කොමික්ටීවී කතා මාලාපුවත්සියල්ල

Agents of S.H.I.E.L.D. කඩා වැටීමක් ආසන්නයේ…

එහෙමනම් ඔන්න හැම කෙනෙක්ම බලන් හිටපු විදියට මේ සුමානේ ඒජන්ට් ශිල්ඩ් රුපවාහිනියට ආවේ නැහැ. ආයේ එයාලා එන්නේ ලබන 10 වෙනිදා. එයාලා අයෙමත් වතාවක් පොඩි නිවාඩුවක් අරන් තියනවා. මට හිතෙන විදියටනම් මෙයාලා මේ කතා මාලාවට තවම ප්‍රවිෂ්ටවිමක් අරන් නැහැ වගේ. මෙයාලා එක එක අත්හදා බැලීම් වල නිරතවන බවක් තමයි මේ පෙනිගෙන යන්නේ. මතක ඇතිනේ එක සුමානෙකුත් මෙයාලා නිවාඩු අරන් ඊලග සුමානේදී එක පාරටම කතාව උද්දීපනය කළා.

2

ඉතින් මෙයාලාගේ මේ ලැහැස්තිය අයෙමත් වතාවක් එහෙම කරන්නලු. එයාලගේ වෙබ් අඩවියෙන් අරගත්තු චායාරුප ටිකක ස්ක්‍රීන් ෂොට් ටිකක් තමයි මේ ලිපියේ දාලා තියෙන්නේ. එයාලාගේ වෙබ් අඩවියෙන් කියන විදියට එයාලා ඊලග කතාව කොටස් දෙහෙකින් සමන්විත කරලා තියනවලු. ඒ කියන්නේ එක සුමානෙකදී කතාව ඉවර කරන්නේ නැහැ තවත් කොටසක් දක්වා අරන් යනවා. මේකෙදි සම්බන්ද වෙන්න් කලින් කතන්ගයක උන්නු මල් මල් වත හැදී කත තමා. ඔයාලට පේනවා ඇතිනේ මේකෙදිත් එයා මල් වැටිච්චි පුංචි ගවුම් කොටයක් ඇදන් ඉන්නවා 😉 මේකෙදි කතාව දිවයන්නේ සුපිරි සොල්දාදුවෙකු වටා කියලයි සදහන් වෙන්නෙත්.

3

ඉතින් ඊලග සුමානේදී එන කතාව දැනට පවත්වාගෙන ආපු කතා රටාවෙන් පිට පැනීමක් කරන්නලු ලැහැස්ති වෙන්නේ. ඒ නිසයි මම ඉහත කිවුවේ මෙයාලා තවම කතාවට ප්‍රවේශයක් අරගෙන නැහැ වගේ කියලා. එත් ඉතින් දැනටමත් කතාවෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් විකාශනය වෙලා තියන අතරතුරදී මෙහෙම වෙන එක කතාවේ ඉදිරි ගලායාමට මොන වගේ විදිහකට බලපාවිද කියන්න බැහැ. මොකද අවන්කවම කතා කලොත් මම මාවල්ස්ලගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු උනා. මේක බලන ය ගොඩක් දෙනෙක් එහෙම වෙන්න ඇති කියලා හිතනවා. ඒත් එයාලා කියනවා බලාපොරොත්තු බිදගන්න එපා කොයිම මොහොතකදී හරි වෙනසක් සිදුවෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම නම් හැම සුමානේකදිම බලනවා ඉතින්. 10 වෙනිදා කතාව රුපවාහිනියේ විකාශනය උනහම 11වෙනිදා විතර වෙනකොට අපේ කිනාගෙන් උපසිරසි ලැබෙයි ඔන්න ඔයාලට. මේ කොටස පහුගිය දොහේ විකාශනය නොවුන නිසාවෙන් මහත් කණගාටුවකින් උන්නේ. අවුලක් ගන්ට එපා කිනෝ ඔන්න ලබන 10වෙනිදා වෙනසක් අරන් කස්ටිය එනවලු…

Author

4 thoughts on “Agents of S.H.I.E.L.D. කඩා වැටීමක් ආසන්නයේ…

  • අන්න බලාං. මම මාර්වල්ස්ලට කිව්වා පොඩි නිවාඩුවක් ගන්න කියලා. මට මේ දවස් වල වැඩ වැඩියි කියලා. උං මම කියනදේ අහලා. චැහ් ඒ උනාට සතියයිනෙ පහුකරේ 🙁

    Reply
  • Ekath ehemada… Hm hm…

    Reply
  • ඒක තමයි.. මමත් මේ බලන් හිටියේ මොකද මේ සතියේ සබ් එක නැත්තේ කියල..

    Reply
    • මෙයාලට නිවාඩු ගන්ට හිතිලා නොවැ 😉

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *