වසරේ පළමු බිලියනපති සිනමා නිර්මාණය

what-did-you-think-5e343328-9ed0-4429-ae60-a34b6f383e57

මයිකල් බේ නැවත වරක් තමන්ගේ සාර්ථකත්වය ලොවටම පෙන්වා අවසන්. ඔහුගේ මේ වසරේ සම්ප්‍රාප්තිය සිදු කළ දැවැන්ත සිනමා නිර්මාණයක් වූ Transformers: Age Of Extinction එහි දැවැන්ත බව සක්සුදක් සේ පෙන්නුම් කරමින් මේ වසරේ මුල්ම බිලියනපති සිනමාපටය වීමට මේ වන විට සමත්ව තිබෙනවා.

Michael Bay
Michael Bay

මේ වන විට ලොව පුරා සමස්ථ අදායම ලෙස එය ඩොලර් බිලියන 1.005 ක් හෙවත් $1,005,326,510ක අදායමක් උපයාගෙන තිබෙනවා. එය ඇමරිකාව තුල ඩොලර් මිලියන 241.2ක් සහ අන්තර්ජාතිකව ඩොලර් මිලියන 763.8ක් ලෙස දැක්වෙනවා.

hr_Transformers-_Age_of_Extinction_42

 

විශේෂත්වය වන්නේ මේ ආදායම ට්‍රාන්ස්ෆෝමර් සිනමාපටයක් ලද දෙවෙනි බිලියනයේ ආදායමයි. මෙයට පෙර පැමිණි තෙවන අදියර වූ 2011 පැමිණි Transformers Dark of the Moon සිනමාපටයද බිලියනයේ ආදායම පසුකර යාමට සමත් වූවා. එය $1,123,794,079ක අදායමක් උපයනු ලැබුවා.

transformers-age-of-extinction

 

මේ වන විට මෙය ඩොලර් මිලියන 300ඉක්මවා යමින් චීනය තුල වැඩිම අදායම ලද සිනමාපටයට වී ඇත.

Paramount Pictures හට මයිකල් බේ මේ වන විට රන්  ආකාරයක් වී අවසන්. ඒ ඔහු විසින් මේ වන විට ඒම ආයතනයට ඩොලර් බිලියන 6 ඉක්මවූ ආදයමක් ගෙන දී අවසන්. විශේෂයෙන්ම එයින් ට්‍රාන්ස්ෆෝමර් සිනමාපට දෙකක් ඩොලර් බිලියන 2 ඉක්මවූ ආදායමක් ගෙන දී ඇත. එමෙන්ම 2007 පැමිණි Transformers ඩොලර් මිලියන 700ක් සහ 2009 පැමිණි Revenge Of The Fallen ඩොලර් මිලියන 830ක් උපයාදෙනු ලැබුවා

transformers-age-of-extinction-8

 

මේ නිසා පැරමවුන්ට් සමගම මයිකල් බේ හට සිනමාපටයක් කිරීමට ලබාදීම ගැන කිසිම සැකයක් තබා නොගනු ඇත. එයින් කියවෙන්නේ පැරමවුන්ට් සමගම ට්‍රාන්ස්ෆෝමර් සිනමාපට පෙළ ලෙහෙසියෙන් අත නොහරිනු ඇති බවය. මක්නිසාද යත් මේ බිලියනපති සිනමාපට පෙළ සිනමා රසිකයන් කිසිදිනක අත් නොහරින නිසාය.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *