‘Sherlock’ තුන්වෙනි කොටසත් ලඟදීම….

sherlock1680x1050
The Hobbit: The Desolation of Smaug චිත්‍රපටිය මේ දෙසැම්බරයේ ප්‍රදර්ශණය සඳහා පැමිණේවි. ඉතින් දැන් ඊට පස්සේ Benedict Cumberbatch සහ Martin Freeman ආපහු එකතුවෙලා රූපවාහිණී තිරයට පැමිණෙන්නයි ඔන්න යන්නේ. ඉතින් මතක ඇතිනේ මේ ෂර්ලොක් කියන කතා මාලාව. කෙටි කතා මාලාවක් විදිහට ආවට ජනප්‍රිය අතින් ඉහළ ස්ථානයකට පත්වුනා. ඒ සාමාණ්‍ය ෂර්ලොක් කතා මාලාවෙන් බැහැරව වෙන අයුරකින් එම කතා මාලව ගලා ගියපු නිසා. ඉතින් ඒ සාර්ථකත්වය මුදුන්පත් කරගෙන ඔන්න තුන්වෙනි සීසන් එක මේ 2014 අවුරුද්දේ ජනවාරි 1වෙනිදා දිගහැරෙනවා කියලයි ආරංචි වෙන්නේ. හැබැයි ඉතිං මේ දිනේ තියෙන්නම් තාම UK වල ජීවත් වෙන ඈයොන්ට විතරයි. අනිත් රටවල් වල විකාශය වන දිනයක් තාම BBC එකෙන්වත්, කවුරුවත් තාම ප්‍රකාශයක් කරලා නෑ.
 
ඉතින් මේ නොවැම්බර් 23 ආරම්භ වුන Doctor Who කියන නාට්‍ය මාලාවේ තැන හොරාගනියි කියලයි කටකතානම් පැතිරෙන්නේ මේ අලුතින් එන ෂර්ලොක් කතා මාලාවෙන්. ඉතින් Doctor Who එකේ පනස් වෙනි සංවත්රය සමරන්න ලංවෙනකොටම මේ ෂර්ලොක් අලුත් කතා මාලාවේ ට්‍රේලර් එකත් ලෑස්ති කරලා බලාගෙනලු ඉන්නේ එලියට දාන්න. 
 
ඇත්තම කිව්වොත් මේ ෂර්ලොක් කතා මාලාවන් අතර තිබ්බ පරතරයනම් හුඟක් වැඩියි. BBC එකෙන් මේ කතා මාලව පලවෙනි පාරට ටුවිටර් එකෙන් ප්‍රකාශ කරපුවාම හැමෝම හිතුවේ වැඩකට නැති තවත් එක කතා මාලාවක් වෙයි කියලයි. නමුත් හිතපු නැති විදිහටයි මේ කතා මාලාව ජනප්‍රිය වෙන්න ගත්තේ. ඉතින් UK වලදී මේ ජනවාරි පලවෙනිදා විකාශය වන කතාවේ පලවෙනි කොටස, මේකේ දෙවනි කෙටස ජනවාරි පස්වෙනිදත්, තුන්වෙනි කොටස ජනවාරි 12වෙනිදත් තමයි බලාගන්න වෙන්නේ. 
චලිදු දේශන් (10 Posts)


11 thoughts on “‘Sherlock’ තුන්වෙනි කොටසත් ලඟදීම….

  • March 30, 2014 at 7:16 AM
    Permalink

    sub denawanam loku deyak mulma ewata unath kamak naha

  • December 14, 2013 at 5:04 AM
    Permalink

    ඇරෝ එකේ සබ් එක දෙන එක නම් ලොකු දෙයක් මචං.

  • December 7, 2013 at 5:45 PM
    Permalink

    අප්පටහුඩු කිනෝ මොකෑ කියන්නේ සබ දිකෝ බලන්න
    සිරි ලංකාවෙත් ජන අප්‍රිය වෙන එකෙක් නැහැ 😀

  • December 7, 2013 at 11:09 AM
    Permalink

    Kinama mekatath sub dei kiyala hithanawa…. ho wena kawuru hari… aththatama Arrow ekata nm sub nathi eka loku aduwak. eka me dawas wala yana lokuma TV series ekak nisa…

  • December 5, 2013 at 8:24 PM
    Permalink

    kawuruhari arrow ekatath sub dennako

  • December 5, 2013 at 3:52 PM
    Permalink

    නියමයි සහෝ… පුලුවන්නම් මේකට සබ් දෙන්න. අනිත් දෙකම බැලුවා…

  • December 5, 2013 at 2:30 PM
    Permalink

    ඔව් අප්පා
    සබ් දෙන්න පුළුවන්න නම් ලොකු දෙයක් ඈ….

  • December 5, 2013 at 1:34 PM
    Permalink

    anit season 2ma baluwa. eth hoda sub ekak hoyaganna beri una.e 2tai mekatai sub denna puluwannam loku deyak..

  • December 5, 2013 at 11:30 AM
    Permalink

    anit season 2 baluwa..mekta sub dunnot loku dyk..thanks post 1kta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *