ඉදිරි දිගහැරුම (LX) | Mockingjay (Part 1) – රන් කුරුල්ලෝ…

The Hunger Games

පි හොඳින්ම දන්නවා, මේ වසරේ අවසානයේ තිරගත වීම් අරඹන මේ චිත්‍රපටය වෙනුවෙන් බොහෝ පිරිසක් බලාගන ඉන්නා බව. හුඟ දෙනෙක් මේ ගැන අහලා ඇති. හැබැයි මේ තාක් හෙළි වී ඇති විස්තර නම් බොහොම ටිකයි. ඉතින් ඒ නිසාම තමයි ඒ වෙනුවෙන් කෙරෙන සිහි කැඳවීමක් ලෙස විස්තර රැගත් ලිපියක් මේ විදියට ඉදිරිපත් කරන්නටත් හිතුවේ…

ID_D02_00598_R2_q74_w640_h432

2012 වසරේ පැමිණි මුල්ම චිත්‍රපටයේදී, Katniss Everdeen තමන්ගේ නැගණිය වෙනුවට 74 වැනි වාර්ෂික Hunger Games තරගයට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙලා තමන්ගේ දිස්ත්‍රික්කය වන 12න් ඉදිරිපත් වූ තරග සගයා, Peeta Mellark සමග තරගය ජයගත්තේ මුල්ම වතාවට ජයග්‍රාහකයන් දෙදෙනෙකු සහිත තරග වටයක අවසානය ඉතිහාසයට එක් කරමින්. තරගය හා සම්බන්ධ එතෙක් පැවති පිළිවෙත් සහ නියමයන් පවා වෙනස් කරන්නට වන තැනට නොවැළැක්විය හැකි සාධකයක් බවට ඔවුන් පත් වුණේ විප්ලවයක පෙරනිමිති පහළ කරගනයි.”

the-hunger-games-catching-fire (1)

2013 වසරේ ආ දෙවැන්න, විප්ලවය තවත් ඉදිරියට රැගෙන යමින්, එය ප්‍රබල ජාතික ව්‍යාපාරයක් බවට පත් වීමේ මුල් අදියර දිගහැරියා. Katniss Everdeen සහ Peeta Mellark ගේ සාමූහික ජයග්‍රහණය නිසා; අළු යට ගිනි ලෙසින් සැඟවී පැවතුණු විප්ලවය, දළු ලන ගින්නක් බවට පත් වුණා. එය මැඩලන්නට අගනුවර හෙවත් Capitol වෙතින් 75 වන තරග වාරය ලෙස සංවිධානය කෙරුණු Quarter Quell තරගයේදී පැරණි Hunger Games තරග ජයග්‍රාහකයන් අතර සංවිධානාත්මක බවක් ඇති කරමින් එතෙක් පැවති ඒකාධිකාරී අයෝමය පාලනය සුනු විසුණු කර දමන්නට අපේ කතා නායිකාව සමත්වුණේ, තරගය පාලනය කෙරෙන අදිසි බාධකයත් සමගම Capitol‘හි සියලු ආරක්ෂක උපක්‍රමත් විනාශ කරගනයි.”

the_hunger_games_mockingjay_part_1-t2

“ඔය ඉහතින් දැක්වුවේ, පෙර චිත්‍රපට දෙකෙහි සැකෙවි විස්තරයක්, එහෙනම් දැන් මෙවර කතාව ගැන පහළින් විස්තරයක් තියෙනවා. ඊට කලින් “Mockingjay(මොකිංජේ)” ගැන විස්තරයක් සඳහන් කරන්නම්. Panem රාජ්‍යයේ, මීට කලකට පෙර විප්ලවයක් ඇති වුණා. එය මැඩලීමෙන් පසු එවැනි තර්ජන වළකාලන්නට හඳුන්වා දුන් ක්‍රමය තමා,  Hunger Gemes. මේ විප්ලවය ගැන රහස් දැන කියා ගන්නට Capitol හෙවත් පාලන අගනුවර සිටි බලධාරීන්, තමන්ගේ යටතේ තිබෙන පර්යේෂණාගාරයක් යොදාගෙන එක්තරා කුරුලු වර්ගයක් ලොවට බිහි කෙරුවා. ඒ තමා “Jaberjay(ජැබර්ජේ)” කියන්නේ. මේ කුරුලු විශේෂය යොදාගන  කැරලිකරුවන්ගේ රහස් මන්ත්‍රණ සියල්ල දැනගන්නට ඔවුන් සමත් වුණා. හොර රහසින් සංවාදයන්ට සවන්දීලා ඇවිත්, ඒ සියල්ල චනයක් නෑර එලෙසම කනේ තැබීම තමයි මේ කුරුල්ලන් කෙරූ කටයුත්ත වුණේ. නමුත් මේ ගැන දැනගත් කැරලිකරුවන් මේ කුරුල්ලන්ට ඇසෙන්නට පට්ටපල් බොරු ගොතා කීම නිසා කුරුල්ලන්ගේ ප්‍රයෝජනය අහිමි වුණා, පාලන අධිකාරියට. එකක් මේ සතුන් සහ උන්ගේ හැකියාව ගැන කැරලිකරුවන් දැන ගැනීම. අනික උන් ඉන්න බව දැනගන පාලකයන් නොමග යැවීමට ඔවුන්ගේම උපාය භාවිතයට ගැනීම. එනිසා මේ කුරුල්ලන්ව වනයට අතහැර දැමුණා. පිරිමි කුරුල්ලන් විතරක් සහිත ‘ජැබර්ජේ’ වර්ගය විනාශ වී යනු ඇතැයි පාලකයන් සිතුවේ, ඔවුන්ට ජනන හැකියාව නැතැයි ඔවුන් විශ්වාස කළ නිසා. නමුත් වනයේදී “Mokingbird(මොකිංබර්ඩ්)”  වර්ගයේ ගැහැණු සතුන් හා එක්වීමෙන් නව ප්‍රභේදයක් බිහි කරන්නට ඔවුන්ට හැකි වුණා. ඒ තමා “Mockingjay(මොකිංජේ)”. මේ විශේෂයට අර හැකියාව නැතත්, ඕනෑම සතෙකුගේ හඬක් හෝ සංගීත ඛණ්ඩයක් තිතට අනුකරණය කරන්නට පුළුවනි. එනිසා මේ කුරුල්ලන්ව රහස් පණිවුඩකරුවන් ලෙසත් යොදාගන්නවා දකින්නට හැකි වෙයි. වැනසී යා යුතුව තිබූ කුරුලු විශේෂයක නව ස්වරූපයක් ගත් පරපුරක් නිසා මොකිංජේ කියන්නේ විප්ලවයේ සංකේතයක්. Capitol‘හි වැසියන් මේ කුරුලු අනුරූ සහිත පළඳනා යොදාගත්තත්, ඔවුන්ට මුහුණ දීමට වන පෙරළිකාර බලවේගය ගැන ඔවුන්ට අදහසක් වත් ඇත්තේ නැහැ.”

Hunger_Games_Karger_TOP_q74_w520_h300

“මේ වන විට අගනුවර සතුව පැවති අනෙකුත් උප නගර පාලනයට යොදාගත් අනභිබවනීය බලය බිඳවැටී හමාරයි. මෙවර කතාවෙන් Katniss Everdeen‘ගේ නායකත්වය ලබමින්, මෙතෙක් රහසක්ව පැවති 13 දිස්ත්‍රික්කයේ ජනපති Alma Coin‘ගේ සහායත්, Plutarch Heavensbee‘ගේ මෙහෙයවීමත් යටතේ සංවිධානය වන විප්ලවයේ දැවැන්ත හස්තය Gale Hawthorne‘ගේ ශක්තියත් සමග ඉදිරියට ඇදෙනවා. සමස්ත ජනතාවගේම සහාය ලබන ඔවුන්ගේ ඉදිරි ගමන වළකාලන්නටත් තම බිඳවැටෙන අණසක රැකගන්නටත් දතකන; ජනපති Coriolanus Snow තම අත්අඩංගුවේ පසුවන Peeta Mellark යොදාගන්නට සැරසෙන්නේ කෙසේ හෝ පාලනය යළි අත්පත් කරගන්නා අරමුණ ඇතිවයි. Katniss-Peeta ආදරය වෙනුවෙන් Haymitch Abernathy කෙබඳු කැපකිරීමක් කරාවිද?”

images (1)

හොඳයි, මීටනම් වඩා කිසිත් තවමත් හෙළි නොකරන්නට තරම් නිෂ්පාදක Color Force සමාගමත්, බෙදාහරින Lionsgate සමාගමත් බොහොම සූක්ෂම විදියටයි කටයුතු කරන්නේ. හුරුපුරුදු චරිත වලට අමතරව එකතු වන අලුත් චරිත කිහිපයකුත් මේ චිත්‍රපටයෙන් දැනහඳුනා ගන්න ලැබෙනවා. ඒ වගේම ඒ චරිත මේ කතාවටත් අවසන් කතාවටත් දක්වන දායකත්වය ඉතාම වැදගත් වූවක් බවත් සඳහන් වනවා.

2013_the_hunger_games_catching_fire-t1

13 දිස්ත්‍රික්කයේ ජනපති Alma Coin මුළු මහත් ජනතාවටම ශක්තිය දෙමින් විප්ලවයේ අදිසි මෙහෙයවන්නාගේ තනතුර භාර ගන්නවා. ඒ හැරුණු කොට පෙර චිත්‍රපටයෙන් හඳුනා ගත් Plutarch Heavensbee මේ කතාවේ ප්‍රධාන කේන්ද්‍රගත චරිතයක් බවට පත්වෙමින් විප්ලවය සැලසුම් කරමින් මූලස්ථානයේ මෙහෙයවීම් කටයුතු වල නිරත වන්නටත් නියමිතයි. මේ දවස එනතෙක් ඉවසීමෙන් බලා හුන් නොඉවසුම් චරිතය Gale Hawthorne‘ටත් විප්ලවයේ වැඩි බරක් පැවරෙනවා. ඒ සේරටමත් වඩා ආඥාපති ජනපති Coriolanus Snow‘ගේ ක්‍රියාකලාපය වෙතින් ඇති කරන ඝට්ටනය ඉස්මතු වනු ඇති.”

The-Hunger-Games-Catching-Fire

එහෙමනම් මම හිතන පරිද්දෙන් ඇඟිලි ගණින අයගේ ඇඟිලි කඩන තරම් නොඉවසුමක්, පූර්වාපේක්ෂාවක් ඇති කරන්නට මේ විස්තරය ප්‍රමාණවත් වෙයි. සුපුරුදු පරිදි එක්වන Jennifer Lawrence, Josh Hutcherson, Liam Hemsworth, Woody Harrelson, Philip Seymour Hoffman, Elizabeth Banks, Natalie Dormer, Stef Dawson, Willow Shields සහ Donald Sutherland සමගින් Julianne Moore, Jeffrey Wright, Jena Malone, Sam Claflin යන අය රංගනයෙන් දායක වනවා. දෙවන්නේ සිට සිව්වැන්න දක්වා අධ්‍යක්ෂණයේ බර උසුලන Francis Lawrence‘ගේ දායකත්වය එලෙසමයි. Danny Strong සහ Peter Craig තිරරචනාව සිදුකරන්නේ, Hunger Games නවකතා පෙළෙහි රචිකාවිය වන Suzanne Collins’ගේ Mockingjay නමැති තුන්වන හෙවත් අවසාන පොත මූලාශ්‍රය ලෙස ගෙනයි.

the-hunger-games-trilogy

විචාරකයන් වගේම ප්‍රේක්ෂකයනුත් බලාපොරොත්තු වන අයුරින් කලින් චිත්‍රපට දෙකටම නොදෙවෙනි, මේ තුන්වැන්නත් අලෙවි වාර්තා පිහිටුවන්නට සමත් වේවි. The Hunger Games හෙවත් පළමුවැන්න 2012 මාර්තු 23 සිට; ඇමරිකාව තුළ $ මිලියන 405කට ආසන්න මුදලක් සහ ලොව වටා $ මිලියන 700කට මදක් අඩු මුදලක් හෙව්වේ වාර්තා පිට වාර්තා තබමින්. The Hunger Games: Catching Fire නම් වන දෙවැන්න 2013 නොවැම්බර් 22 සිට; ඇමරිකාව තුළ $ මිලියන 426කට ආසන්නවත් ලොව වටා $ මිලියන 850කට මදක් වැඩි මුදලකුත් හෙව්වේ වාර්තා යළි වරක් ලියමින්. ඉතින් මේ වනවිටත් ලොව පුරා $ බිලියනයක අගයක් ඉක්ම වූ මේ සිනෙ පෙළ අවසන් වනවිට $ බිලියන 2 සීමාව පසුකරන බවට කතා දෙකක් නැති බවයි කාගේත් අදහස. හැබැයි ඒ සීමාවට යන්නට වැය කරන්නේ $ මිලියන 500කටත් වඩා අඩු මුදලක් වීම මේ සිනෙ පෙළෙහි විශේෂත්වයක් ලෙස තවත් වාර්තාවක් තියාවි.

එහෙමනම් ඉතින් අවසන් වශයෙන් කියන්නට ඇත්තේ, අපේ සොයුරෙකුගේ අතින් නිමැවුණු සිංහල උපසිරැසියක් සමගින් මෙය නරඹන්නට ඇති ඔබේ මනදොළ හොඳ පිටපතක් නිකුත් වූ බවට ආරංචියක් ලද වහාම සපිරෙන බව පමණයි. ඒ තාක් සහ සිව්වැන්නෙන් සටහන් වන අවසානය තාක් මේ සිනෙ පෙළම රසවිඳගන්නට අපත් එක්කම රැඳෙමු.

 

තිරයට එන දිනය: 2014 නොවැම්බර් 21

උදා (217 Posts)


3 thoughts on “ඉදිරි දිගහැරුම (LX) | Mockingjay (Part 1) – රන් කුරුල්ලෝ…

  • August 10, 2014 at 2:19 AM
    Permalink

    අනේ ඉතින් එනකම් සිහියක් නම් නෑ තමා

  • August 5, 2014 at 10:34 PM
    Permalink

    elz udaaaaaaaaaaaaa

  • August 5, 2014 at 8:44 AM
    Permalink

    මොනවා කියනවද. එනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. පට්ට තොරතුරු ටික. ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *