන් උත්තරේකුත් දීලම යන්න. Speed force එකට ඇතුල් වෙන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනව, ඒ ක්‍රම දෙක මොකක්ද ?

History of the flash ( 3 කොටස )

10991168_1545459755737031_2275768482874022808_n

මන් අද කතා කරන්න සූදානම් වෙන්නේ ඩීසීලගේ සුපර්හීරෝ ෆැමිලීස්වල ප්‍රධානම ෆැමිලි එකක් වෙන ෆ්ලෑෂ්ලගේ පවුලේ තවත් සාමාජිකයෙක් ගැන කතා කරන්න.. මේ බාට් ඇලන්ව ඉම්පල්ස් කියලත් අදුන්වනවා.. ඒ කියන්නේ ඉතින් කලබලකාරයා කියන එකනේ.. හැම ෆ්ලෑෂ් කෙනෙක්ම කලබලකාරයෝ නම් තමා.. කොහොම හරි දෙවැනි වරට කිඩ් ෆ්ලෑෂ්( Kid Flash ) කියන නාමය වගේම හතරවෙනි ෆ්ලෑෂ් වීමේ ගෞරවයත් බාට් ඇලන්ට හම්බු වෙනවා..
ඇලන් කියන නම තියෙන නිසාම කට්ටියට තේරෙනවනේ බැරීගේ නෑදෑයෙක් කියලා.. ඒත් ඒ නෑදෑකමට හුගක් වයසයි.. ඇත්තටම බාට් එන්නේ අනාගතයෙන්.. 30වෙනි ශතවර්ෂයේ ඉදන්.. මේ එන්න හේතුව ගැන කියනවනම් පොරගේ ඇගේ ෆ්ලෑෂ් ගතිය පොඩි කාලේ වැඩියි.. කොල්ලට අවුරුදු 2ක් වෙද්දි මෑන්ට අවුරුදු 12ක කොල්ලෙක්ගෙ පෙනුම තමා තියෙන්නේ.. ඒත් වැඩ කෑලි දාල බාර්ට්ගේ මාන්සික තත්වයත් එයාගේ වයසට සමානව ගේනව.. ඒත් කොල්ල අනිවාරයෙන්ම ඉක්මනට වයසට ගිහින් මැරෙනවා.. බාට්ගේ දෙමාපියෝ වෙන්නේ ඩොන් ඇලන් සහ මෙලෝනි ත්වේන්.. පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු පවුලක පුරුකක් තමා බාර්ට්.. ඩොන් කියන්නේ Tornado Twins ලගෙන් එක්කෙනෙක්.. අපි බාර්ට්ගේ අම්මගේ පැත්තෙන් බැලුවොත් කොල්ල එන්නේ supervillain පරම්පරාවකින්.. ඩේමියන් වගේ..
Professor Zoom සහ Cobalt Blue ඇරුනම බාර්ට්ගේ අර්ධ සහෝදරයා වෙන්නේ Owen Mercer දෙවෙනි Captain Cold. කොල්ලට පුදුම පවුල් පරිසරයක් තියෙනව කියල තේරෙන්න ඇතිනේ.. අපේ යාලුවෝ දන්නවනේ ත්වේන්ල ඇලන්ලට වෛර කරන බව.. ත්වේන්ල බාර්ට්ව මරන්න උත්සහ කරනවා මේ හේතු දෙක නිසා බැරීගේ වයිෆ් Iris බාර්ට්ව වර්ථමානයට ගෙනල්ලා වොලීට දෙනව කොල්ලව පුරුදු කරන්න කියලා.. මන් විශ්වාස කරනවා මේ ටික තේරුනා කියල කට්ටියට..
බාර්ට් හුගක් දුරට වැඩ කරන්නේ Wally West- Flash ගේ සයිඩ් කික් එක විදිහට.. ඒ කියන්නේ කිඩ් ෆ්ලෑෂ් විදිහට.. ඒ වගේම බාර්ට් තමන්ගේ ආරූඬ නාමය විදිහට Impulse කියන නම භාවිත කරනවා.. Max Mercury එක්ක බාර්ට්ව Manchester, Alabama වලට වොලී යවනවා.. ඒ වගේම තමන්ගේ සම්බන්ධතා භාවිතා කරල බාර්ට්ට උප්පැන්න සහතික වගේ ඒවත් හදල දීල කොල්ලව Manchester Junior High එකේ 9 පන්තියට ඇතුල් කරනවා..ඔය කාලය ඇතුලත මැක්ස් බාර්ට්ව පුරුදු කරනව.. ඔය කාලය අතරේ තමා බාර්ට් Young Justice එකේ founding member කෙනෙක් වෙන්නේ.. Young Justice එකෙන් පස්සේ Teen Tatans එකේ සාමාජිකයෙක් වෙන බාර්ට් ඇලන්ට ඩෙත්ස්ට්‍රෝක්ගෙන් වෙන තුවාලයක් නිසා කොල්ලට කෘතිම කකුලක් යොදා ගන්න වෙනවා.. ඒත් ඒකත් එක්ක උනත් බාර්ට්ට ආලෝකයේ වේගයේන් දිවීමේ හැකියාව තියෙනවා..
Teen Titans ල හුග දෙනෙක්ව SuperBoy Prime විසින් මැරුවට පස්සේ ට්‍ර්ට්, වොලී වෙස්ට්, ජේ ගැරික් එක්ක එකතු වෙලා උපරිමම වේගයෙන් ස්පීඩ් ෆෝස් එකට දුවනවා. අන්තිමේදී ජේ දුවන එක නවත්තනවා වගේම වොලීව නොපෙනී/වාෂ්ප වෙලා යනවා.. ඉතුරු වෙන බාර්ට් සුපර්බෝයි ප්‍රයිම්ව ස්පීඩ්ෆෝස් එක ඇතුලට ඇදගෙන යනවා.. එතන්දි ස්පීඩ් ෆෝස් එක ඇතුලේ ඉන්න බැරී ඇලන්, ජොනී ක්වික්, මැක්ස් මර්කියුරි වගේ ස්පීඩ් ෆොස් එකේ හිර වෙච්ච අය ඔක්කොම උදවු වෙනව සුපර්බෝයි ප්‍රයිම් එක්ක සටන් කරන්න.. මේවයින් පස්සේ ජෝනි ක්වික් කියනව ස්පීඩ් ෆෝස් එක අතුරුදහන් වෙලා කියලා.. කොහොම හරි මෙතනින් එලියට එන්නේ හුගක් වැඩුණු බාර්ට් ඇලන් කෙනෙක්.. කොහොම හරි එලියට ඇවිත් සුපර්බෝයි ප්‍රයිම්ව පරද්දනව බාර්ට් අන්තිමට තනියෙන්.. ඊට පස්සේ හතර වෙනි ෆ්ලෑෂ් බවට පත් වෙන බාර්ට් villain කණ්ඩායමක් අතින් මරණයට පත් වෙනවා.. ඒ මරණයට පත් වෙන්නේ ජීවිත මිලියන ගණනක් බේරා ගනිමින්..
ඒත් ආයෙත් Braniac 5 ගේ උදව්වෙන් නැවතත් සුපර්බෝයි ප්‍රයිම්ව පැරදවීමේ අවශ්‍යතාවයක් ඇති වෙන නිසා බාර්ට්ට ස්පීඩ්ෆෝස් එකෙන් ගැලවිලා එන්න පුලුවන් වෙනවා.. කොහොම හරි ක්ලාක් කෙන්ට්, බාර්ට් ඇලන්, බ්‍රේනියැක් 5 කියන තුන් දෙනා එකතු වෙලා සුපර්බෝයි ප්‍රයිම්ව නැවතත් Earth 1 එකටම යවනවා.. ඊට පස්සේ එයා ආයෙත් වර්තමානයටම එනවා.. මේක හුගක් රසවත් කතාවක් උනත් කියන්න හැකියාවක් නිසා මන් දැන් Impulse ගේ ශක්තීන් සහ හැකියාවන් ගැන කතා කරන්නම්..
බාර්ට්ට එයාගේ පවුලේ හැමෝටම වගේ හුගක් වේගයෙන් දුවන්න පුලුවන්.. ආලෝකයේ වේගයෙන් දිවීමේ හැකියාවක් තියෙනවා වගේම ස්පීඩ් ෆෝස් එකට ඇතුලු වීමට තරම් වේගයෙන් දුවන්නත් බාර්ට්ට පුලුවන්.. ඒ වගේම වේගවත්ම ෆ්ලෑෂ් වොලීට පස්සේ වේගවත්ම ෆ්ලෑෂ් ලෙස සලකන්නෙත් බාර්ට්.. ඒ වගේම සුළිසුළං නිර්මාණය කිරීම, ජලය මත දිවීම, ඝන ද්‍රව්‍ය හරහා ශරීරය කම්පනය කිරීම තුලින් ගමන් කිරීම වගේ ඕනෙම ස්පීඩ්ස්ටර් කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් කරන්න පුලුවන්.. ඒ වගේම එයාටම ආවේණික හැකියාවන් කිහිපයකුත් තියෙනවා.. එයාට scouts ල වශයෙන් ස්පීඩ්ෆෝස් එකේ ඉන්න අවතාර නිර්මාණය කිරිමේ හැකියාවකුත් ඒ අයව timestream එක හරහා යැවීමේ හැකියාවකුත් බාර්ට්ට තියෙනවා.. ඒත් ඒක බහුලව එයා භාවිතා කරන්නෑ.. මොකද වරක් මේ scout කෙනෙක්ගේ මරණය නිසා බාර්ට් කෝමා තත්වයට පත්වුනා..ඒ වගේම බාර්ට් කාලයේ සිදුවන විවිධ වෙනස්වීම් වලට රෙසිස්ටන්ට්.. ඒ වගේම photographic memory එකක් තියෙන බාර්ට්ට තමන්ට අහපු, දැකපු, කියවපු ඕනෙම දෙයක් ඉක්මනින් මතකයට නගා ගැනීමෙ හැකියාවක් තියෙනවා.. ඒ වගේම තමන්ගේ අත් හුගක් වේගයෙන් කරකැවීම මගින් තරංග නිපද්වීමේ හැකියාවකුත් බාර්ට්ට තියෙනවා.. ආ ඒ වගේම කියන්න ඕනෙ අර බාර්ට් ස්පීඩ් ෆොස් එකෙන් එලියට එන වෙලාවේ පොර එන්නේ ස්පීඩ්ෆොස් එකත් අරගෙනමයි.. ඒ කියන්නේ බාර්ට් තමා ස්පීඩ් ෆෝස් එක.. මුලින්ම ඒක කන්ට්‍රොල් කරන්න බැරි උනත් පස්සේ ඒක කන්ට්‍රොල් කරන්න කොල්ල පුරුදු වෙනවා.. ඒත් ෆ්ලෑෂ්ගෙ මරණෙන් පස්සේ ආයෙත් ස්පීඩ්ෆෝස් එක තිබ්බ විදිහටම හරි ගැස්සෙනවා.. ඊට අමතරව සුපිරි සවිබලයක් (Superhuman Stamina) වගේම Accelerated Healing Factor එහෙකුත් හැම ෆ්ලෑශ් කෙනෙක්ටම වගේ තියෙනවා.. ඒ වගේම බාර්ට් එක පාරක් විතරක් පාවිච්චි කරපු Bio-Fission කියන පවර් එකත් තියෙනවා.. ඒ කියන්නේ මෑන්ට එයා වගේ තව කෙනෙක් නිර්මාණය කරන්න පුලුවන්.. මේ නිර්මාණය කරන ඩුප්ලිකේට් එක බාර්ට්ගේ හැම අණක්ම පිළිපදිනවා වගේම ඒ අණ පිළිපැදලා ඉවර උනාට පස්සේ නැති වෙලා යනවා.. ඒත් මේ ඩුප්ලිකේට් එකක් මැරුනම බාර්ට්ට හුගක් දරුණු ශාරීරික වේදනාවක් එන නිසා ඒ පවර් එක එයා ආයෙත් යූස් කරන් නෑ.. සුපිරි ශක්තියක් නම් බාර්ට්ට නෑ.. සාමන්‍ය මන්ෂ්‍යයෙකුගේ ශක්තිය තමා බාර්ට්ට තියෙන්නේ.. ඒ වගේම විශේෂිත දුර්වලතාවයක් ගැනත් අද වෙනකම් නම් සදහන් උනේ නෑ..
හැමදෑම හොදම කොමික්ස් දෙන ඩීසීලගේ තවත් හොදම ස්ටෝරියක් තියෙන බාර්ට් ගැන ලියපු ලිපිය ඉවර වුනත් තවත් හොදම සුපිරි වීරයෝ සහ දුෂ්ටයෝ ගැනත් ලිපි පෙලක්ම සූදානමින් තියෙනවා පේජ් එකෙ පළ කරන්න.. ඔය ගොල්ලොන්ගේ යාලුවන්ව පේජ් එකට ඉන්වයිට් කරන විදිහටත් පේජ් එක ශෙයාර් කරලා අපි මේ කරගෙන යන වැඩේට ශක්තියක් වෙන්න කියල ඉල්ලා සිටිනවා
#Percy_Jackson

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434?fref=nf)
Comic Script (144 Posts)


8 thoughts on “History of the flash ( 1-2-3 කොටස් )

  • March 21, 2017 at 9:24 AM
    Permalink

    මටනම් මේක කියෙවුවට පස්සේ පිස්සු වගේ’

  • January 6, 2015 at 8:08 PM
    Permalink

    4 වෙනියා Bart Allen. Berry Allen ගේ මුණුපුරා.

  • January 4, 2015 at 6:52 PM
    Permalink

    ස්තුතියි යාළුවා. සැහෙන්න දෙයක් ෆ්ලෑෂ් හාදයා ගැන දැනගත්තා.

    ඉස්සර ට්ව එකෙත් ෆ්ලෑෂ් කතාවක් ගියා මට මතකි. අර රතුපාට මස් පිඩු තියන ඩයල් එකක් ඉන්නේ… අන්න එක..

    දෙවැන්නත් ඉක්මනින් ගෙන්න..

    ජය වේවා!

  • January 3, 2015 at 1:01 PM
    Permalink

    හොඳ ලිපියක් සහෝ. හුඟක් දේවල් දැනගත්තා. 2 වෙනි කොටහත් ඉක්මණින්ම දෙමු!

  • January 2, 2015 at 11:31 AM
    Permalink

    බොහොම ස්තුතියි සහො දැනුවත් කිරීමට.

  • January 2, 2015 at 11:19 AM
    Permalink

    නියම පොස්ට් එක සහෝ මමත් මේකට ටිකක් add කරන්න ඕනා……කමක් නෑ නේද????

    සහෝදරයා මම කියන්න යන දේට speed force එකත් සම්බන්දයි…

    http://www.comicvine.com/speed-force/4015-42071/

  • January 2, 2015 at 11:16 AM
    Permalink

    flash eyage uparima speed ekata laga unama speed force ekata yanna puluwan kiyala hithanawa….

  • January 2, 2015 at 9:10 AM
    Permalink

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.
    දිගටම මේ වගේ පෝස්ට් දෙන්න.
    ජයවේවා!!!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *