ඉදිරි දිගහැරුම (LVII) |Night at the Museum Secret of the Tomb – මේ පාර මොන ජංජාලයක් වේවිද! (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ) (Update)

2006දී හොලිවුඩ් සිනමාවට අපූර්ව සිනමා සිත්තමක් එකතු උනා. මීට පෙර නොතිබූ තේමාවකින් යුක්ත එය සිනමා රසිකයන් වෙනමම රසාස්වාදයකට ගෙන ගියා. එක Night at the Museum සිනමා පටයයි. පුරාණ ශාපලත් ඊජිප්තු පුවරුවක් නිසා ජාතික ඉතිහාස ගවේෂණ කෞතුකාගාරයේ තියෙන පිළිම, රූකඩ, පින්තූර, ඇටකටු වගේ හැම දේකටම පණ එනවා. ඒ ශාපය ක්‍රියාත්මක වෙන්නේ රෑට. ඉතින් රාත්‍රී මුරකරු ලෙස පත්වීම ලැබුණු දා ලැරී හට(Larry Daley) වෙන දේවල් තමයි පලවෙනි සිනමා පටන් දැක්වූයේ.

secret-tomb

පළමු සිනමා පටයෙන් වසර තුනකට පසු, එනම් 2009දී Night at the Museum: Battle of the Smithsonian නිපදවෙනවා. එවර කතාව ගෙතෙනුයේ ඇමරිකාවේ විශාලතම කෞතුකාගාරය වන ස්මිත්සෝනියන් වටාය. සිය මිතුරන්ගේ ඇමතුමකට අනුව එහි යන ලැරීට තම මිතුරන් බේරාගැනීමට මෙන්ම තමන්ව තමන්ගෙන් බේරගන්න හැකි වෙනවා.

පළමු සිනමාපටය $250,863,268ක අදායමක් ලබා ගත්තා. නමුත් අසාර්ථක වුනු දෙවන සිනමාපටය උපාය ගත්තේ $177,243,721ක අදායමක් පමණි. කෙසේ නමුත් වසර 5කට පසු තෙවන දිගහැරුම නිර්මාණය කිරීම සිදු වෙනවා. ඒ අනුව මෙවර නිල නාමය වෙන්නේ Night at the Museum: Secret of the Tomb යන්නයි. මුල් සිනමාපට දෙකම අධක්‍ෂණය කළ Shawn Levy විසින් මෙවරද අධ්‍යක්ෂණය කරනු ලබනවා. Robert Ben Garant, David Guion, Michael Handelman සහ Thomas Lennon විසින් තිර පිටපත නිමවා ඇත.

පෙර මෙන්ම ලැරී (Larry Daley)ගේ චරිතය මෙවරද Ben Stillerහටම හිමි වී ඇත. Nick Daley ලෙසින් මෙවර Jake Cherry වෙනුවට Skyler Gisondo රංගනයෙන් දායක වී ඇත. Teddy Roosevelt ලෙස සුපුරුදු පරිදි Robin Williams මෙන්ම Dr. McPhee ලෙස Ricky Gervais ද දායක වී ඇත. මෙවර නව චරිතයක් ලෙස Mindy නම් චරිතය වෙනුවෙන් Rebel Wilson දායක වී ඇත.

මෙවරද 20th Century Fox විසින් බෙදාහැරීම සිදුකරනු ලබයි. මෙවර සිනමාපටය 2009 සිනමාපටයෙහි අනුබන්ධයක් (sequel) ලෙස නිමවන බව පැවසේ. තවමත් වැඩි විස්තර හෝ කතාව පිළිබඳව සඳහනක් නැතත් තිරගතවන දිනය එළිදක්වා ඇත. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 19 මෙය ලෝ පුරා තිරගතවීම අරඹනු ඇත.

NIGHT 3

 

Update

මේ වන විට එහි නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර ඇත.

 

Update

ඔන්න මේකේ කතාව මොකක්ද කියල මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

පණ නැති දේවල් වලට පණ දුන්නු මායාව හොයාගන්න ලැරීට සිද්ද වෙලා. ඉතින් එම මායාව සදහටම නැතිවෙන්න කලින් ලැරීට සිද්ද වෙනවා ඒක හොයාගන්න. හැබැයි ඒකට එයාට යන්න වෙන්නේ ලන්ඩන් වලට. ඉතින් නිව්යෝක් අතහැරලා ලන්ඩන් යන ලැරී ඇතුළු කෞතුකාගාර මිතුරන්ගේ වික්‍රම තමයි මේ පාර ඔයාලට දකින්න වෙන්නේ. 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

4 thoughts on “ඉදිරි දිගහැරුම (LVII) |Night at the Museum Secret of the Tomb – මේ පාර මොන ජංජාලයක් වේවිද! (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ) (Update)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *