Tom Hanks භාරදූර රංගනයක!

මේ වසරේ අග භාගයේ නිකුත් වූ ‘Cloud Atlas (2012)’ චිත්‍රපටයෙහි දැක්වූ රංගන දායකත්වයෙන් පසු Tom Hanks යළි වරක් සිය රංගන කෞශල්‍යය විදහා පාන්නටයි හදන්නේ. ඒ එසේ මෙසේ චරිතයකින් නම් නොවෙයි. සැකිලි රූ ලොව රජු ලෙස කිරුළු පළන් Walt Disney ලෙසයි.

‘Mary Poppins (1964)’  Disney සමාගම නිෂ්පාදන බර පැන උසුලපු 1964, තිරගත වුණු අති සාර්ථක නිර්මාණයක්. මෙම නිර්මාණයට පාදක වුණේ P.L. Travers නම් ලේඛිකාව මෙනමින් ලියූ පොතක්. ඇය ඕස්ට්‍රේලියානු සම්භවය ඇත්තියක්. මේ Mary Poppins කියන්නේ ළමා කතා පෙළක එන චරිතයක්. අරුම පුදුම හැකියාවන් සහිත මායාකාර කිරිමවක්(Nanny) තමා මේ කියන චරිතය. එම පොත් පෙළ ඇසුරින් සිනමාවට නැගුණු මේ සිනමා සිත්තම එදා ලබපු Oscar සම්මාන ගණන 05ක්. ඒ හොඳම නිළිය/ හොඳම සිනමා සංස්කරණය/ විශිෂ්ටතම සංගීත භාවිතාව/ හොඳම ගීතය සහ හොඳම දිසිමායාවන් සඳහා වන සම්මානයන්.

ඒ කෙසේ වුණත් මේ චිත්‍රපටය හදන කාලේ බොහොම හැලහැප්පීම් ගොන්නක් මේ ආශ්‍රිතව සිදු වෙලා තිබෙනවා. මේ නිෂ්පාදනය ගැන කියැවෙන්නේ ගැටළුකාරී තත්ත්වයක් ඇති කළ නිෂ්පාදනයක් විදිහට. ඒ කොහොම වෙතත් මේ නිෂ්පාදනය කෙරෙහි බල පෑ කලබලකාරී වතාවරණය සහ එහි රචිකාවිය වෙත කේන්ද්‍රගතව මෙම චිත්‍රපටය ගොඩනැගෙන බව සැලයි. ඒ අනුව මෙය “ජීවිතකතා(Biopics)” ගණයට අයත් සිනමා නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකියි.  Saving Mr. Banks (2013)’ නම් වන මෙම චිත්‍රපටයෙහි Travers ලෙසින් Emma Thompson රංගනයෙන් දායක වනවා. ඒ හැරුණුකොට Collin Farrell සහ Paul Giamatti ද එකතු වෙනු ඇති.

‘The Blind Side (2009)’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ John Lee Hancock අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන මෙම චිත්‍රපටයෙහි, එක්සත් ජනපදය සඳහා නියමිත නිකුතු දිනය සඳහන්ව ඇත්තේ 2013 දෙසැම්බර් 20 ලෙසටයි. මේ වනවිට මෙහි රූගත කිරීම් කෙරෙමින් පවතිනවා. මේ දක්වා ඇති සෙවෘව(සෙව්රුව-Photo) පසුගිය දිනෙක Disneyland නරඹන්නට ගිය රසිකාවියකගේ කැමරාවක සටහන් වෙලා තියෙන්නේ එම දර්ශනතලයේදීයි.

උදා (217 Posts)


One thought on “Tom Hanks භාරදූර රංගනයක!

  • November 19, 2012 at 8:05 AM
    Permalink

    ela ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *