ආයෙමත් Star Wars බලමු!

මේ මාසයේ 02 වැනි දා; සිනමා ලෝකය උඩු යටිකුරු කළ, මහා සංකල්ප සිනමාවට කැන්දන් ආපු George Lucas ගේ Lucasfilm Ltd. නිෂ්පාදන ආයතනය Disney සමාගම යටතට පත් වුණා. ඒ ඔවුන් ඩොලර් බිලියන 4.05ක මුදලකට එය මිලට ගත්තු නිසා. Lucas හදාපු, සිනමා ලෝකයේ ඔහුගේ සලකුණ බවට පත්වුණු, ‘Star Wars’ කියන්නෙ වතාවක් “Holly-Wood” හි ගැළවුම්කරුවා බවට පත් වුණු චිත්‍රපට මාලාවක්. අපි බලමු මෙවර එය කොතෙක් දුර යාවිද කියලා. ඒ කෝක වෙතත්, ‘Star Wars’ රසිකයින්ටනම් මේක හොඳ ආරංචියක් වෙයි.

ඔවුන්(Disney සමාගම) මේක(Lucasfilm Ltd.) අරගෙන තියෙන්නේ තවත් අලුත් ‘Star Wars’ චිත්‍රපට තුනක් නිපදවීමේ අදහස ඇතුව. ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ මින් පළමුවැන්න 2015 ජුලි 15 වැනිදා එක්සත් රාජධානියේදී මුල්වරට ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන්නයි. ‘Little Miss Sunshine (2006)’ චිත්‍රපටයේ තිර රචක Oscar සම්මානලාභී Michael Arndt මේ චිත්‍රපට තුනෙහිම දිවෙන සිදුවීම් පෙළ කැටි කරපු පි‍ටු 50ක සංග්‍රහයක් ලියල ඉවරයි. ඒ ඇසුරින් ගොඩ නැගෙන මේ කතා ත්‍රිත්වයේ පිටපත් ඉදිරි කාලයේ Brad Bird, J.J. Abrams සහ Steven Spielberg යන අධ්‍යක්ෂකවරුන්ගේ මේස උඩ තියෙයි කියලයි දැනගන්ඩ තියෙන්නේ.

මේ ඇරුණහම ‘Indiana Jones’ චිත්‍රපට ප්‍රතිනිර්මාණය කිරීමක් හෝ ඉදිරියට ගෙන යාමක් සිදු කරන්නටත් ඉඩ ඇති බවට පොඩි රාවයක් තියෙනවා. ඒ ගැනත් විස්තර ඉදිරි කාලයේ ගෙන එන්නට හැකි වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

උදා (217 Posts)


One thought on “ආයෙමත් Star Wars බලමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *