2015 හොලිවුඩ් තොරතුරු වල නවතම යාවත්කාලීන කිරීම්….

1a2abac2-4970-4bb9-a37a-f569c085ef2a_movies-2015-preview-hero

2015 වසර පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව දැවැන්ත සිනමා නිර්මාණ රැසක් ගෙන එන වර්ෂයක් බවට පත්ව ඇත. සාමාන්‍යයෙන් වසරකට පැමිණෙන්නේ සුපිරි චිත්‍රපට 6-7 වැනි ප්‍රමාණයක් පමණි. නමුත් 2015 ඒ සියලු වාර්තා බිඳ දමනු ඇති බවට දැනටම පැවසිය හැකිය. මෙහි දැක්වෙන සිනමා නිර්මාණ ගැන ඔයාල මීට පෙර මංසලෙන් තොරතුරු දැනගන්නට ඇත. මේ ඒවායේ නවතම යාවත්කාලීන කිරීමය.

The Avengers: Age of Ultron


අති සාර්ථකව 2012 වසරේ තිරගත වුනු Avenger සිනමා නිර්මාණයෙන් පසු නැවත වරක් 2015 වසරේදී මාර්වල් වීරයන් ලෝකය බේරා ගැනීමට ඒකට එක්වෙනු ඇත. සාර්ථක ලෙස තිරගත වුනු Iron Man 3, Thor 2 සහ Captain America Winter Sildire සිනමාපට වලින් සහ Agents of S.H.I.E.L.D කතා මාලාවෙන් දෙවන වරට ඇරඹුණු Avenger විශ්වය ලබන වසරේ දැවැන්තම සිනමා නිර්මාණය වනු ඇති බවට පැවසේ. මෙහි නිල නාමය The Avengers: Age of Ultron! Joss Whedon පළමු සිනමා නිර්මානයේ මෙන්ම මෙහෙදීද අධ්‍යක්ෂකවරයාගේ කාර්ය ඉටු කරනු ලබයි. Jack Kirby සහ Stan Lee ගේ චිත්‍ර කතාවකට අනුව Joss Whedon විසින් කතාව රචනා කර ඇත.

දැනට දක්වා ඇති පරිදි ප්‍රධාන චරිත මෙසේය,

  • Aaron Taylor-Johnson විසින් Pietro Maximoff / Quicksilver ලෙස
  • Scarlett Johansson විසින් Natasha Romanoff / Black Widow ලෙස
  • Elizabeth Olsen විසින් Wanda Maximoff / Scarlet Witch ලෙස
  • Chris Evans විසින් Steve Rogers / Captain America ලෙස
  • Chris Hemsworth විසින් Thor ලෙස
  • Robert Downey Jr. විසින් Tony Stark / Iron Man ලෙස
  • Josh Brolin විසින් Thanos (voice) ලෙස
  • Cobie Smulders විසින් Maria Hill ලෙස
  • Mark Ruffalo විසින් Bruce Banner / The Hulk ලෙස
  • Jeremy Renner විසින් Clint Barton / Hawkeye ලෙස
  • James Spader විසින් Ultron ලෙස
  • Samuel L. Jackson විසින් Nick Fury ලෙස
  • Hayley Atwell විසින් Peggy Carter ලෙස
  • Paul Bettany විසින් Jarvis / The Vision ලෙස
  • Don Cheadle විසින් Colonel James Rhodes / War Machine

ලෙස දායක වේ.

තවමත් Agents of S.H.I.E.L.D හිදී නැවත පන දුන් නියෝජිත කොල්සන් මෙයට එක්වෙනවාද යන්න තවමත් දක්වා නොමැත. විශේෂයෙන්ම Agents of S.H.I.E.L.D S01 අවසන් වූයේ කොල්සන් S.H.I.E.L.D හි නව අධ්‍යක්ෂක කරවමිනි. එමෙන්ම මේ වන විට S.H.I.E.L.D ආයතනයද විනාශ වී ගොස්ය. Agents of S.H.I.E.L.D S02 බොහෝ දුරට Avenger 2 ඉලක්ක කරගෙන නිපදවෙනු ඇත. එමනිසා Avenger 2 කණ්ඩායමට එක්වන පිරිස වෙනස් වෙනු ඇත. එමෙන්ම Wasp හෝ Ant-Man යන චරිත මෙයට එක්වෙනවාද යන්න තීරණය කර නොමැති බවට පැවසේ.

විශේෂයෙන්ම වරක් Joss Whedon සඟරාවකට කියා තිබුනේ මෙසේය,

“මට ඕනේ මං කොහොමද ප්‍රේකශකයින්ව කුල්මත් කරන්නේ කියන එක සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලබාගන්න. මට ඕනේ එයාලව චිත්‍රපටයේ රූප රාමු වලට බැඳලා තබාගන්න. හැම රූප රාමුවකටම මම අවධානය යොමු නොකලා නෙවෙයි. මම එහෙම කලා. ඒත් අති සාර්ථතව තිරගත වුන පළමු කොටසක් තියෙන චිත්‍රපටියක දෙවැනි කොටස සඳහා කොච්චර දේවල් කරන්න පුලුවන්ද?”

මෙයින්ම අපිට Avenger 2 පිළිඹඳ ලොකු බලාපොරොත්තුවක් තියාගත හැකිය. 2015 මැයි 01 දින මෙය උතුරු ඇමරිකාවේ තිරගත වනු ඇත.

Jurassic World


මයිකල් ක්‍රිච්ටන් ගේ මනසේ මැවුණු ජුරාසික දූපතේ කතාව ලබන වසරේදී ජුරාසික් ලෝකයක් ලෙසින් තිරගත වනු ඇත. ඒ Jurassic Park හතරවන සිනමා නිර්මාණය ලෙසින්ය. Colin Trevorrow ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වන මෙය Jurassic Park මාලාවේ දැවැන්තම නිර්මාණය විය හැකි බවට ඉඟි පළවේ.

පෙර නිර්මාණ තුනටම නොසිටි චරිත වටා මෙවර කතාව ගෙතී ඇත.

  • Chris Pratt විසින් Owen ලෙසද
  • Judy Greer 
  • Bryce Dallas Howard විසින් Beth ලෙසද
  • Lauren Lapkus විසින් Vivian ලෙසද
  • Jake Johnson විසින් Lowery ලෙසද
  • Omar Sy ද මෙයට එක්වන නවතම චරිතයි.

2015 ජූනි 12 උතුරු ඇමරිකාවේ තිරගත වනු ඇත.

The Fantastic Four


Fantastic Four (2005) සහ Rise of the Silver Surfer (2007) න් පසුව නැවත වරක් තවත් මාර්වල් සුපිරි වීර කණ්ඩායමක් වන Fantastic Four සිනමා තිරයට එනු ඇත. පෙර ද්විත්වයටම අත්හැර නව ප්‍රතිනිර්මාණයක් ලෙස මෙය දිග හැරේ.

ගියවර එක්වූ Ioan Gruffudd/ Jessica Alba/ Chris Evans/ Micheael Chiklis වෙනුවට මෙවර මෙයට එක්වන නවතම නළු නිලි කණ්ඩායම මොවුන්ය,

  • Kate Mara විසින් Sue Storm / The Invisible Woman ලෙසද
  • Miles Teller විසින් Reed Richards / Mr. Fantastic ලෙසද
  • Jamie Bell විසින් Ben Grimm / The Thing ලෙසද
  • Michael B. Jordan විසින් Johnny Storm / The Human Torch ලෙසද
  • Toby Kebbell විසින් Victor von Doom / Doctor Doom ලෙසද දායක වේ.

තවමත් කතාව කුමක්ද යන්න දක්වා නොමැත. මෙහි අධ්‍යක්ෂක වන්නේ Josh Trankය.
2015 ජූනි 19 උතුරු ඇමරිකාවේ තිරගත වනු ඇත.

Bond 24

SkyFall සිනමා පටයෙන් පසු දෙවන වරටත් ජේම්ස් බොන්ඩ් ලෙස Daniel Craig 24 වන ජේම්ස් බොන්ඩ් 2015 සිනමා නිර්මාණයට දායක වනු ඇත. තවමත් මූලික කටයුතු වල පසුවන මෙය සුපුරුදු පරිදි Ian Flemingගේ චරිත ඇසුරින් නිමවේ.

Daniel Craig පමණක් දැනට ස්ථීර වී සිටින අතර අනෙකුත් නළු නිලි පිරිස තවමත් තීරණය කර නොමැත. තොරතුරු අනුව Ralph Fiennes, Penélope Cruz, Naomie Harris, Chiwetel Ejiofor, Rory Kinnear, Ben Whishaw එක්වෙනු ඇති බව පැවසේ. නියමිත පරිදි මෙය නිර්මාණය වුවහොත් 2015 නොවැම්බර් 06 තිරගත වනු ඇත.

The Hunger Games: Mockingjay – Part 2

The Hunger Games (2012), The Hunger Games – Catching Fire (2013) සහ මේ වසරේ පැමිණෙන The Hunger Games: Mockingjay – Part 1 (2014) පසුව මෙම කතා මාලාවේ අවසන් නිර්මාණය ලෙස Mockingjay – Part 2 ලබන වසරේ තිරගත කිරීමට නියමිතව ඇත.
සුපුරුදු පරිදි කැට්නිස් එවර්ඩීන් ලෙස ජෙනිෆර් ලෝරන්ස් රංගනයෙන් දායක වේ. ඊට අමතරව සුපුරුදු ලෙස ජෝෂ් හචර්සන් පීටා ලෙසද , ලිආම් හෙම්ස්වර්ත් ගේල් ලෙසද එකතු වේ. අමතරව

  • Erica Leerhsen විසින් Tania ලෙස
  • Terra Vnesa විසින් Elizabeth ලෙස
  • Lauren Schneider විසින් Katie ලෙස
  • Woody Harrelson විසින් Haymitch Abernathy ලෙස
  • Kayla Moore විසින් Capital Citizen ලෙස
  • Elizabeth Banks විසින් Effie Trinket ලෙස
  • Julianne Moore විසින් Alma Coin ලෙස
  • Philip Seymour Hoffman විසින් Plutarch Heavensbee ලෙස
  • Jeffrey Wright විසින් Beetee ලෙස
  • Stanley Tucci විසින් Caesar Flickerman ලෙස
  • Donald Sutherland විසින් President Snow ලෙස
  • Toby Jones විසින් Claudius Templesmith ලෙස ප්‍රධාන වශයෙන් දායක වේ.

දැනට දක්වා ඇති පරිදි මෙය 2015 නොවැම්බර් 20 වනදා උතුරු ඇමරිකාවේ තිරගත වීම අරඹනු ඇත.

Star Wars: Episode VII

ජෝර්ජ් ලූකාස් ගේ ස්ටාර් වොර්ස් විශ්වය නැවත වරක් ලබන වසරේ සිනමා ශාලා ආක්‍රමණය කරනු ඇත. ඩිස්නි යටතට ලූකාස් සමගන ගැනීමෙන් පසු ඉදිරිපත් කරන පළමු නිර්මාණය මෙයයි. දැක්වෙන පරිදි තුන්ඈඳිති සිනමා පට පෙළක පළමුවැන්න මෙයයි J.J. Abrams විසින් අධ්‍යක්ෂණය කරන මෙය ඔහුගේම තිර පිටපතකට අනුව රචනා වී ඇත.

Gwendoline Christie, Lupita Nyong’o, Mark Hamill, Harrison Ford, Carrie Fisher ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායක වන බව දක්වා ඇත. 2015 දෙසැම්බර් 18 මෙය තිරගත වනු ඇත.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

5 thoughts on “2015 හොලිවුඩ් තොරතුරු වල නවතම යාවත්කාලීන කිරීම්….

  • June 16, 2014 at 8:21 PM
    Permalink

    pissu kori….

  • June 14, 2014 at 11:18 PM
    Permalink

    ela ela
    watinawaa

  • June 14, 2014 at 8:05 PM
    Permalink

    නියමයි කොල්ලෝ… ඉස්සර මම තනියෙම ඇදපුවා අදින්න දැන් තව කෙනෙක් සෙට් වෙලා! දිගටම මේ වගේ නව විස්තර එකතු කරමු කාලීන නව තොරතුරු එක්කරලා. ජයවේවා කිව්වා… 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *