ඉදිරි දිගහැරුම… (XLVII) | Expendables III – තුන්වැනි කස්තිරම!

Expendables 3
*****************************************************************************************************************

“ඉදිරි දිගහැරුම” නැවත දිගහරින්නයි සූදානම. හැබැයි කලින් වගේ නිතරම ලිපි දෙන්න නම් කොහෙත්ම විදියක් නැහැ. ඉතිං ලිපි සපයන්න කැමති අයට එකතු වෙන්න ආරාධනය කරනවා.

ඉදිරි දිගහැරුම යළි අරඹන්න කවුරුත් දන්නා කියන චිත්‍රපට පෙළක් තෝරා ගත්තා!

ඔන්න මේ ලිපි පෙළට “Expendables” කට්ටියගේ III වැනි අඩව්වෙන් ආපහු පණ දෙනවා. ගිය පාර නැවතූ තැන ඉඳන් ඉදිරියට, ලිපි පෙළ යොමුවෙනවා…

*****************************************************************************************************************

මේ පාර එන අලුත් වික්‍රමය පොඩ්ඩක් ගොරෝසු බවින් අඩුයි. එහෙම කියන්නේ මේ තුන්වැන්නට R වර්ගීකරණය වෙනුවට PG-13 ලැබෙන නිසයි. ඒ ගැන ‘Sly’ හෙවත් ‘සිල්වෙස්ටර් ස්ටැලෝන්’ මෙහෙම කියනවා.

“පහුගිය දෙවතාවෙම අපි හිටියේ වැඩිහිටි පරම්පරාව එක්කයි. අපේ දැඩි රසිකයන් ඉන්නේ ඒ අය තරයි. ඒ වුණත් අපට මේ පාර හිතුණ දේ වුණේ, මේ වීරත්වය කැටිවුණ ත්‍රාසජනක හමුදා ආරේ නිර්මාණ අපේ බාල පරම්පරාවට වඩාත් සමීප කරන එක අපේ යුතුකමක් කියන එකයි.”

එනිසා ඔහු කියන විදියට මේ පාර චිත්‍රපටය පරුෂ වචන අවම, කෲරකමින් සහ අසභ්‍ය දෙයින් දුරස් නිර්මාණයක්. හැබැයි පෙර පරිදිම ත්‍රාසය සහ සටන් ගැටුම් වලින් කිසිම අඩුවක් ඇත්තේ නැහැ.

මේකට බොහොම පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ ‘ස්ටැලෝන්’ සහ ‘ස්වෂෙනගර්’ දෙදෙනාගේම මෑත කාලීන චිත්‍රපට බොහොම අසාර්ථක බවක් පෙන්වීමයි. ස්ටැලෝන්‘ගේ Bullet to Head, Grudge Match / ස්වෂෙනගර්‘ගේ Last Stand, Sabotage කියන චිත්‍රපට සහ මේ දෙන්නාම ඉන්න Escape Plan කියන චිත්‍රපට දෙදෙනාගේම සිනමා ඉතිහාසයේ අසාර්ථකම ආදායම් වාර්තා කරනවා. එනිසා වර්තමාන පරපුරේ අනුග්‍රහය නැතිව තමන්ට පැවැත්මක් නැති බව මේ වියපත් සිනමා වීරයන්ට හොඳින්ම වැටහිලා.

වෙනදා වගේම ස්ටැලෝන් සම-රචනා දායකත්වය දරනවා. තුන්වැන්නෙහි තිරරචනා කරන්නේ Olympus Has Fallen රචනා කරපු ‘කැට්‍රින් බෙනඩික්ට්’ සහ ‘ක්‍රේටන් රොතන්බර්ග්’ දෙදෙනායි. සුපුරුදු “ස්ටැලෝන්, ස්වෂෙනගර්, ස්ටැතම්, ලී, ලන්ග්‍රීන් එක්ක පරණ වැඩකාරයෝ වන 

“වෙස්ලි ස්නයිප්ස්, මෙල් ගිබ්සන්, හැරිසන් ෆෝර්ඩ් සහ ඇන්ටෝනියෝ බැන්ඩෙරාස්” එක් වනවා.
Expendables 3

අලුත් පරම්පරාවෙන් එකතු වෙන්නේ, මිශ්‍ර සටන් කලාව හෙවත් Mixed Marsial Art(MMA) තරග ජයග්‍රහණ රැසක්ම ලැබූ ‘රොන්ඩා රෞසි’ සුන්දරියත් ‘වික්ටර් ඕටිස්’ හාදයාත් තමයි. මේ අයගේ එකමුතුව තරුණ පරපුර වඩාත් ඇද බැඳ ගන්නට හේතුවක් වේවි කියලා ඔවුන් අදහස් කරනවා. අධ්‍යක්ෂණය ‘පැට්‍රික් හියුස්’ විසින් සිදුකරනවා. දැනගන්නට තියෙන විදියට පළමු සහ දෙවන චිත්‍රපටවල එකතුවක් වැනි වුවත් ඒ දෙකටම වඩා වෙනස් චිත්‍රපටයක් මෙවර තිරයට පැමිණේවි.

ඇත්තෙන්ම ඇමරිකන් චිත්‍රපට වර්ගීකරණය න්‍යායිකව පෙන්නුම් කරන සහ බලාපොරොත්තු වන ආකාරයේ බෙදා වෙන්කිරීමක් ප්‍රායෝගිකව සිදු නොවන බව සමීක්ෂණයකදී හෙළි වුණා. එහිදී PG-13 කියන වර්ගීකරණයෙන් නිකුත් වන චිත්‍රපට වල R ලැබූ චිත්‍රපටවල අඩංගු වනවාට වඩා වැඩි ප්‍රමාණයකින් හෝ ආසන්න ප්‍රමාණයකින් බිහිසුණු දර්ශන සහ අසභ්‍ය වදන් දක්නට ඇති බව හෙළි වී තිබෙනවා. එනිසා ඇමරිකන් චිත්‍රපට වර්ගීකරණය අනුව මේ ගෙන තිබෙන තීරණය කුමන ආකාරයක බලපෑමක් සිදු කරාවිද යන්න තරමක් ගැටළු සහගත බව විචාරකයන් සඳහන් කරනවා.

 

තිරයට එන දිනය : 2014 අගෝස්තු 15

උදා (217 Posts)


3 thoughts on “ඉදිරි දිගහැරුම… (XLVII) | Expendables III – තුන්වැනි කස්තිරම!

  • May 30, 2014 at 10:12 AM
    Permalink

    තව දා……..පා………න්කො
    උදෝ
    උබගේ ලිපි හරි හරවත් බන්

  • May 28, 2014 at 8:40 PM
    Permalink

    ‍වාව්‍.
    ‍ඉ‍දි‍රි ‍දි‍ග ‍හැ‍රු‍ම ‍ආ‍යෙත්‍ ‍ප‍ටන්‍ ‍ගත්‍‍තු ‍
    එ‍ක ‍ගැ‍න ‍ගො‍ඩාක්‍ ‍ස‍තු‍ටු‍යි.
    ‍උ‍දා ‍අ‍යි‍යා ‍න‍ව‍තත්‍ ‍අ‍ප ‍එක්‍‍ක ‍ත‍මන්‍ ‍ගේ ‍දැ‍නු‍ම ,
    ‍අ‍ලුත්‍ ‍ආ‍රං‍‍චි ‍බෙ‍දා ‍ගන්‍‍න ‍ආ‍පූ ‍එ‍ක ‍ගැ‍න ‍ස‍තු‍ටු‍යි.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍මේ ‍ආ‍කා‍ර‍ය‍ට ‍ඉ‍දි‍රි ‍දි‍ග ‍හැ‍රු‍ම ‍ක‍ර‍ගෙ‍න
    ‍යන්‍‍න‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  • May 28, 2014 at 6:40 PM
    Permalink

    ඇති යන්තම් ආපහු ඉදිරි දිගහැරුම පටන් ගත්තු ඒක…

    මමනම් මග බලාගෙන ඉන්න ෆිල්ම් එකක් තමයි මේක..

    ස්තූතියි දැනුවත් කිරීමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *