The Nut Job (2014) – පණ බේරාගන්න…!

මේ 2014 මුල්ම මාසේ එන්න තියන සජීවිකරණ චිත්‍රපටයක්. Peter Lepeniotis තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඔහු මිට කලින් Bolts සජීවිකරණ චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරලා තියනවා වගේම, Toy Story 2 වගේ සුපිරි සජීවිකරණ චිත්‍රපටි සඳහා පරිගණක සජිවිකරණයෙන් සහය වුන කෙනෙක්. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා එන මේක කොහොම එකක් වේවිද කියන්න මේ මාසේ 17 පහු වෙනකම් ඉන්න වෙනවා. 

9969458236_eea7b7d447_b

මේක ඇත්තටම පාදක වෙලා තියෙන්නේ අධ්‍යක්ෂකවරයා විසින් 2005 දී කල කෙටි සජීවිකරණ චිත්‍රපටයක් වන Surly Squirrel (2005) මත. මෙදා සැරේ කෙටි කතා නැතුව ගෙඩි පිටින් ඇමරිකානු ඩොලර් මිලියන 42 වියදම් කරලා සම්පුර්ණ චිත්‍රපටයක්ම හදලා තියනවා ඔන්න. Will Arnett, Brendan Fraser, Gabriel Iglesias, Liam Neeson, Katherine Heigl වගේ හුරුපුරුදු පිරිසක් තමයි හඬ නළුනිළියන් ලෙස එක්කාසු වෙන්නේ. 

මේක තමන් ජීවත්වෙන උද්‍යානයෙන් පැන්නුව ලෙනෙකුගේ කතාවක්. මේ හදයාගේ නම “ස්කර්ලි” මේකා බොහොම ස්වාධින වගේම තක්කඩි ලේනෙක්. එකෙන් තමයි උද්‍යානය අහිමි වෙන්නෙත්. දැන් ඉතින් නගරෙය් ජීවිතය ලේසි වෙන්නේ නැහැ. නමුත් කරන්න දෙයකුත් නැහැ. ජීවිතය බෙරාගන්නම වෙනවා. නමුත් වාසනාවට මෙයා වැටෙනවා කදිම තැනකට… එකෙන් හැකි වේවි ස්කර්ලිට වගේම එයාගේ සනුහරෙටත් සිසිර සෘතුව ගෙවාගන්න… ඒ සෙල්ලම කොහොම වෙනදාව කියන්න නම් ඉන්න වෙනවා ඉවසගෙන. 

මේ වසරේ ඇමරිකානු සිනමාවට එන මුල්ම සජීවිකරණ චිත්‍රපටය කොහොම එකක්ද බලමු ආවම. එතෙක් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ.

තිරයට එන දිනය : 2014 ජනවාරි 17 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

One thought on “The Nut Job (2014) – පණ බේරාගන්න…!

  • January 14, 2014 at 6:28 PM
    Permalink

    Stoothiyi saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *