සුපිරි වීරයෝ පෝළිමේ එනවා..!

MCU කිව්වහම ඔබට අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ, නිසැකවම ඔබ දන්නවා ඇති. හරියටම කිව්වොත් ඒ තමා ‘Marvel Cinematic Universe’. එහෙම කිව්වහම ඔබට එක සැණින් සිහියට එන්නේ The Avengers/ Captain America: The First Avenger/ Iron Man – 1, 2 සහ Thor වැනි චිත්‍රපට බව අපි දන්නවා. ඒවගේම මේ MCU කට්ටිය ඉස්සරහට එළි දක්වන්ඩ තියෙන නිර්මාණ මොනවද කියල දැනගන්ඩත් ඔබ කැමැත්තෙන් ඉන්නා බවත් අපි දන්නවා. ඒ නිසාමයි ඒ ගැන විස්තර මෙහෙම ගෙනෙන්ඩ අපි කටයුතු කළේ.

ඔබ දැනටමත් දන්නවා ‘Iron Man 3′ එන වසරේ මැයි 03 වැනි දින නිකුත් වන්නට නියමිත බව. අපි එහි පෙරදසුන් ඉදිරිපත් කළා. ඊට අමතරව තව MCU චිත්‍රපට කිහිපයක්ම ඉදිරි කාලයේදී එළිදක්වන්නට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අතර ‘Thor: The Dark World’ චිත්‍රපටය 2013 නොවැම්බර් 08 වැනිදාටත්, ‘Guardians of the Galaxy’ චිත්‍රපටය 2014 අගෝස්තු 01 වැනිදාටත්, ‘The Avengers 2′ චිත්‍රපටය 2015 මැයි 01 වැනිදාටත් එළිදක්වන්නට දින නියමයන් ප්‍රකාශ කර අවසන්.

මීට අමතරව ‘Captain America: The Winter Soldier’ චිත්‍රපටය 2014 අප්‍රේල් 04 වැනිදාට තිරගත වීමට දින නියම කර තිබෙන අතරම, තවත් MCU චිත්‍රපට කිහිපයක් ගෙන ඒමට අවශ්‍ය ඉදිරි පසුබිම සැකසීමට මේ චිත්‍රපටය හරහා පදනමක් සපයනු ඇති බව සඳහන්. ඒ අතර ‘The Avengers 2′ සහ ‘Ant-Man’ මෙන්ම Captain America ගේ යුධ සමයේ දස්කම් අඩංගු චිත්‍රපටයක් ද තිබෙනු ඇති බව සඳහන්. කෙසේ වෙතත් Captain America තුන්වන චිත්‍රපටය ගැන කිසිදු ඉඟියක් මෙතෙක් සපයා නැතත්, ‘Ant-Man’ චිත්‍රපටය 2015 වසරේ නොවැම්බර් 06 දින වන විට එළි දක්වන්නට දැනටමත් කටයුතු කෙරෙන බවකුයි දැනගන්නට තිබෙන්නේ.

උදා (217 Posts)


3 thoughts on “සුපිරි වීරයෝ පෝළිමේ එනවා..!

  • November 12, 2012 at 11:20 AM
    Permalink

    ඔව් සහෝ… 😉 අපිටත් ගොඩක් දේවල් තියෙයි දෙන්ඩ… 😀

  • November 12, 2012 at 10:54 AM
    Permalink

    e kiyanne apita godak dewal tiyei balanna…………

  • November 12, 2012 at 8:50 AM
    Permalink

    Ela ela..spider man elaga eka gana thorathurak nadda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *