Guardians of the Galaxy (2014) – [විශ්වයේ ආරක්ෂකයන්….] Trailer with SInhala sub…

Guardians of the Galaxy නමින්ම මාර්වල් නිකුත් කල කොමික් චිත්‍ර කතා පොතක් ඇසුරින් මේ වසරේ අගෝස්තු පළමුවෙනිදා නිකුත් කෙරෙන මේ චිත්‍රපටය මේ වසරේදී පමණක් මාර්වල් සමගම නිකුත් කරන හතරවෙනි නිර්මාණයයි. විශේෂත්වය වන්නේ මේ වසරේ දැනට නිකුත් කල චිත්‍රපට 3ම අති සාර්ථක ලෙස තිරගත වීමයි. එම නිසා මාර්වල් සමාගමට Guardians of the Galaxy කෙරෙහිද විශාල බලාපොරොත්තුවක් තියෙනවා.
ප්‍රථම වරට මාර්වල් සිනමා පටයක් සිය නව හිමිකරු වන Walt Disney වෙතින් Walt Disney Studios Motion Pictures බෙදා හැරීමක් ලෙසින් නිකුත් කිරීම සිදු වේ.

නිෂ්පාදන දායකත්වය

  • Marvel Enterprises
  • Marvel Studios
  • Moving Picture Company (MPC)

Shepperton Studios, Shepperton, Surrey, England හි ප්‍රධාන වශයෙන් රූගත කිරීම් කර ඇත.

මෙහි ප්‍රධාන චරිත වන

Gamora ලෙසින් Zoe Saldana
Peter Quill හෙවත් Star-Lord ලෙසින් Chris Pratt
Rocket Raccoon වෙනුවෙන් හඬ දායකත්වය Bradley Cooper
Groot වෙනුවෙන් හඬ දායකත්වය Vin Diesel
Drax the Destroyer ලෙසින් සුපිරි රෙස්ලින් තරුව Dave Bautista

මෙම නිර්මාණය සඳහා දායකත්වය දී ඇත.

James Gunn ගේ අධ්‍යක්ෂණයක් වන මෙය James Gunn සමඟ Dan Abnett, Nicole Perlman, Andy Lanning ගේ කතාවක් මත James Gunn සහ Nicole Perlman තිර පිටපත ලියා ඇත.

වැඩිපුර කතාව දක්වා නැතත් දුර ඈත අවකාශයේ ගමන් කරන ඇමරිකානු ගුවන් නියමුවෙකු වන පීටර් කුයිල් ප්‍රමුක කරගෙන මම කතාව ගෙතී ඇත. ඔහු ස්ටාර් ලෝඩ් යන නමින් නීති විරෝධී ක්‍රියා වල යෙදේ. අවසානයේ ඔහුට ගමෝරා, ගෘට්, රොකට් සහ ඩිස්ට්‍රොයර් නම් අපරාධ කරුවන් සමඟ එක්ව මන්දාකිනිය බේරා ගැනීමට සිදු වේ. අවසානයේ බිලියන 12ක ජනතාවකගේ ජීවිත මේ අපරාධකාරයක් අත රැඳේ.

ඉතින් මේ අගෝස්තු 01 වෙනකල් ඉවසන් ඉන්නට සිදු වෙනවා මේ අපූර්ව සලරුව දකින්නටනම්.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

3 thoughts on “Guardians of the Galaxy (2014) – [විශ්වයේ ආරක්ෂකයන්….] Trailer with SInhala sub…

  • June 11, 2014 at 4:12 PM
    Permalink

    දැනුවත් කිරීමට ස්තුතියි !

  • June 10, 2014 at 7:45 PM
    Permalink

    ela ela…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *