Sherlock හතර වන කතා සමයට පෙර කොටසක් විකාශය වෙන ලකුණු….

Sherlock-Season-4-Premiere-Date

කාලෙකට පස්සේ ආයෙත් මේ පැත්තේ එන්න ලැබුනේ. මේ කියන්න හදන්නේ මේ වසරේ මුල් සති කිහිපය තුල බයිස්කෝප් අපේ මව් අඩවියෙන් ඔබ වෙත ගෙන්න පටන් ගත්ත, බොහොම දෙනෙක් බොහොම අසාවෙන බලපු Sherlock බ්‍රිතාන්‍ය ටෙලි කතා මාලාව ගැන.  අපි හැමෝම ඇමරිකානු කතා මාලා බලනවා නමුත් ඇත්තටම ලෝකය පුරාම බලන අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය කතා මාලා ගත්තොත් තියෙන්නේ අතලොස්සයි… ඒ Doctor Who, Downton Abbey හා Sherlock, Top Gear වගේ ඒවානේ. ඉතින් මේ සියල්ල අතර Sherlock IMDB 9.3 වගේ ඉහල අගයක් අරගෙන බ්‍රිතාන්‍ය ටෙලි කතා අතර ඉහලින්ම වැජබෙනවා. 

Sherlock ජනප්‍රියත්වයත් එක්කම එහි ප්‍රධාන නළුවන් දෙන්නා තමන්ගේ හොලිවුඩ් ගමනත් බොහොම ඉහල තැනකට ගෙනත් තියනවා, බොහොම ටෙලි කතා මාලා නළුවන් වගේ නොවී මේ දෙන්නට ඒ කිව්වේ Benedict Cumberbatch හා Martin Freeman මේ ටෙලි කතා මාලාව දිගටම කරගෙන යන්න අවශ්‍ය වෙලා තියනවා තමන්ගේ කාර්යය බහුල දින වර්යයාව එක්කම.  

මීලග කතා සාමය එන්න නියමිත 2016 කියලා තමයි දැනගන්න තියෙන්නේ ඒ අතර වාරයේ තමයි මේ ඊට කලින් එක ටෙලි කතාවක් අතරමැද විකාශය කිරීමේ අදහස කරලියට ඇවිදින් තියෙන්නේ. කොහොම නලුත් බොහොම ලගකදී මාර්ටින් ෆ්‍රීමන් නම් මෙහෙමයි කියලා තියෙන්නේ :

Mark Gatiss මට තලන්න පවා ඉඩ තියනවා, නමුත් මම හිතන්නේ මේ අතරමැද කතාවක් විකාශය කිරීම අගේ ඇති අදහසක්. මට ඒක අහගෙන ඉන්නකොට හිතුනේ “අපි මේක කරන්නම ඕනේ” කියලා. අවාසනාවට, මම දන්නේ නැහැ කොයිකාලේ අපිට මේක කරන්න ලැබෙයිද කියලා. මේක ඇත්තටම කටට කෙල උනන විශිෂ්ට අදහසක්, නමුත් මම ඇත්තටම දන්නේ නැහැ අපිට කවදා මේක කරන්න ලැබේවිද කියලා.

තෙවන කතා සාමය අවසානයේ මීලග කතා සමයන් දෙකම ලියා අවසන කිව්වත් පෙන හැටියට නම් එහෙම දෙයක් තවම වෙලා නැහැ වගෙයි කොහොම නමුත් කතා මාලාව ලබා තියන අතිශය ජනප්‍රියත්වය නිසා Steven Moffat හා Mark Gatiss (මයික්‍රොෆ්ට් හෝම්ස්) යන කතාවේ නිර්මාපකයන් දෙදෙනා ලගදී මෙහි චිත්‍රපටයක් එනවාද කියන දෙයටත් පිළිතුරු දී තිබුනා. ඒ පිළිතුර වුනේ පැය 1 මිනිත්තු 30 දිග කතාවක් පෙන්වන එකේ බොරුවට ඒ වගේම කලක් දුවන චිත්‍රපටයක් නිර්මාණය කිරීම අනවශ්‍ය බවයි.

කොහොම නමුත් ෂර්ලොක් රසිකයන් හැටියට 2016 වෙනකම් මොකුත්ම නැති වෙනවාට වඩා මොකක්ම හරි දෙයක් ලැබෙනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ. බලමුකෝ මොනවා නම් වේවිද කියලා… 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

One thought on “Sherlock හතර වන කතා සමයට පෙර කොටසක් විකාශය වෙන ලකුණු….

  • April 30, 2014 at 7:04 PM
    Permalink

    හපොයි 2016 වෙනකල් නම් ඉන්න බෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *