නිදහස සොයා….. Mandela සිනමාවට!


ලෝක ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙන අසහාය නායකත්වයක්, දුර්ලභ ගණයේ පෞර්ෂයක් වන ‘Nelson Mandela’ ගේ ජීවිත කතාව ඔන්න සිනමාවට ගෙනෙන්නයි ලෑස්තිය. මීට කලිනුත් මැන්ඩෙලාගේ ජීවිත සිදුවීම් ඇසුරු කරගනිමින් කෙරුණු නිර්මාණ රාශියක් කෙරිල තියෙනවා. Good Bye Bafana (2007) සහ Invictus (2009) ඒ අතරින් බොහොම ප්‍රසිද්ධ ඒවා.

නමුත් මෙවර සූදානම් වෙලා ඉන්නේ මැන්ඩෙලාගේම අතින් ලියැවුණු ‘Long Walk to Freedom’ නමැති චරිතාපදානය සිනමාවට නගන්ඩයි. මෙය බෙහෙවින් දිගු නිසා කාණ්ඩ දෙකක් ලෙස ප්‍රකාශයට පත් වූ පොතක්. ඔබ මෙහි සිංහල පරිවර්තනය කියවා ඇතිනම් මේ ගැන ඔබ බෙහෙවින් ඇළුම් කරන බවට සැකයක් නෑ. මෙය නිෂ්පාදනය කරන්නට යන්නේ දකුණු අප්‍රිකානු නිෂ්පාදකයෙකු වන Anant Singh ගේ ‘Distant Horizon’ සමාගමත් ප්‍රංශය සතු බ්‍රිතාන්‍ය-මූලික නිෂ්පාදනායතනයක් වන ‘Pathe’ සමාගමත් තමයි.

Luther, The Wire හි රඟ පෑ Golden Globe සම්මාන ලාභී Idris Elba (Promitheus/ Ghost Rider: Spirit of Vengeance) මෙවර මැන්ඩෙලා වෙන්නට යන බවකුයි හෙළි වෙන්නේ. William Nicholson ගේ පිටපත් රචනයක් වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ ‘The Other Boelyn Girl’ අධ්‍යක්ෂක Justin Chadwick කියල කියනවා. චිත්‍රපටය පුරා මැන්ඩෙලාගේ ජීවිත ගමන –ළමා අවධියේ සිට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බිහි වූ පළමු දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා වීම දක්වා– කතාව දිව යනු ඇති බවක් සඳහන්.

මේ කෘතියට සිනමා අයිතිය Anant Singh හිමි කරගෙන ඇත්තේ මීට වසර 15කටත් ඈතයි. ඒ එක්සත් ජනපද චිත්‍රාගාරයක් හා උග්‍ර තරගයකින් අනතුරුවයි. හේතුව Nelson Mandela ගේ මනාපය ඔහුට ලැබීම. මේ නිර්මාණය සඳහා වන Singh ගේ වෑයම Richard Attenborough අවුරුදු 20ක් පුරා ‘Ghandhi’ සිනමාපටය නිර්මාණය කිරීම වෙනුවෙන් කළ අරගලය සිහිගන්වන්නක් බවයි ඇතැමුන්ගේ අදහස. මේ චිත්‍රපටය සඳහා මැන්ඩෙලා පදනමේ සම්පූර්ණ සහයෝගයත් ආශිර්වාදයත් හිමිව තිබෙනවා. චිත්‍රපටයේ රූගත කිරීම් මැයි මාසයේ 26 ආරම්භ වීමට නියමිතව තිබුණා.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *