Dawn of the Planet of the Apes (2014) – නැවතත් වානරයන්….

Dawn of the Planet of the Apes 2014 ජූනි මස 11 වන දින තිරගත වීම ඇරඹීමට නියමිත චිත්‍රපටයකි.

  • Beneath the Planet of the Apes (1970)
  • Escape from the Planet of the Apes (1971)
  • Conquest of the Planet of the Apes (1972)
  • Battle for the Planet of the Apes (1973)
  • Planet of the Apes (1968) P
  • lanet of the Apes (2001)
  • Rise of the Planet of the Apes (2011)

යන ලොව පුරා අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවක නවතම චිත්‍රපටය වන මෙය Twentieth Century Fox සමාගම හරහායි අප හමුවට එන්නේ . Action | Drama | Sci-Fi | Thriller යන කාණ්ඩ යටතේ වර්ගීකරණය කර දැක්වෙනවා .එමෙන්ම සම්මාන ලාභී ජනප්‍රිය රංගන ශිල්පීන් වන Gary Oldman, Keri Russell, Andy Serkis යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා . මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ Matt Reeves . කතාව ලියලා තියෙන්නේ Pierre Boulle විසින් . තිරරචනය Mark Bomback, Scott Z. Burns, Rick Jaffa and Amanda Silver, Rick Jaffa යන අය විසින් .මෙය රූගත කරලා තියෙන්නේ New Orleans, Louisiana වැනි ප්‍රදේශවල .

මෙය ලොව පුරා ප්‍රේක්ෂකයින් වැඩි වශයෙන් බලාපොරොත්තු තබාගන්නා චිත්‍රපටයක් .Rise of the Planet of the Apes චිත්‍රපටයේ අප දුටු සීසර් සහ ඔහුගේ පරිණාමය වූ වානර ප්‍රජාවට තර්ජනයක් වන මිනිස් කොට්ඨාසක් හා ඇතිවන යුද්ධයක් තමයි චිත්‍රපටයේ තේමාව ලෙස දැක්වෙන්නේ . Caesar ගේ චරිතයට දායක වෙන්නේ මෙතෙක් ඒ සඳහා දායක වූ Andy Serkis විසින්මයි .නවතම තාක්ෂණ උපක්‍රම භාවිතා කර නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය අනෙක් චිත්‍රපට මෙන්ම ලොව පුරා අතිශය ජනප්‍රිය වේවි යැයි නිෂ්පදකයන් බලාපොරොත්තු වෙනවා . නුදුරු දිනයකදී තිරගත වන මේ සිනමා පටයත් ඉදිරියේදී සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් අඩවියෙන් බලාපොරොත්තු වන්න .

අදිත ප්‍රවීන් (4 Posts)


5 thoughts on “Dawn of the Planet of the Apes (2014) – නැවතත් වානරයන්….

  • August 16, 2014 at 3:46 PM
    Permalink

    ME FILM EKA KAWADDA BIAS COP EKATA DANNEEEEEEEEEEEE

  • June 27, 2014 at 5:37 PM
    Permalink

    (y)

  • June 27, 2014 at 4:25 PM
    Permalink

    නියමයි ෆිල්ම් එකක්.
    ස්තූතියි දැනුවත් කිරීමට..

  • June 27, 2014 at 9:21 AM
    Permalink

    elz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *