ඉදිරි දිගහැරුම (LXXXIV) – Insidious: Chapter 3 – නැවතත් දෙලොවක් අතරට (Update) පූර්ව ප්‍රචාරක පටය සමඟ

Insidious-chapter-3

ටිකක් වෙනස් ආරක අමුතු වුණත් හුරුපුරුදු තේමාවක චිත්‍රපටියක්.Insidious (2011). මේකත් එක්තරා හොරර් සන්ධිස්ථානයක් කිව්වොත් හරි. මොකද දළ-පට හමුවීම කියන තේමාවෙන් බැහැරව සාමාන්‍ය පරිදි අතිශය සාර්ථක අන්දමේ අඩු-වැය චිත්‍රපට කිරීමට හැකි බව සනාථ කර පෙන්වූ මෑත භාගෙ ආපු මුල්ම සහ හොදම චිත්‍රපටිය! මොකද $ 1.5mවියදම් කරලා $ 97m ට අධික ආදායමක් ලබන්නට මෙය හදාපු කට්ටියට හැකි වුණා..

මෙහෙම තමයි උදා සහෝ Insidious: Chapter 2 සිනමාපටය ගැන මංසලේ ලිපියේදී පළමු සිනමාපටය ගැන සඳහන් කරලා තිබුනේ.

Insidious-photograph

මේ විදියට අඩු වියදමකින් සාර්ථක ආදායමක් ලබන්නට හැකිවූ නිසාම තෙවන වරටත් Insidious සිනමාපටයක් ගෙන ඒමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙය ලබන වසරේ සිනමාවට පැමිණෙනු ඇත.

Insidious-Chapter-2-2-550x366

පෙර නිර්මාණ දෙකම සාර්ථක වීමට වැඩි දායකත්වයක් දැක්වූ  අධ්‍යක්ෂක James Wan මෙවර එයින් ඉවත්ව තිබෙනවා. ඒ ඔහු  7  වන මාරක ධාවනයේ සාර්ථකත්වය උදෙසා කැපවී සිටින. මේ නිසා මෙවර අධ්‍යක්ෂණ කාර්ය Leigh Whannell හට පවරා දී තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහු පෙර නිර්මාණ ද්විත්වයේම තිරපිටපත් රචකයා වීමයි. මෙවරද ඔහුම තිර පිටවත සකසා ඇත. එමෙන්ම ඔහු රංගනයෙන්ද දායක වේ.

Leigh Whannell
Leigh Whannell

මෙවර නිෂ්පාදන ආයතන ලෙස

  • Automatik Entertainment
  • Blumhouse Productions
  • Entertainment One ආයතන ක්‍රියාකරයි

Insidious-Chapter-3-First-Look-550x367

Dermot MulroneyHayley KiyokoStefanie ScottLin ShayeLeigh Whannell, මෙවර රංගනයෙන් දායක වේ.

insidious-chapter-3-plot-details

තවමත් කතාව කුමක්ද යන්න දක්වා නොමැති වුවත් මෙවර කතාව පෙර කතා ද්විත්වයටම වඩා පෙර කාලයකට යනු ඇති බව නිල නොලත් වාර්තා වලට අනුව පැවසේ. කෙසේ වෙතත් මෙවර කතාවද පෙර මෙන්ම සාර්ථක නිර්මාණයකට මග පාදනු ඇති බව සැලකිය හැකිය.

කෙසේ වෙතත් මෙය තිරගත වීමට 2015 මැයි 29 දක්වා ඉවසා සිටීමට සිදුවනු ඇත. නමුත් මෙයට එම කාලය තුල තිරගත වන The Avengers: Age of Ultron, Fast & Furious 7, Batman vs. Superman සිනමාපට සමඟ තරඟ වැදීමට සිදුවනු ඇත. මෙම දැවැන්ත සිනමාපට අතර Insidious: Chapter 3 හට කවර තැනක් අත්වේද යන්න දැකගැනීමට සිනමා රසිකයන් බලා සිටිනු ඇත.

[divide]

(Update)

මේ වන විට තිරගතවන දිනය 2015 ජූනි 05 දක්වා කල් ගොස් තිබෙනවා. එමෙන්ම පළමු පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබෙනවා.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

3 thoughts on “ඉදිරි දිගහැරුම (LXXXIV) – Insidious: Chapter 3 – නැවතත් දෙලොවක් අතරට (Update) පූර්ව ප්‍රචාරක පටය සමඟ

  • January 12, 2015 at 11:58 PM
    Permalink

    hithuwa chapter 3 ei kiyala.2 eka awasanen ptan annawta wda wena paththakin ptan ganna 1 sarthaka wei.thanks

  • January 11, 2015 at 3:21 PM
    Permalink

    මේ කතාව තමයි මම දැනට බලපු කතා වලින් හොඳම තත්වයේ තිබුණු කතා දෙක.
    මේ වගේම බය හිතෙන කතා තිබුණත්, මම ගොඩක්ම කැමති මේ කතා මාලාවට.

  • August 30, 2014 at 8:38 AM
    Permalink

    පික්සු හැදෙනවා. කලින් ෆිලුම් දෙකම පට්ටයි. නියම හොල්මන්. නිකන් ඔහේ කපන කොටන ඒවා නෑ. සුපිරියට බය හිතෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *