I Am Legend 2 ගැන ඇහෙන කතා ඇත්තද?

ඔබට මතක ඇති 2007 වසරේ තිරගත වූ Will Smith රඟන ‘I Am Legend (2007)’ චිත්‍රපටය. එහි දෙවැන්නක් ගැන මේ දිනවල රාවයක් පවතිනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල නොවන ආරංචි මාර්ගයකින් හෙළි වූ විස්තර ටිකක් මෙහෙමයි.

‘I AM Legend 2 (2013)’ නිර්මාණය එහි පළමු කොටස හා සම්බන්ධ වන අයුරින් කෙරෙන්නක්. නමුත් මෙය මෙහි පළමු වැන්නට පෙර සිදුවීම් අන්තර්ගත වූවක් ද? නැතහොත් එයින් පසුව සිදුවෙන සිදුවීම් අන්තර්ගත වූවක්ද? යන්න තවම පැහැදිලි නෑ. නමුත් මෙම චිත්‍රපටය 2013 වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති බවක් හෙළි වී තිබෙනවා.

පෙර කී නිල නොවන ආරංචි මාර්ගය හෙළි කර තිබුණේ මෙහි දිවෙන කතාව මුල් චිත්‍රපටයට පසු සමය පදනම් කරගෙන ගොඩනැගෙන්නක් බවයි. Francis Lawrence විසින් මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදුකෙරෙන බව සහ Will Smith ගේ රංගනය මෙහි ඇතුළත් වන බවකුත් එමගින් හෙළි කර තිබෙනවා.

දන්නා තරමින් මෙය මුල් නිර්මාණයට වඩා භයංකරත්වයක් මුසු වූ එකක්. තවමත් මේ ගැන තොරතුරු නිල මට්ටමින් ප්‍රකාශයට පත් කර නැහැ. එනිසා මේ අප ඉහත දැක් වූවාට වඩා වෙනස් යමක් මෙහි අඩංගු වන්නටත් පිළිවන්. ඒ කියන්නේ මේ චිත්‍රපටය මුල් සලරුවට පෙර සමය පාදක කර ගත් එකක්ද විය හැකියි යන්නයි.

කෙසේ වෙතත් 2013 වර්ෂයේදී ඔය කොයි ආකාරයකින් හරි මෙම චිත්‍රපටයේ දෙවැන්න තිරයට වැටෙයි කියන එක ගැන සෑහෙන විශ්වාසයක් තියන්ඩ පුළුවන්.

උදා (217 Posts)


2 thoughts on “I Am Legend 2 ගැන ඇහෙන කතා ඇත්තද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *