ඉදිරි දිගහැරුම (LIII) | Taken 3 – පැහැරගැනීමේ තෙවැනි පියවර…

Taken-2-review
එතරම් බලාපොරොත්තු නොතැබූ චිත්‍රපටයක් ලෙසින් 2008 වසරේදී තිරගතවීම් අරඹපු, Taken චිත්‍රපටය ඇමරිකාවේ සහ ලොව පුරාමත් ප්‍රේක්ෂක ජනාකර්ශනයට ලක් වුණේ නිෂ්පාදන කටයුතු සිදු කළ, EuropaCorp සමාගම හෝ බෙදා හැරීම් කටයුතු සිදු කළ, 20th Century Fox සමාගම හෝ නොසිතූ ආකාරයටයි. එනිසාවෙන්ම දෙවැන්නක් කරා යන්නට නිෂ්පාදක EuropaCorp හිමිකරු වන Luc Besson තීරණය කෙරුවා.
 
පළමුවැන්න තරම් විචාරක පැසසුම් නොලැබුවත් දෙවැන්නත් පෙර මෙන්ම ජනතා ආකර්ශනය ලබමින් ප්‍රවේශ අලෙවිය අතින් අපේක්ෂා නොකළ තරම් මුදලක් එකතු කර දුන් නිසාම සාර්ථක තෙවැන්නක් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය යොමු වුණා. පළමුවැන්න $ මිලියන 25කින් ඇමරිකාව තුළ මිලියන 141කුත්, විදේශයන්හි මිලියන 81කුත් ලෙස ලොව පුරා මිලියන 227ක් විතර හෙව්වා. දෙවැන්න $ මිලියන 45කින් ඇමරිකාවේ මිලියන 139කුත්, විදේශ වල මිලියන 236කුත් ලෙස ලොව පුරා මිලියන  376ක් හෙව්වා.
 
ඉතිං මේ දෙකම $ මිලියන 70කින් ඉපයූ මුදල මිලියන 602ක් වන නිසා මේ වගෙ සල්ලි ගහක් නොසොල්වා අතහැර දමන්නට කවුරු කැමති වෙයිද? නේද? මේ තෙවැන්නත් ඉක්මනින්ම තිරයට එන්නට සැරසෙන නිසා, මේ වර ඒ ගැන තොරතුරු ගෙන එන්නට කල්පනා කෙරුවා.
 
Bryan Mills හෙවත් Liam Neeson ප්‍රධාන චරිතයෙන් යළිවරක් මේ වෙනුවෙන් එක්වනවා. Kim Mills(දියණිය) හෙවත් Maggie Grace සමග Lenore “Lennie” Mills(බිරිඳ) හෙවත් Famke Janssen ද නිසැකවම මෙවරත් චරිත මවනවා. නමුත් පහුගිය දෙපාරම දුටු කතාවට වඩා තරමක් වෙනස් ආකාරයේ කතාවක් මෙවර දැකගන්නට ලැබෙනු ඇති බව පැවසෙනවා. 
[image src=”http://www.beyondhollywood.com/uploads/2012/04/Maggie-Grace-in-Taken-2-2012-Movie-Image-3-600×421.jpg” width=”600″ height=”420″ lightbox=”no” frame=”light” align=”center”]
 
මුල්වර තමන්ගේ අම්මාත් සුළුපියාත් සමග දිවිගෙවපු දියණිය; හොඳම යෙහෙළියත් සමග යුරෝපා සවාරියකට ගිය ගමන අවසන් වුණේ, මිනිස් ජාවාරම්කරුවන්ට හසුවීමෙන් පසු, හිටපු CIA නියෝජිතයෙකු වන තාත්තාගේ මැදිහත්වීමෙන් මුළු කල්ලියම කරපු පව්වලට වන්දි ගෙව්වායින් පස්සෙයි.
 
දෙවැනිවර සිද්ධ වුණේ; තමන්ගේ පුතා ඇතුළු මැරවර ජාවාරම් කරුවන්ගේ මරණයේ පළිය ගන්නට උත්සාහ කළ, පාතාල කල්ලි නායකයාගේ පැහැර ගැනීමකට ලක් වූ බ්‍රයන්; දියණියගේ උදව් ඇතිව සියල්ලන්වම මරා දමා බිරිඳවත් බේරාගන දෙවැනි පැහැරගැනීමත් සාර්ථකව මැඩපැවැත්වූ එකයි. 
 
ඔබට මතකනම්, දෙවැන්න අවසාන වූ හැටි මෙවර කතාව ගොඩනැංවෙන විදිය අනුමාන කරන්නට පුළුවන් මෙන්න මේ වගේ…
 
“මැර කල්ලි නායකයා මියයන්නට කලින් බ්‍රයන්ට අනතුරු අඟවනවා තමන්ගේ අනෙක් පුතුන් දෙදෙනා ඔහුගෙන් පළි ගනු ඇති බවට.”
 
“ඒ වගේම අවසානයේ තමන්ගේ පෙම්වතාව හඳුන්වා දෙමින් බ්‍රයන්’ගේ දියණිය කිම් පවසනවා “මෙයාට නම් වෙඩි තියන්න එපා” යනුවෙන්.”
 
ඉතින් ඉතිරිය ගැන අදහසක් ලබා ගැනීම අසීරු නැහැ මම හිතන විදියට. හැබැයි මේ පාර පැහැරගැනීම් කිසිවක් නැහැ. ඒ වෙනුවට බ්‍රයන් මිනීමැරුමකට හසුවෙනවා. ඔහු නොකළ නමුත් ඔහුව හසුකිරීමට කළ මිනීමැරුමකින් අපේ කතා නායකයා කරළියෙන් ඉවත් කළ පසු ගියවර අවසානයේ අනතුරු ඇඟවූ, පළි ගැනීමේ ඉතිරිය පහසුවෙන් කරගන්නටයි මෙවර එකතු වන දුෂ්ටයන්ගේ අදහස.
 
නමුත් මේ මම කියූ සුළු හෙළිදරව්ව කෙතරම් දුරකට නිවැරදි’දැයි කියන්නට බැහැ. මොකද තවමත් එතරම් විස්තරයක් ප්‍රකාශ කර නැහැ. නමුත් නිසැකවම එක්වන ප්‍රධාන චරිත තුන හැරුණු කොට, මෙවර ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Forest Whitaker එක් වන බව සහතිකයි. දෙවැනි චිත්‍රපටයෙන් පසු යළි වරක්, අධ්‍යක්ෂක ලෙස Olivier Megaton එක්වනවා. මේ තුන්වන සලරුවත් Luc Besson, Robert Mark Kamen විසින් රචනා කළ කතාවකින්ම නිර්මාණය කෙරෙනවා.
 
ඒ වගේම ඔවුන්ට අනුව Taken මුල් නිර්මාණයෙන් පසුව ඊට එක්කරන මුල්ම අනුබැඳිය හෙවත් Sequel එක වන්නේද මේ තුන්වැනි චිත්‍රපටයයි. පළමු වැන්නෙහි ඉතිරිය දෙවැන්නෙන් ගෙන ආ නිසා එය එහිම දෙවැනි කොටස මිස අනුබැඳියක් ලෙස තමන් නොසලකන බව ඔවුන් පවසනවා. මේ වනවිටත් රූගතවන මෙය තව වැඩි කාලයක් නොයාදීම ප්‍රේක්ෂක හදවත් පැහැරගන්නට තිරයට පැමිණේවි.
 
 
තිරයට දිනය: 2015 ජනවාරි 09

 

උදා (217 Posts)


5 thoughts on “ඉදිරි දිගහැරුම (LIII) | Taken 3 – පැහැරගැනීමේ තෙවැනි පියවර…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *