The Mortal Instruments: අමරණීය මෙවලම් රූපවාහිනියට එන ලකුණු!!!

the_mortal_instruments_background_by_kim_beurre_lait-d6kvyy2

Cassandra Clare නම් ඇමරිකානු ජාතික සුප්‍රසිද්ධ ලේඛිකාව විසින් රචිත The Mortal Instruments පොත් ගොන්නේ පළමු වැන්න අපි හැමෝම දන්නා හැටියට The Mortal Instruments: City of Bones 2007 දී ප්‍රකාශයට පත් වුනා. එය සිනමා පටයක් ලෙස නිර්මාණය වෙන්නේ 2013 වසරේයි. ඒ The Mortal Instruments: City of Bones (2013) නම් සිනමාපටයයි. ඒ ගැන මෙතනින් සහ මෙතනින් වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

1377181184-presentation-of-the-movie-the-mortal-instruments-city-of-bones_2478370

මේ කියන්න යන්නේ එහි දෙවන කොටස වන City of Ashes ගැනනම් නෙවෙයි. එම සිනමාපටය නිපදවීම දින නියමයකින් තොරව කල්ගිය බැවින් Cassandra Clare ගේ පොත් වල නිල අයිතිය හිමි Constantin Film නිෂ්පාදන ආයතනය මේ වන විට The Mortal Instruments නැවත නිර්මාණයක් සමඟින් රූපවාහිනී තිරයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. එහි නිෂ්පාදන කටයුතු ලබන වසරේ ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.

calendar1

Constantin Film හි ප්‍රධානී Martin Moszkowicz පවසා සිටිනුයේ මෙවැන්නකි,

“It actually makes sense to do (the novels) as a TV series. There was so much from the book that we had to leave out of the Mortal Instruments film. In the series we’ll be able to go deeper and explore this world in greater detail and depth.”

mortal-instruments

බොහෝ දුරට මෙය CW නාලිකාව ඔස්සේ විකාශයට Martin Moszkowicz සිය කැමැත්ත පළකර තිබේ. ඔහු පවසන්නේ cw හි supernaturalThe OriginalsThe Vampire Diaries වැනි සාර්ථක, ජනප්‍රිය කතා ගොන්න තුලට මෙයද එක්වනු ඇති බවයි.

The-Mortal-Instruments-City-of-Bones-banner

තවමත් නිල වශයෙන් පවසා නොමැති වුවත් ලබන වසර මැද හෝ අග වන විට මෙම කතා මාලාව දැකගැනීමට රසිකයන්ට හැකිවනු ඇත.

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

One thought on “The Mortal Instruments: අමරණීය මෙවලම් රූපවාහිනියට එන ලකුණු!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *