Transformers 4 ට අලුත් මූණක්…

මෙතෙක් කලක් ‘Transformers 1, 2, 3 පුරා දු‍ටු මිනිස් මූණ වෙනස් කරලා එහි නවතම චිත්‍රපටය සඳහා වෙනත් මූණක් එක්කාසු කරගෙන තියෙන බවක් තමයි දැනගන්ඩ තියෙන්නේ. මෙතෙක් කලක් Autobots දුෂ්ටයන් සහ වීරයන් අතරේ ගැ‍ටුමට මැදි වෙලා හිටියේ Shia Labeouf නෙ. ඒ වෙනුවට කාගෙත් ප්‍රසාදය දිනපු දන්න කියන මූණක් මිනිස් වීරයා හැටියට අරගෙන එන්ඩ පියවර අරං.

Shooter (2007)/ Max Payne (2008)/ ‘The Fighter (2010)’ වගේ චිත්‍රපට හරහා ඔබට සමීප වුණු; ඒවගේම මේ වසරේ නිකුත් වුණු Ted (2012) චිත්‍රපටයෙන් සුපිරි රංගනයක නිරත වුණු මේ පුද්ගලයා ගැන ඔබට අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ. ඔහු Mark Wahlberg. දැනට වයස 41ක් වෙන මේ සුපිරි රංගන ශිල්පියා ඉදිරි වසරවලදී තැනෙන්නට යන මෙම චිත්‍රපට සඳහා යොදා ගැනෙන බව එහි අධ්‍යක්ෂක Michlael Bay විසින් සහතික කොට තීබනවා.

කොහොම වුණත් තවමත් නමක් තීරණය කර නොමැති මේ නවතම “පරිණාමකයෝ(Transformers)” චිත්‍රපටය 2014 වසරේ ජුනි 27, අලුත් ලාංඡනයකුත් සහිතව එළි දකින්නට නියමිතයි. ඉහත රූපයේ දක්වා තිබෙන්නේ ඒ අලුත් ලාංඡනය තමයි. ලාංඡනය වගේම අලුත් සිනමා නිර්මාණයත් නැවුම්ම නැවුම් ගතියක් දරනු ඇති කියල අපි බලාපොරොත්තු වෙමු.

උදා (217 Posts)


3 thoughts on “Transformers 4 ට අලුත් මූණක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *