ප්‍රොමිතියස් හි දෙවැන්නක් ඒවිද?

Prometheus-Movie

රිඩ්ලි ස්කොට් ගේ (Ridley Scott)ප්‍රොමිතියස් සලරුව පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ඔහු 1979 දී නිපැයූ Alien සලරුවෙන් පසු එම කතාව අනුසාරයෙන් නිපැයූ පස්වන සලරුව ප්‍රොමිතියස් විය. එසේම මෙම සලරුව පෙර ෆිල්ම් 4ටම පෙර සිදුවීම් ජාලයක් වටා ගොඩනගා තිබුණි. කාලයක්ම කටකතා වලට පමණක් සීමා වූ ප්‍රොමිතියස් හි දෙවැන්න මේ වන විට යතාර්ථයක් බවට පත්වීමේ සූදානමක පවතී. ඒ අනුව මෙහි දෙවැන්න 2014 හෝ 2015 දී තිරගත වීමට ඉඩකඩ ඇති බව හොලිවුඩ් වාර්තා වලට අනුව සඳහන් වේ. ඒ අනුව Michael Fassbender and Noomi Rapace සුපුරුදු පරිදි David සහ Elizabeth Shaw යන චරිතවලට එක්වනු ඇති බවට වාර්තා වේ. ප්‍රොමිතියස් හි තිර රචනයෙන් දායක වූ Damon Lindelof මෙවර බොහෝ දුරට දායක නොවන බවට සඳහන් වේ.

බොහෝ දුරට මෙම අනුබැඳිය මගින් ෆිල්ම් අවස්ථා 5ක් පුරා ගෙනගිය කතාවේ හිස්තැන් පිරවීමක් සිදුවනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම ප්‍රොමිතියස් හි සිටි මිනිස් වර්ගයා බිහිකළ ජීවින් පිළිඹඳව මෙන්ම ඔවුන් තමන් විසින්ම බිහි කළ ලෝක විනාශ කිරීමෙහි යෙදුනේ ඇයිද යන්න විස්තර කරනු ඇති බවට ඉඟි පළවේ. එමෙන්ම එම ජීවින් සතුව තිබූ Alien සලරුවට පාදක වූ ජීවින් බිහි කෙරුණු කළු පැහැති දියරය පිළිඹඳව මෙන්ම එම ජිවීන්ව බිහි වූ ආකාරය යම් විටක ඇතුලත් විය හැකි බවට පැවසේ.
ප්‍රොමිතියස් සලරුව තුලින්ද දෙවැන්නක් සඳහා ඉඟි කිහිපයක්ම පළකර තිබුණි.

සලරුව ආරම්භයේදීම පෙන්වන ග්‍රහලොව – 

මිනිසුන් බිහිකළ ජීවින් සියදිවි නසාගැනීම –

සලරුව ආරම්භයේදීම පෙන්වන ග්‍රහලොවකින් නික්ම යන යානය –

සලරුව අවසානයේදී එලිසබෙත් සහ ඩේවිඩ් මිනිසුන් බිහිකළ ජීවින් සොයා යෑම –

සලරුව අවසානයේ බිහිවන ජීවියා – 

පෘථිවිය විනාශ කිරීමට නියමිතව තිබුනේ ඇයි?

මෙවැනි ඉඟි රාශියක් මෙම නව සලරුවෙන් විසඳනු ඇති බවට හොලිවුඩ් රසිකයන්ගේ මතයයි. තවමත් පෙර නිපැයුම් පවා ආරම්භ කර නොමැති මෙම සලරුව 2016ට පෙර නිකුත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇත.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

One thought on “ප්‍රොමිතියස් හි දෙවැන්නක් ඒවිද?

  • January 18, 2014 at 8:18 AM
    Permalink

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍දැ‍නු‍වත්‍ ‍ක‍ලා‍ට ස්‍‍තූ‍ති‍යි…………….
    ‍මෙ‍හි 2‍වෙ‍නි ‍එ‍ක ‍එ‍න‍කන්‍ ‍බ‍ලා ‍ඉන්‍‍න‍වා………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *