The Maze Runner | තම ජීවිතය දෙපයට බාරදීම

කොහොමද යාලුවනේ… මම  අද නම් අරන් ආවේ මේ වෙනකොට තිරගත වෙමින් පවතින සලරුවක්. මේ සලරුව ගැන කියනවනම් මේක ටිකක් වෙනස්.වෙනස් ටිකක් කියුවට ටිකක්ම නෙමේ ගොඩක් වෙනස් සලරුවක් කියලයි. මට නම් හිතෙන්නේ. එ තමා The Maze Runner .

PfcKTb3

මේ සලරුව නිකුත් උනේ 2014 September 19 .මේ වෙනකොට ඇති සාර්ථක විදිහට මේ සලරුව රටවල් රාශියක තිරගත වෙනවා.IMDb අගය 7.3 ලෙස තමා සටහන් වෙන්නේ.වාර්තා රැසක් පිහිටවන්නත් මේ සලරුව සමත් වෙලා තියෙනවා.

maze_runner2

මේක Direct කරන්නෙ  Wes Ball .මෙහි තිර රචනයෙන් දායක වෙන්නේ Noah OppenheimJames Dashner විසින් 2009 වසරේදී රචිත නවකතාවක් තමා මේ සලරුවට පාදක වෙලා තියෙන්නේ. බෙදාහැරීමේ දායකත්වය සපයන්නේ 20th Century Fox  සමාගම.රංගනයෙන් දායක වෙන්නේ Dylan O’BrienKaya ScodelarioThomas Brodie-SangsterWill Poulter,Ki Hong Lee යන පිරිස.

The-Maze-Runner

මේ සලරුව ගැන ටිකක් කියනවනම් පරණ විදුලි සොපනයකින් පිට්ටනියකට පොලොව යට ඉදන් පැමිණෙන තරුණයෙකුගෙන් තමා කතාව පටන් ගන්නේ.මේ තරුණයාට කිසිම දෙයක් මතක නැ. ඔහුව පිළිගන්නෙත් ඔහු වගේම තරුණ පිරිසක්.මේ පිරිස ඉන්නේ විශාල උස් යකඩ බිත්ති වලින් වටවුන පිට්ටනියක.එ යකඩ ගේට්ටු අමුතු විදිහකට ඇරෙන්න වැහෙනව.ඔවුන්ට මෙතැනින් පැනගන්න නම් ප්‍රෙහෙලිකාවක් වගේ තියෙන කොටස ( ඔයාලට මතකද Harry Potter 4 – Goblet of Fire ෆිල්ම් එකේ හැරී මුනදෙන අවසාන task එක අන්න එවගේ ටිකක් )  පහු කරන්න ඕන.එක පහු කරන්න පුළුවන් හොදට දුවන්න පුළුවන් කෙනෙක්ට විතරයි.මොකද කොයි මොහොතක යකඩ දොරවල් ඇරෙයිද වැහෙයිද කියන්න බැ. මේ තැනින් පැනගන්න උත්සහ කරන විදිහ වගේම මේ පිරිසට මුහුණ දෙන්න වෙන අබියෝග ගැන තම මේ සලරුවෙන් දිග හැරෙන්නේ.

pvhIvTb

මටනම් trailer එක බැලුවට පස්සේ හිතුනේ මේ ෆිල්ම් එක හරියට Game එකක් වගේ කියල.ඔයාලත් Trailer එක බලලම තිරණය කරන්නකෝ.අනිත් කරනේ තමා මේ සලරුව පටන් ගැන්මක් විතරයි කියල දැනගන්න ලැබෙන්නෙ.එ කියන්නේ ඉදිරියටත් මේ සලරුවේ තව කොටස් අපිට බලාගන්න පුළුවන් වෙයි.

screen-shot-2014-03-17-at-8-50-48-pm

මේ සලරුව තිරගත වීම පටන් ගත්තේ 2014  September 19 . 2014 November 12 වෙනකොට උතුරු ඇමරිකාවේ පමණක් $100 079 000 උපයල තියෙනවා. 2014 November 12 වෙනකොට ඔක්කොම රටවල් වලින් උපයල තියෙන මුළුමුදල $230 000 000 වෙනවා.

still-of-thomas-brodie-sangster,-will-poulter-and-dylan-obrien-in-the-maze-runner-(2014)-large-picture

අන්තිමට ඔයාලට දෙන්න තියෙන සුබ ආරංචිය තමා 2014 December 16 වෙනිදට Blu-ray වගේම  Region 1DVD  නිකුත් කරන්න එ අය බලාපොරොත්තු වෙන බවයි දැනගන්න ලැබුනේ .එ කියන්නේ december වල අපිට මේ සලරුව රස විදින්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙමු.

Kaya Scodelario _ THE MAZE RUNNER

 එහෙනම් ගිහින් එන්නම්……

The-Maze-Runner-Movie-Mazes

මධුශාන් (ගජිනි) (4 Posts)


4 thoughts on “The Maze Runner | තම ජීවිතය දෙපයට බාරදීම

  • November 25, 2014 at 9:22 PM
    Permalink

    නියමයි මේකට උපසිරැසි දෙනකන් ඉන්නේ.දැනුවත් කිිරීමට සුතූතියි සහෝ…

  • November 24, 2014 at 2:28 PM
    Permalink

    txz digataa lipi denna

  • November 22, 2014 at 6:00 PM
    Permalink

    ලිපියට තුති

  • November 22, 2014 at 9:41 AM
    Permalink

    සුපිරි ෆිල්ම් එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *