Revolution (විප්ලවය ) TV Series එක පිළිබද වෙනස් කියවීමක්.

Revolution-555x250

මම මෑතකදී අහම්බෙන් බලන්න ලැබුණු tv series එකක් තමා revolution කියන්නේ…කොහොම නමුත් මගේ හිත තදින් එකට ඇදිල ගියා.කොච්චරද කිව්වොත් මට season 2 එක download කරලා සම්පුර්ණයෙන්ම බලන්න ගියේ දවස් දෙකයි. එතෙන්දි පරිපුර්ණ උපසිරැසි මාලාවක් නිකුත් කරලා තිබුන baiscopelk අඩවියටත් රොයිලි සහෝදරයාටත් ඒ පිළිබද විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි.

Revolution-S1E14-555x250

මේ tv series එක දවස් 5-6 වැනි කෙටි කාලයක් තුල බලපු නිසාදෝ කොහෙද මට කතාවේ සමස්තය බොහොම කෙටි කාලයක් තුල දකින්න පුළුවන් වුනා. විශේෂයෙන්ම season 2 හි සෑම කොටසක් තුලම යම් දේශපාලනික හා අන්තර්ජාතික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කලාපයහි සෙවනැලි වැටි තිබුන කියන එකයි මගේ හැගීම. ඒ වගේම පුද්ගල වශයෙන් ගත්තම ඒ ඒ පුද්ගලයා තමන්ගේ වාසියට පිල් මාරු කිරීම ඉතාම මැනවින් සිනමාරුපිව ඉදිරිපත් කිරීමට revolution නිර්මාපකයෝ සමත් වෙලා තියෙනවා කියන එකයි මගේ හැගීම. විශේෂයෙන්ම සෙබෙස්තියන් මොන්රෝ හා ටොම් නෙවිල් චරිත හරහා මට සිහි වෙන්නේ වර්තමානයේ අපේ රටේ සිටින සමහරක් දේශපාලන නායකයින්. ඔවුන් බලය ලබා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සුදානම්..

Revolution-Season-3-Episode-4-Recap-Patriot-Games-Patriots

කතාංගයෙදී දේශප්‍රේමින් නමින් හදුන්වන පිරිස තම අරමුණ වෙත යාමට ගෙන යනු ලබන ක්‍රියා මාර්ගය වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියා පටිපාටියට බොහෝ දුරට අදාලයි. විශේෂයේනම් රටවල් රටවල් අතර නොමැති අර්බුධ ඇති කර ඒ වෙත මැතිහත් වෙමින් තම බලය පැතිරවීම වර්තමාන ඇමෙරිකාවේ අන්තර්ජාතික ක්‍රියා කලාපයේ ප්‍රධාන පියවරක්. මෙහි කතාවේ එන දේශප්‍රේමින්ද ඇමෙරිකා එක්සත් ජනපද ධජය භාවිතා කිරීම ඇත්තටම හාස්‍යට කරුණක්. ඒ වගේම එක්සත් ජනපද න්‍යාය පත්‍රය එදිරියට ගෙන යාමට සැම තැනම අනුගාමිකයන් සිටීම , තම න්‍යාය පත්‍රය ඉටු කිරීමෙහිලා ජිවිත පරිත්‍යාගය , උඩින් පෙන්වන න්‍යාය පත්‍රයට වඩා යටින් රහසිගත ජාතික න්‍යාය පත්‍රයක් ඔවුන් සතු වීම වගේ ගොඩක් දේවල් කතාවෙන් මැනවින් චිත්‍රණය වෙනවා. මම මේ කියපුව පොඩ්ඩක් හිතල බලන්න.ඕගොල්ලන්ටත් හිතෙයි එක ඇත්ත කියල.

Revolution-season-2

කතාව අවසාන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ අර කනාමැදිරියන් කොහාට යන බව පෙන්වන්නේද? ඔවුන්ගේ අරමුණ කුමක්ද? මා සිතන පරිදි Revolution කතා මාලාවේ දරුණුම තැන එයයි. එක කණාමැදිරියන්ගේ අරමුණ ඔවුන්ට සිතැගි පරිදි ලෝකය පාලනය කිරීමයි. මුළු ලෝකයම ඔවුන්ගේ අනුගාමිකයන් කර ගැනීමට ඔවුන්ට අවශ්‍යය.ඒ සදහා කණා මැදිරියන් තෝරාගන්නේ කාවද ? දේශප්‍රේමින් නොහොත් එක්සත් ජනපදිකයන්…. ඉදින් වර්තමානයේද එවැනි රහසිගත කණාමැදිරි පාලනයක් නොපවතිනවා යැයි කිවහැක්කේ කාටද?……………

884ee990031842d6c25767a6b83090c2

මහිෂංක බොතේජු (1 Posts)


One thought on “Revolution (විප්ලවය ) TV Series එක පිළිබද වෙනස් කියවීමක්.

  • September 25, 2014 at 9:50 AM
    Permalink

    හොද අදහසක් මිත්‍රයා………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *