විශ්වයේ ආරක්ෂකයින්ගේ දැවැන්ත සම්ප්‍රාප්තිය

කාලයක්ම ඇවෙන්ජර් විශ්වයේ හිටිය මාර්වල් සමාගමට තවත් රන් ආකරයක් පෑදිලා තියෙනවා. මාර්වල් සමගම තම තවත් කොමික් කතාවක් වුන Guardians of the Galaxy මෙම මස (අගෝස්තු) පළමුවනදා සිනමා රසිකයින් සඳහා තිරගත කිරීම ආරම්භ කරා. මාර්වල් සමාගම සිතුවාටත් වඩා දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක්වූ මෙය මේ වන විට හොලිවුඩ්හි දැවැන්තම සිනමාපටයක් වී අවසන්._1402499092

කිසිවෙක් නොසිතූ ලෙස මංගල දර්ශනයෙන් පමණක් ඩොලර් මිලියන 94.3ක ආදායමක් උපයාගන්නට මෙය සමත් උනා. එය මේ වසරේ සිනමාපටයක් මංගල දර්ශනයෙන් ලද තෙවැනි වැඩිම ආදායමයි.

  • ට්‍රාන්ෆොමර්ස් 4 සිනමාපටය ඩොලර් මිලියන 100
  • කැප්ටන් ඇමෙරිකා 2 සිනමාපටය ඩොලර් මිලියන 95ක් ලබාගෙන පිලිවෙලින් පළමු සහ දෙවන තැන් ලබාගෙන තිබෙනවා.

_1402498970

මේ වන විට එය මේ වනවිට ඩොලර් මිලියන 251,884,000ක අදායමක් ලබාගෙන තිබෙනවා. එමෙනම් වසරේ ඇමරිකාව අතුල වැඩිම අදායම ලද සිනමාපටය වන කැප්ටන් ඇමෙරිකා 2 (ඩොලර් මිලියන 259) පසුකිරීමට මෙම සිනමාපටයට තවත් ඇත්තේ ඩොලර් මිලියන කිහිපයක පරතරයකි. එමෙන්ම පෙබරවාරි සිට තවමත් දෙවන තැන රැඳී සිටින ලෙගෝ මූවි සිනමාපටයද මේ නිසා තෙවන තැනට වැටීමට ආසන්නව ඇත. තවමත් තිරගත වී මාසයක්වත් ගත නොවූ නිසා මෙම සිනමාපටය එම කඩයිමද ජයගනු ඇති බව පෙනී යනවා.

_1402499110

උතුරු ඇමරිකාවේ සිනමාශාලා 4,088ක මේ වනවිට තිරගත වන මෙය මේ වසරේ ඇමරිකාවේ වැඩිම අදායම් ලද සිනමාපට අතර තෙවැනි තැන ලබාගෙන තිබෙනවා. ඒ  කැප්ටන් ඇමෙරිකා 2 සහ ලෙගෝ මූවි යන සිනමාපට දෙකට පිටුපසින්ය. ඩොලර් මිලියන 243ක් ලබා මේ වසරේ ඇමරිකාවේ තෙවන ආදායම මෙන්ම ලෝ පුරා තිරගත කිරීමෙන් මේ වසරේ ඩොලර් බිලියනයේ ආදායම පසුකල එකම සිනමාපටය වූ ට්‍රාන්ස්ෆෝමර් සිනමාපටය පවා පරදා යාමට මේ සිනමාපටයට හැකි විය.

10476381_615030601945299_5026408164898052439_o

මේ නිසා මේ වනවිට මාර්වල් සමගම මෙහි දෙවන කොටස නිපදවීමට කසිම බියකින් තොරව තීරණය කර තියෙනවා. බොහෝ දුරට 2017/2018 අතර මෙය ගෙනඒමට ඔවුන් තීරණය කර තියෙනවා. ඩිස්නි සමාගමද මේ තීරණයට එකඟ වී තිබෙන්නේ මෙවැනි රන් ආකරයක වටිනාකම මැනවින් දැනගත් නිසාය. මේ නිසා ඉදිරියේදී මෙය සිනමාපට මාලාවක් බවට පත්වනු ඇත.

10462887_10152634827243313_7577807249661181305_n

 

මේ වසරේ මේ සතිය ආරම්භ වන විට උතුරු ඇමරිකාවේ බොක්ස් ඔෆිස් වාර්තා මෙසේය

Capture

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

3 thoughts on “විශ්වයේ ආරක්ෂකයින්ගේ දැවැන්ත සම්ප්‍රාප්තිය

  • August 30, 2014 at 10:07 PM
    Permalink

    Ane apita ikmanatama meka dennakoooo

  • August 28, 2014 at 9:15 AM
    Permalink

    ‍අම්‍‍මෝ, ‍මේ‍ක‍ට ‍ගි‍ය ‍ක‍ලක්‍.
    ‍එ‍හෙ‍නම්‍ ‍ත‍වත්‍ ‍චිත්‍ර‍ප‍ට ‍මා‍ල‍ව‍ක ‍
    ආ‍රම්‍‍භ‍ය ‍මෙ‍සේ ‍ස‍නි‍ටු‍හන්‍ ‍වි‍ය .
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍දැ‍නු‍වත්‍ ‍ක‍ලා‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  • August 27, 2014 at 9:13 AM
    Permalink

    net ekata enakm iwasum nathuwa…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *