Lucy චිත්‍රපටය තාත්විකද?

2677822-zz73

මොළයේ භාවිතාව ගැන දශක ගණනාවක් කීවේ එක් කතාවකි. එනම් අප මොළයෙන් භාවිත කරන්නේ එහි පරිමාවෙන් ඉතා අඩු කොටසක් බවයි. ඕකට අපේ එවුන් එක එක කතා කීවේය. සමහරුන් කීවේ බුදු හාමුදුරුවෝ මොළයෙන් 100% භාවිත කලා යැයි කියාය. මොළයේ භාවිතාව ගැන නූතන වෛද්‍ය විද්‍යාත්මක මතය වෙනස් වූවකි. එනම් අපේ සමස්ත මොළයම ක්‍රියාකාරී වේ. ආදරයේදී මොළයේ කොටසක සිදුවන රසායනික විපර්යාසයකින් එම කොටස් උත්තේජනය වේ. ඔබ මොළයක් ස්කෑන් කලොත් ඒ පුද්ගලයාගේ කායික හා මානසික ක්‍රියාකාරීත්වය මත මොළයේ විවිධ කොටස් උත්තේජනය වන බව දැකගත හැකියි.

5703_TPT_00016R_720

මොළය කියන්නෙ පරිණාමයෙන් හම්බෙච්ච දෙයක් මිසක් දෙවියො දුන්න දෙයක් නෙමෙයි. භාවිතයෙන් ජිරාෆ්ගෙ බෙල්ල දිග් වුනේ නෑ වගේම භාවිතයෙන් සේපියන් සේපියන්ගෙ මොළය වෙනස් වෙලත් නෑ. මෙම ලුසී නම් විද්‍යා චිත්‍රපටයේ මෙය හදුනාගෙන තිබුනා. නමුත් චිත්‍රපයෙ කියන විදිහට සමහර සතුන්ට මොළය පිහිටා තිබෙන අතර ඒවාට පිවිසීමේ හැකියාව අනුව ඔවුන්ගේ බුද්ධිමට්ටම් වෙනස් වේ. ඒ මතය වැරදියි කියලා කියන්න පුලුවන් හේතු තියනවා. සතුන් පරිණාමයේදී උන්ගේ සිරුර පරිණාමය වෙනවා වගේම උන්ගෙ මොළයත් පරිණාමය වෙනවා.(පරිණාමය වෙනවා කිව්වාම ඒකෙ තේරුම වෙනස් කියන එක නං නෙමේ. වරණය වෙලා ඒ කියන්නෙ මැරිලා මැරිලා ඉතුරු වෙනවා වගේ වැඩක්.) සතුන්ව දෙවියො මැව්වෙ නැත්තං, එනම් පරිණාමය උනා නං තමාට ඇතුල් විය නොහැකි තමාගේම අක්‍රියව පවතින මොළයේ කොටසක් පැවතිය හැකිද? මම කියන්නෙ මොළය පරිණාමය උනාට මොළයට අහසින් අංග එකතුවෙන්න බෑ. මොළයෙ හැම කොටසක්ම වරණය මගින් ඉතුරු වෙලා තියන දේවල්. ඇත්තටම අපි පරිණාමයේදී සමහර දේවල් අතහරින නිසා අපගේ සමහර ශරීර කොටස් භාවිතයට නොගත්තත් ඒවා අපිට පෙර මානවයාට භාවිත කිරීමට සිදුවෙලා තියනවා. නමුත් මේක වෙනස්. මේකෙ ඇයට හමුවෙන්නෙ අලුතෙන්ම මොළයට ආපු අංග ටිකක්.

Lucy-2014-Movie-Poster-Wallpaper

අනිත් කාරණය මත්ද්‍රව්‍ය ශරීර ගතවීමෙන් ඇයගේ මොළය වර්ධනය වන විට සුදුවන ක්‍රියාවලියයි. ඇය ගුරුත්ව තුල පාවේ. එනම් මෙම චිත්‍රපට රචකයා කියන්නේ මොළය මායාකාරී දෙයක් බවයි. එසේ විය හැකිද? කිසිම දෙයක් වුනත් විය හැකිද? අවකාශය කාලය බවට පත්විය හැකිද?

lucy-scarlett-johansson-picture

කාලය යනු අංශු සංකල්පයකි. එයින් කියන්නේ ද්‍රව්‍යන්ගේ චලිත වෙනස පිළිබඳවය. චලිත වූ ද්‍රව්‍යක් තුල ආපස්සට යාම මිනිස් හඟීම් මත සිරවූ විකෘති චින්තනයක් පමණි.

lucy-hd-wallpaper

Shakila Praveen (6 Posts)


21 thoughts on “Lucy චිත්‍රපටය තාත්විකද?

  • July 16, 2016 at 1:43 AM
    Permalink

    parinamaya unath api bhawithayata ganne nathi apita wadakuth nathi anga thiyenawa. undukapuchchiya e wage ekak

  • December 17, 2014 at 7:37 PM
    Permalink

    mamath obage adahasata ekathui……sama film ekak sadahaama manda;ayak innawa……anith eka e e films walata cat wen karala thiyenawa…..e cat walin apita denne adarsha, adahas, saha thawath dewa……

  • December 17, 2014 at 7:34 PM
    Permalink

    atheethaya boruwak wunath aththak wunath apita e pilibadawa kisidaa danagatha nohaki wei….100% pirunu molayak nathi ekek ipadune nathoth……

  • December 15, 2014 at 1:13 PM
    Permalink

    meka waradi wicharayak. meka wenna puluwan deyak.

  • December 12, 2014 at 3:38 PM
    Permalink

    budu hamuduruwo kiyapu dewal boru nowe kiyalai man kiyanne. mokada kalin boru kiyala hithapu dewal widyawen hoyagaththata passe aththa kiyala piligannawa. unwahanse kiyapu hama detama wenne oya tika kiyalai man nam hithanne. owa widayathmakawa oppu una data hamoma pili gani.

  • December 10, 2014 at 10:36 PM
    Permalink

    මම චිත්‍රපටය හොද නෑ කියනවා නෙමෙයි. මේක විචාරයක් විතරයි.

  • December 10, 2014 at 10:11 PM
    Permalink

    එක උත්තරයයි දෙන්න තියෙන්නෙ.

    මම නං එහෙම හිතන් නෑ. මොකද චිත්‍රපට තියෙන්නෙ රසවින්දනයට විතරක්ම නෙම්. ඒවගෙ අපිට ඉගෙන ගන්න දේවලුත් තියනවා. මොනවා උනත් නැතත් හැම විද්‍ය ප්‍රබන්දයකින්ම වගේ අපිව හිතන්න යොමු කරනවා. ග්රැවිටි එකේ වැරදි හොයන්න ගිහින් ලෝකෙම ගොඩක් දේවල් ඉගෙනගත්තා කියලා මම හිතනවා. ලුසීත් අපිව තවත් කෝණයකින් හිතන්න යොමු කරනවා.

    මම චිත්‍රපටය හොද නෑ කියනවා නෙමෙයි. මේක විචාරයක් විතරයි.

  • December 10, 2014 at 10:00 PM
    Permalink

    මාත් ප්‍රනීත් චින්තකගේ මතයට එකගයි.

  • December 10, 2014 at 9:57 PM
    Permalink

    මමත් ඔයාගේ මතයට එකයි සහෝ.මේ සලරුව විද්‍යා ප්‍රබන්ධයක්.මම හිතන විදිහට ප්‍රබන්ධ රචකයට නිදහස තියෙනවා ඔහුට ඔහුගේ නිදහස් මතය ඔහුට කැමැති විදිහට පොතක් හරහා හෝ සලරුවක් හරහා එලි දක්වන්න.මොකද විශේෂයෙන්ම මොළය ගැන අපි හැමෝම දන්නදේට වඩා නොදන්න දේ වැඩි එ නිසා මේවගේ ප්‍රබන්ද හරහා අපිට නව මානයක් විවර වෙනවා.අනිත් කරනේ තමා මේ සලරුවේ ඉදිරිපත් කරන සිදුවීම වෙන්න බැ කියල නිශ්චිතවම කියන්න අපිට කියන්න බැහැ.වෙනත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.නමුත් වෙන්න බැහැ කියන මතයේම ඉන්න එක මම දකින විදිහට වැරදි.අපි නිදහස් මනසකින් මේවගේ දේවල් බලන්න ඕන.අපි හැමෝටම අපේම කියල මතයක් තියෙන්න පුළුවන් එක ඇත්ත.මම උදාහරණයක් කියන්නම් හිතන්න ආතර් සි ක්ලාක් මහතා ගැන ඔහු කොච්චර ප්‍රබන්ද රචනා කලාද මීට අවුරුදු කිහිපයකට කලින් අපිට එ දේවල් සිහින විතරයි. නමුත් වර්තමානය වෙනකොට එ සමහර දේවල් යථාර්තයක් බවට පත්වෙලා.අනිත් දේවලුත් අනාගතයේදී සැබෑ වෙන්න පුළුවන් කාටද එහෙම වෙන්නේ නැ කියල නිශ්චිතවම කියන්න පුළුවන්.

    lucy සලරුව අරහා අපිට හිතන්න නවතම මාර්ගයක් පෙන්නලා දීල තියෙනවා අපිට මොළය දියුණු කිරීම මගින් මේ සලරුවේ පෙන්නන දේවල් කරන්න බැ තාත්වික නැ කියල නිශ්චිතවම කියන්න බැහැ.මොකද අපි තමා එ ගැන හරියටම දන්නේ නැ.වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අනාගතේ දවසක අපිටහරි අපේ අනාගත පරම්පරාව හරි එ දේවල් හරියටම හොයාගන්න පුළුවන් වේවි.

    මම හැමෝටම ආරාධනා කරන්නව මේ සලරුව බලන්න.අදුරු කාමරයක තනියම එක දිගට එක හුස්මට බලන්න.එතකොට තමා බොක්කටම වදින්නේ.ඊට පස්සේ ටිකක් නිදහසේ හිතන්න.හිතල අපිටත් කියන්න.(කිසිම ආගමක් මේකට ගාවගන්න නැතුව ඉන්න එක තමා හොදම දේ)

  • December 10, 2014 at 11:25 AM
    Permalink

    මම හිතන්නෙ ඔයා අදහස් දක්වන්න උත්සහ කරලා තියෙන්නෙ විමාට දාපු reply එකට,
    මම කියන්නෙ අතීතය බොරුවක් කියලා නෙමේ. අතීතය කියන්නෙ අතීතයේ උනා කියලා අපි දන්න දේට. අපි ඇත්තටම දන්නෑ ඒවා ඇත්තද බොරුද කියලා

  • December 10, 2014 at 11:24 AM
    Permalink

    මම නං එහෙම හිතන් නෑ. මොකද චිත්‍රපට තියෙන්නෙ රසවින්දනයට විතරක්ම නෙම්. ඒවගෙ අපිට ඉගෙන ගන්න දේවලුත් තියනවා. මොනවා උනත් නැතත් හැම විද්‍ය ප්‍රබන්දයකින්ම වගේ අපිව හිතන්න යොමු කරනවා. ග්රැවිටි එකේ වැරදි හොයන්න ගිහින් ලෝකෙම ගොඩක් දේවල් ඉගෙනගත්තා කියලා මම හිතනවා. ලුසීත් අපිව තවත් කෝණයකින් හිතන්න යොමු කරනවා.

    සමහර චිත්‍රපට තියෙන්නෙ විනෝද වෙන්න විතරයි. සමහර ඒවා හිතලා තරක කරන්න පුලුවන් මට්ටමේ ඒවා.

    ලුසීගෙ වැරදි වලින්හරි ග්රැවිට් මූවි එකේ වැරදි වලින් හරි අපිව විද්‍යාත්මකව සිතන්න යොමු කරනව නම්, සමාජ සංවාදයක් හදනව නම්, එවැනි සමාජ සංවාදයක් සමාජයේ ව්‍යාප්ත වෙනවා නම් ඒ සමාජය කොහොම මාර්ගයක ගමන් කරනු ඇතිද?

  • December 10, 2014 at 11:24 AM
    Permalink

    අතීතය අපිට ලේසියෙන් අමතක කරන්න බෑ. ඒත් ඉතිං අපි අතීතයේ බොරුවට එල්ලිලා ඉන්න ඕනෙත් නෑ. අනාගතයට අත්තිවාර්ම අතීතය තුලින් වැටුනත්, අප අතීතයේ හැටියට අනාගතය ගොඩ නැගීම එතරම් හොද දෙයක් නෙමේ.

    මම හිතන්නෙ ඔයා අදහස් දක්වන්න උත්සහ කරලා තියෙන්නෙ විමාට දාපු reply එකට,
    මම කියන්නෙ අතීතය බොරුවක් කියලා නෙමේ. අතීතය කියන්නෙ අතීතයේ උනා කියලා අපි දන්න දේට. අපි ඇත්තටම දන්නෑ ඒවා ඇත්තද බොරුද කියලා.

  • December 10, 2014 at 11:05 AM
    Permalink

    කොවුර්ගෙ පොත් ටිකක් කියවලා බලන්න. පාවෙන ඒවා මවන ඒවා හොල්මන් පෙන්නන ඒවග‍ෙ ඇත්ත කතාව ටිකක් තේරුම් ගන්න පුලුවන්. චිත්‍රපටයක් ගැන කියන්න කිහින් මෙතන මම හේතුවාදියෙක්, ද්‍රව්‍යවාදියෙක්, මාක්ස් වාදියෙක් වෙන්න සිදුවීම ගැන සමාවෙන්න. මාගේ මතය අනුව නම් මිනිසෙකුට මානසික බලයකින් පාවෙන්න බෑ. එහෙම කරලා තියන ඔක්කොටම වඩා හොදට මැජික් කියන්නෙ ඇස්බැන්දුම් වලට විතරයි කියන ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් හොදට පාවෙලා පෙන්නන වීඩියෝ තියනවා.

    මත්ද්‍රව්‍ය භාවිතයෙන් මොළයේ රසායනික වෙනස්වීම් ඇති වෙනවා. ඔබේ මොලයේ කොටස් උත්තේජනය කිරීමට එයින් හැකි වෙනවා. වේගයෙන් දුවන්න නම් මොළයේ යම් කොටසක සිදුවන වෙනස් වීමකින් ඇතිවන උත්තේජනයකින් ශරීරයේ එම කොටස්වලට රුධිරය හෝ අදාල ද්‍රව්‍ය ගලනය වී දිවීමේ හැකියාව වැඩි වෙනවා. අපි බය වුනාම හා තරහ ගිහාම ඇඩ්ඩ්‍රිනලීන් ස්‍රෑවය වෙලා වේගයෙන් දුවන්න පුලුවන් වෙනවා. ඉතිං ඒක මත්ද්‍රව්‍යකටත් කරන්න පුලුවන්. යම් මත්ද්‍රව්‍යක් මගින් අප මෙලවදී කිසිදා ලැබිය නොහැකි රසාස්වාදයක් ලබන්න පුලුවන්, එමගින් සිදුවන රසායනික විපර්යාසයෙන් අපිට අත්දකින්න පුලුවන්. ඉතිං එකෙන් මොළයේ උත්තේජනයන් කලාට වෙනස්ම දෙයක් කරන්න බෑ.

    මොනවා උනත් නැතත් හැම විද්‍ය ප්‍රබන්දයකින්ම වගේ අපිව හිතන්න යොමු කරනවා. ග්රැවිටි එකේ වැරදි හොයන්න ගිහින් ලෝකෙම ගොඩක් දේවල් ඉගෙනගත්තා කියලා මම හිතනවා. ලුසීත් අපිව තවත් කෝණයකින් හිතන්න යොමු කරනවා.

    සමහර චිත්‍රපට තියෙන්නෙ විනෝද වෙන්න විතරයි. සමහර ඒවා හිතලා තරක කරන්න පුලුවන් මට්ටමේ ඒවා.

    ලුසීගෙ වැරදි වලින්හරි ග්රැවිට් මූවි එකේ වැරදි වලින් හරි අපිව විද්‍යාත්මකව සිතන්න යොමු කරනව නම්, සමාජ සංවාදයක් හදනව නම්, එවැනි සමාජ සංවාදයක් සමාජයේ ව්‍යාප්ත වෙනවා නම් ඒ සමාජය කොහොම මාර්ගයක ගමන් කරනු ඇතිද?

    ඔයා හරි විද්‍යා ප්‍රබන්දයක, චිත්‍රපටයක මෙන්ම නූතන විද්‍යාෙව්ත් අඩුපාඩු තියනවා.

  • December 9, 2014 at 11:02 PM
    Permalink

    ඇත්තටම කිව්වොත් බයිස්කෝප් මංසල හරහා හැමදාමත් මම දැක්කේ චිත්‍රපට විස්තර ඉදිරිපත් කරන ලිපි පමණයි.
    ඒත් ඇත්තටම මම අද දැක්කා බොහෝම වෙනස් ලිපියක්.
    එකිනෙකට විවිධාකාර වගේම, එකිනෙකට පරස්පර මත පිහිටන මාතෘකාවක් කියලා කියන්න පුළුවන්.
    මේ වගේ ලිපියක් ලියපු එක මම අගය කරනවා.
    ඇත්තටම දාපු කමෙන්ටු දැම්මාම මගේ අදහසත් මෙතන අකුරු කරලා යන්න හිතුනා.

    ආගමික මත පවා මේකට ඇතුලත් කරගෙන තිබුණා. අනිවාර්යෙන්ම මේ ගැටලුව දිහා මම කලින්ම කිව්වා වගේ බොහෝමයක් කෝන වලින් බලන්න පුළුවන්. ඒ වගේම දෙවියෝ ලෝකේ මැව්වා කියන මතයට නම් මමත් එකඟ වෙන්නේ නෑ. කොහොම වුනත් ලිපියේ තිබුණා වගේ මොලයේ භාවිතා නොකරන කොටස් තියෙනවාද? කියන එකට නම් පිලිතුර ඔව් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි විද්‍යාත්මත පරීක්ශණ වලින් ඒවා බොහෝම හොඳින් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම මානසික තරංග මගින් භෞතික ද්‍රව්‍ය සෙලවීම (telekinesis) කියලා එකකුත් මේ ලෝකයේ තියෙනවා. ඒ වගේම තමයි ඒවා තියෙනවා කියලා නූතක විද්‍යාවෙන් 100%ක් පිලිගන්නවා. ඒත් ඒවා 100% තාම විද්‍යාත්මකව ප්‍රත්‍යක්ශ කරගන්න පුළුවන් වෙලා තියෙනවා ද? පිලිතුර තමයි “නෑ“ කියන එක. ඒත් එහෙම සිදුවීම් තියෙනවා නම් මානසිකව සහ භෞතිකව උත්තේජිත විපර්යාසයකට ලක්වෙන මොලයකට බැරිද තමුන්ගේම ශරීරය ගුරුත්වයට එරෙහිව ඔසවා ගන්න? ඒ වගේම තමයි බෞද්ධ මතය අනුව ඍධි බලයෙන් තම භෞතික කාය පොලවෙන් ඉහලට ඔසවන්න පුළුවන් කියලා තිබුණා. ඇත්තෙන්ම එහෙම කරන්න පුළුවන් කියලා පිලිගත හැකි, ඒ වගේම කිසිම ලෙසකින් දෘශ්‍ය ප්‍රයෝග භාවිතා නොකරපු බවට පිලිගත් වීඩියෝ පට අන්තර්ජාලයේ තියෙනවා.

    මොලයේ භාවිතා නොකරන කොටස් තියෙනවා ද?
    =================================

    මට විද්‍යාත්මකව සාධක දක්වන්න තරම් බුද්ධිමත් බවක් නෑ. නමුත් අපි හිතමු කවුරුහරි මොනාහරි මත්ද්‍රව්‍යක් ගත්තා කියලා. එවිට විවිධ මත්ද්‍රව්‍ය වලින් ඇතිවෙන වෙනස්කම් බොහෝමයි, විවිධාකාරයි. කෙනෙක් පියවි සිහියෙන් අමාරුවෙන් දුවන දුරක් එම කෙනාටම මත්වෙලා වේගයෙන් පහසුවෙන් දුවන්න පුළුවන් වෙනවා නේද? ඒ වගේම තවත් කෙනෙකුට නිර්මාණාත්මක සංකල්පනා ඇතිවෙනවා කියලා දන්නවා. ඒ වගේම තමයි තවත් කෙනෙක් වලියටත් යනවා. අන්න ඒ විදියට පියවි සිහියෙන් ඉන්නවාට වඩා නැති ගතිගුණ රසායන ද්‍රව්‍ය වලින් උත්තේජනය වෙලා මතු වෙනවා. එතකොට අපිට පිලිගන්න වෙනවා ඒ කෙනා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කලිනුත් මොලේ ඒ කොටස් තිබුණා කියලා. නමුත් අපිට ඒවාට හරියන උත්තේජනයන් අපි සපයා ගෙන නෑ. (මම කියන්නේ ඒකට බොන්න කියලා නෙමෙයි 🙂 ) අපිට පුළුවන් ඒවාට උත්තේජනයන් පුහුණුව මගින් ලබාගන්න. විද්‍යාඥයින්ගේ මතයක් තියෙනවා “මොලය කියන්නේ පේශියක් කියලා (මෙහි අදහස පේශියක උපමාවකි) . මේ පේශිය නිතර භාවිතයෙන් අපිට විද්‍යාවෙන් හිතා ගැනීමටත් නොහැකි අරුම පුදුම දේවල් කරන්න පුළුවන්“ කියලා. මෙයින් හිතාගන්න පුළුවන් නූතන විද්‍යාඥයින්ට පවා මොලය පිලිබඳ නිරාකරණය ගැනීමට නොහැකි අභිරහස් තිබෙන බවයි. එනම් අවුරුදු මිලියන ගානකටත් වඩා කාලයක ඉඳන් පරිණාමය වීගෙන එන මොලය, මෑතකදී නවීකරණය වීගෙන එන විද්‍යාව මගින් අනාවරණය කරගත නොහැකි බව අවිවාදිතයි.

    කොහොම වුනත් මේක ෆිල්ම් එකක්. ඒක නිසා අනිවාර්යෙන්ම මේකේ අතිශෝක්තිමය කොටස් තියෙනවා. ඒ වගේම තමයි මේ කතාවේ අඩුපාඩු නොතිබෙනවා කියලා පිලිගන්නත් බෑ.

  • December 9, 2014 at 10:30 PM
    Permalink

    “විද්‍යා ප්‍රබන්ධ” කියන ඒවා තාත්වික විය යුතුම නෑ කියලයි මම හිතන්නේ. එහෙම බැලුවොත් අපි බලන විත්‍රපටි වලින් 99%ක්ම තාත්වික නෑ තමයි. ඔය දෙමල/හින්දි/තෙලිගු චිත්‍රපටි වල උනත් දුෂ්ඨයෝ පාවෙන සීන් තියෙනවනේ ඕන තරම්.. අනිත් එක පරමානු බෝම්බයක් පිපිරුවත් වීරයා බේරෙනවා.. හැබැයි ඉතිං එහෙම උනා කියලා ඒ චිත්‍රපටි රසවින්දනයට බාධාවකුත් නෑ. අපිත් ආසයි චිත්‍රපටියේ වීරයා එක පාරක් ගැහුවම හතර පස් දෙනෙක් විසි වෙනවනම්.. එහෙම නැත්නම් අමුතු බලයක් වගේ එකක් වීරයට තියෙනවනම්… ඒ නිසා ලුසී චිත්‍රපටිය හදපු අය තාත්වික භාවයට වඩා අපේ රසවින්දනට මුල් තැන දෙන්න ඇති.. (මේ මට හිතුන දේවල් ටිකක් විතරයි ඈ.. )

  • December 9, 2014 at 9:06 PM
    Permalink

    Aththatama, me wage lipiyak wadagath……mata danena vidihata oba katha karala thiyenne movie eka gana nemei kiyala…….kese wethath aagama saha warthamaanaya therum ganna bari ayata meka hugak vatinawa………lankaawe hugak kashtiya aaagama saha warthamanaya kiyana 2ka pataawagena inne…….mage mathaya hatiyata atheethaya kiyanne kisima wadakata nathi deyak…..habai, eya apita awashya wana mothak thiyenna puluwan……kese wethath atheethaya aaawarjanaya kireema yanu anaaagathaya vinaasha kara ganeemaki…….mama kiwwe mage hithata aaapu de……mokak hari waraddak thiyenawanam reply karanna…….

  • December 9, 2014 at 9:06 PM
    Permalink

    Aththatama, me wage lipiyak wadagath……mata danena vidihata oba katha karala thiyenne movie eka gana nemei kiyala…….kese wethath aagama saha warthamaanaya therum ganna bari ayata meka hugak vatinawa………lankaawe hugak kashtiya aaagama saha warthamanaya kiyana 2ka pataawagena inne…….mage mathaya hatiyata atheethaya kiyanne kisima wadakata nathi deyak…..habai, eya apita awashya wana mothak thiyenna puluwan……kese wethath atheethaya aaawarjanaya kireema yanu anaaagathaya vinaasha kara ganeemaki…….mama kiwwe mage hithata aaapu de……mokak hari waraddak thiyenawanam reply karanna…….

  • December 8, 2014 at 9:37 PM
    Permalink

    මමත් ඔයාට එකගයි.

  • December 8, 2014 at 4:03 PM
    Permalink

    මේ ලිපිය ද්‍රව්‍යවාදී අදහසක්. ආගමික දෘශ්ඨිකෝණයකින් බැලුවොත් මේක පරස්පර වෙන්න පුලුවන්. බෞද්ද ආගමේ ඉතිහාසය කියන විදිහටම ලෝකය තේරුම් ගන්න බෑ. ඉතිහාසය කියන්නේ අතීතයේ වීලු කියන දෙයක් මිසක් සැබෑම අතීතය නොවේ. මගේ මතයට අනුව ස්වාමීන් වහන්සේලා තම ධර්ම ප්‍රචාරය පහසුවට, ගෞරවය වැඩි කිරීමට ගොඩනගපු ප්‍රපංච ගොඩක් බෞද්ධ ඉතිහාසයේ තියනවා. සැභෑ ලෝකයේ මායාව කියන්නෙ බොරුවක් විතරයි. කාටවත් තාම ඒක ඔප්පු කරන්න බෑ. බෞද්ධ දර්ශනයට මා ගරු කලත් ආගම නිසා අප අන්ධ විය යුතු නෑ. බුදු හාමුදුරුවොත් කිව්වනෙ හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්නකන් පිළිගන්න එපා කියලා.
    “ලෝකයේ දෙවියන් 10000ක් පමණ ඉන්නවා, බය වෙන්න එපා ඔබේ දෙවියන් පමණයි නිවරදි“ කියන එක ලෝකෙටම පොදු වෙන්නෙ ඇයි. අපි ආගම නිසා අන්ධ විය යුතු නෑ.

  • December 8, 2014 at 2:58 PM
    Permalink

    ඇය ගුරුත්ව තුල පාවේ. එනම් මෙම චිත්‍රපට රචකයා කියන්නේ මොළය මායාකාරී දෙයක් බවයි. එසේ විය හැකිද?

    බෞද්ද ආගමේ සිත දියුණු කිරීමෙන් සිදුකරන්න පුළුවන් දෙඅල් ගැන කියවෙනවානේ
    එතකොට පොලවට ඉහලින් ගමන් කිරීම වගේ දේවල් කරන්න පුළුවන් කියල කියවිලා තියනවා
    ඒ දේ මෙතනට අදාල කරගන්න බැරිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *