ඉදිරි දිගහැරුම (LVIII) |Insurgent (2015) – කැරලිකාරයෝ….

Divergent(1)

Divergent, Insurgent හා Allegiant කියන්නේ වෙරෝනිකා රෝත් නම් උපාධි අපේක්ෂිකාවක් විසින් ලියන ලද ජනප්‍රිය නවකතා ත්‍රිත්වයක්. මේවා තරුණ තරුණියන් අතර බොහෝ ලෙස ජනප්‍රිය උනා. මේ නිසා මෙහි පළමු කෘතිය වුනු Divergent ඇසුරින් චිත්‍රපටයක් නිපදවනු ලැබූවා.

මෙම වසරේ මාර්තු 21 දින තිරගත වුනු මෙය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. (එය සිංහල උපසිරසි සමඟ මෙතැනින් ලබාගන්න පුළුවන්.) මේ වන විට එය IMDB හි 7.3ක ඇගයුමක් ලබාගෙන තිබෙනවා. Neil Burger විසින් අධ්‍යක්ෂණය කල මෙයට Shailene Woodley, Theo James, Kate Winslet ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය. මේ වන විට ඇමරිකාව තුල පමණක් $150,832,203 ආදායමක් උපයාගෙන තිබෙනවා.

image2

“කතාව ගැන කියන්න කලින් මේ කථාවේ පසුබිම් කාල සමය ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනා. භයානක යුද්ධයකින් ලෝකයේ බොහෝ දෙනා මිය ගිය පසුත් චිකාගෝ නගරට කේන්ද්‍ර කොටගෙන, අධි ආරක්ෂිත වැටකින් ආරක්ෂිතව එක්තරා මිනිසුන් කොටසක් වෙසෙනවා. සමාජය තවත් යුද්ධයකින් ආරක්ෂා වීම පිණිස එහි නිර්මාතෲ වරුන් විසින් සමාජයට කණ්ඩායම් පද්ධතියක් හඳුනවා දෙනවා. එනම්,

  • Abnegation – පරාර්ථකාමී කණ්ඩායම;
  • Dauntless – නිර්භීත කණ්ඩායම;
  • Erudite – වියත් කණ්ඩායම;
  • Amity – මිත්‍රත්ව කණ්ඩායම;
  • Candor – නිර්ව්‍යාජ කණ්ඩායම;

යන නම් වලින් ඔවුන්ව හැඳින්වෙනවා.
මේ කණ්ඩායම් වලට පැවරෙන යුතුකම් වගකීම් මෙන්ම ඔවුන්ගේ ගති ලක්ෂණ ගැන චිත්‍රපටිය බලද්දි දැනගන්න ලැබේවී. ඒ වගේම මනස පාලනය කිරීමට හා යම් යම් පරීක්ෂණ කිරීමට එක් එක් ද්‍රාවණ තිබෙනවා. ඉතින් අවුරුදු 16 සපිරෙන හැම කෙනෙක්ම මුලින්ම එක්තරා විභාගයකට පෙනී සිටිය යුතුයි. මෙම ද්‍රාවණයක් පානය කොට ඔවුන් දකින දර්ශනයකට ඔවුන් මුහුණ දෙන විධිය අනුව ඔවුන්ව ගැලපෙන කණ්ඩායම තෝරාගන්න මඟපෙන්වීමක් ලබා දෙනවා. පසුදා ඔවුන් තම කණ්ඩායම තෝරාගෙන ජීවිත කාලයටම එයට අනුගතව සිටිය යුතු වෙනවා.”
(උපුටා ගැනීම රොයිලි ප්‍රනාන්දු සොයුරාගේ ලිපියෙන්)

කතාවේ පසුබිම ඉහත දැක්වූවා. මේ පවසන්න යන්නේ මෙහි දෙවන සිනමාපටය ගැනයි.
පළමු සිනමාපටය අතිශය සාර්ථක වූ නිසා එහි දෙවන කොටස නවකතා මාලාවේ දෙවන කෘතිය වූ Insurgent කෘතිය පාදක කරගෙන එනමින්ම 2015දී තිරගත කිරීමට තීරණය කර තිබෙනවා. එය Divergent සිනමාපටයේ පෙරඇඳියක් (Prequel) ලෙස නිර්මාණය වේ.
පළමු කොටස Neil Burger විසින් අධ්‍යක්ෂණය කලත් දේවිනි කොටසේ අධ්‍යක්ෂණය Robert Schwentke හට බාරවී තියෙනවා. තිර රචනය Brian Duffield, Akiva Goldsman හට පැවරී තියෙනවා. Summit Entertainment සහ Red Wagon Entertainment ප්‍රධාන නිෂ්පාදන ආයතනයි.

සඳහන් වන පරිදි මෙවර කතාව මෙසේය. Beatrice Prior මුහුණ පෑ යුතුයි ඇයගේ අධ්‍යාත්මික යක්ෂයන්ට සහ පවත්වාගෙන යා යුතුයි ඇයගේ සටන බලවත් සන්ධානයට එරෙහිව.

  • ශයිලීන් වුඩ්ලෙයි විසින් Beatrice ‘Tris’ Prior ලෙස
  • ඇන්සෙල් එල්ගොර්ට් විසින් Caleb ලෙස
  • තිඕ ජේම්ස් විසින් Four ලෙස
  • කේට් වින්ස්ලෙට් විසින් Jeanine ලෙස
  • මයිල්ස් ටෙලර් විසින් Peter ලෙස
  • ජායි කර්ට්නෙයි විසින් Eric ලෙස
  • නයෝමි වට්ස් විසින් Evelyn ලෙස
  • මැගී Q විසින් Tori Wu ලෙස
  • සෝයි ක්‍රවිට්ස් විසින් Christina ලෙස
  • රෝයි ස්ටේවෙන්සන් විසින් Marcus Eaton ලෙස
  • ඔක්ටෙවියා ස්පෙන්සර් විසින් Johanna ලෙස
  • ඩැනියෙල් ඩයි කිම් විසින් Jack Kang ලෙස
  • සුකී වෝටහවුස් විසින් Marlene ලෙස
  • මෙකී පිෆර් විසින් Max ලෙස
  • ජොනී වෙස්ටන් විසින් Edgar ලෙස රංගනයෙන් දායක වනු ඇත.

ඒ අනුව මෙය 2015 මාර්තු 20 දින තිරගත වනු ඇත.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

6 thoughts on “ඉදිරි දිගහැරුම (LVIII) |Insurgent (2015) – කැරලිකාරයෝ….

  • July 19, 2015 at 4:56 PM
    Permalink

    BR Cope eka release we atha

  • July 11, 2015 at 11:39 PM
    Permalink

    බොහොම ස්තුතියි සහො

  • June 10, 2015 at 4:56 PM
    Permalink

    apita kawadda sub eka denne

  • April 2, 2015 at 3:56 PM
    Permalink

    අපිට කවදද මේක බලන්න පුළුවන් වෙන්නෙ??

  • July 28, 2014 at 12:17 PM
    Permalink

    ස්තුතියි තිසර.. ඔත්තුවට !

    ජය ව‍ෙවා!

  • July 25, 2014 at 8:40 AM
    Permalink

    elz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *