මැයි මාසයේ හොලිවුඩ් අදායම කොහොමද….?

may-2014-movies-preview-0512014-112830

ප්‍රධාන සුපිරි වීර චිත්‍රපට දෙකට සහ අතිශයින්ම බලාපොරොත්තු තබා ගත් උරග දැවැන්තයාගේ කතාවට ස්තූතිවන්ත වෙන්න,  මෙවර මැයි මස බොක්සොෆිස් ආදායම හතර වන වරටත් ඩොලර් බිලියනය දක්වා යාමට සමත් වී ඇත.නමුත් මේ චිත්‍රපට කිසිවකින්වත් මෙතෙක් පැවති එකාකාරීබව බිඳ දැමීමට නොහැකි වූ නිසා මේ වසරේ මැයි මස ආදායම 2010න් පසු ලබාගත් අඩුම ආදායම බවට පත් වී ඇත.

The Amazing Spider-Man 2, Godzilla සහ X-Men: Days of Future Pastයන චිත්‍රපට තුනම මුල් සතිය තුළ ඩොලර් මිලියන 90ක් දක්වා ආදායමක් ඉපයීමට සමත් වී ඇත. අවාසනාවට, සමහර බ්ලොක්බස්ටර් වල දෙවන සතිඅන්තයේදී ඒවායේ ආදායම 60% කින් පමණ පහත බැස තිබෙනවා. The Amazing Spider-Man 2 සහ Godzilla චිත්‍රපට මිලියන 200 සීමාව ඉක්මවීමට දැඩි ලෙස තරඟ වදින බව දැකගන්නට හැකි.

සතිඅන්ත 4කට පසුව The Amazing Spider-Man 2 චිත්‍රපටය ලබා ගත් මුළු ආදායම ඩොලර් මිලියන 191.6 කි. නමුත් මුල් සතිය තුළ ඩොලර් මිලියන 91ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව පසු සති තුන තුල 52% කින් පමණ ආදායම පහත් වැටී ඇති බව පෙනේ. ඒ අනුව දැනට මෙතෙක් එළිදැක්වුණු Spider Man චිත්‍රපට අතරින් අඩුම ආදායමක් සහිත චිත්‍රපටය බවට පත් වීමට මෙයට සිදුවී තිබෙනවා. Godzilla චිත්‍රපටයද මේ දිනවල බෙහෙවින් කතාවට භාජනය වී ඇති චිත්‍රපටියකි. මිලියන 93.2කින් මුල් සතිය අවසන් කළත් අවාසනාවන්ත අයුරින් මෙහි ආදායමද දෙවන සතිය 60%කින් පමණ පහත බැස තිබෙනවා.දැනනට මෙහි ආදායම ඩොලර් මිලියන 171 කි. 1998 වසරේ Godzilla චිත්‍රපටය වඩා ප්‍රවේශපත් ස්වල්පයක් හෝ වැඩියෙන් අලෙවි කර ඩොලර් මිලියන 200 සීමාව දක්වා යාමට බලාපොරොත්තු වන බව පැවසේ.


X-Men: Days of Future Past මුල් දින 9 තුළදීම ඩොලර් මිලියන 152 දක්වා ආදායම ගෙන යාමට සමත් වී තිබෙනවා.කෙසේ හෝ දැනටමත් X-Men චිත්‍රපට අතරින් ඇඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට කෙටි කාලකින් පත් වීමට මෙම සලරුවට හැකි වී ඇත.මෙම සලරුව මේ වර්ෂයේ එළි දැක්වුණු
සාර්ථකම චිත්‍රපටයක් වේ යැයි විචාරකයන් මත පළ කරනවා. Neigbhbors, මෙය ඉහත කී චිත්‍රපට තරම් ආදායම් ඉපයූවේ නැතත්,මුල් සතිය තුළ මිලියන 49ක ආදායමක් ලැබීමට හැකි වී තිබෙනවා.සෙත් රෝගන් සහ සැක් එෆ්රන් යන ප්‍රවීන් රංගන ශිල්පීන්ගේ දායකත්වයද කැපී පෙනෙනවා.මැයි මස අවසානය වන විට ඩොලර් මිලියන 128.6දක්වා ආදායමක් ඉපයීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.


දින දෙකක් ඇතුලත මැයි මස ආදායම් අතින් 5 වැනි ස්ථානයට පැමිණීමට maleficent චිත්‍රපටය සමත් වි තිබෙනවා ඒ ඩොලර් මිලියන 50ක් සමඟයි.මෙය Oz The Great and Powerful චිත්‍රපටය තරම් ආදායමක ලබා ගනියි යැයි නොසිතුවත් ඩොලර් මිලියන 180 සීමාව පහසුවෙන්ම ඉක්මවා යාවියි බලාපොරොත්තු වෙයි.මීට අමතරව ඇඩම් සෑන්ඩ්ලර්ගේ Blended චිත්‍රපටය මුල් සතිය තුළ ඩොලර් මිලියන 27.4 ක්ද Million Dollar Arm ඩොලර් මිලියන 27ක්ද බැගින් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

කෙසේ හෝ මැයි මාසයේ අවසානය වන විට වාර්ෂික බොක්ස්ඔෆිස් ආදායම ඩොලර් බිලියන 4.8 ක් දක්වා ඉහළ නැග තිබෙනවා.නමුත් නිසැකවම ජූනි මාසය
මෙම ආදායම මකා දැමීමට සමත් වේ යැයි අපේක්ෂා කෙරෙනවා.ගිය වසරේ ජූනි මාසයද බොක්ස්ඔෆිස් ආදායම් වාර්තා ඉක්මවීමට සමත් වූ අතර මේ ජූනි මාසයද ඒ මට්ටමට පැමිණෙන බවයි බොහෝ දෙනාගේ මතය.

 

 

රවිදු දේශප්‍රිය (1 Posts)


3 thoughts on “මැයි මාසයේ හොලිවුඩ් අදායම කොහොමද….?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *