A View to a Kill (1985) – ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය.

affiche-dangereusement-votre-a-view-to-a-kill-1985-8

අද නම් වෙනදා වගේ ලොකු ලිපියක් ලියන්න කාලයක් නැහැ ඒකට සමාවෙන්න ඕනේ, මේ සතියේ වෙනදා වගේ බොන්ඩ් චිත්‍රපටය අඟහරුවාදා දිනයේ නොදෙන්න හේතුවත් මගේ මේ ලිපිය ප්‍රමාද වීම, ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් අද ටිකක් වෙනස් හැටියකට ලියන්න බලන්නම්, හොඳ ද නරකද කියන එක පොඩ්ඩක් අදහසක් දාලා යන්නකෝ කෝකටත්…

  • මේ තමයි 14 වන බොන්ඩ් චිත්‍රපටය.
  • සුපිරි බොන්ඩ් නළු Roger Moore රංගනයෙන් දායක වන හත්වන හා අවසාන චිත්‍රපටය.
  • John Glen ගේ තුන්වන බොන්ඩ් අධ්‍යක්ෂණය වෙන්නෙත් මේක.
  • නිකුත්වූ දිනය 1985 මැයි මාසේ 22 වනදා කියලා තමයි සඳහන් වෙන්නේ.
  • ඩොලර් මිලියන 30ක වියදමෙන් නිර්මිත මේ චිත්‍රපටය ඩොලර් මිලියන 154 කට අධික මුදලක් උපයා ගන්න සමත් වෙලා තියනවා.
  • “From a View to a Kill” කියන ඉයන් ෆ්ලෙමින්ගේ බොන්ඩ් ග්‍රන්ථයෙන් තමයි මේ චිත්‍රපටය නම ලබලා තියෙන්නේ, නමුත් පහුගිය චිත්‍රපට වගේම මේකත් වෙනමම අලුත් පිටපතක් කියලා තමයි සඳහන් වෙන්නේ.

  • මේතරම් කාලයක් 007 චිත්‍රපටතුල දැක පුරුදු Lois Maxwell එහෙම නැති නම් “Miss Moneypenny” වෙනුවෙන් එක්කාසුවෙන අවාසාන බොන්ඩ් චිත්‍රපටය වෙන්න මේක තමයි.
  • මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 131 වෙනවා.
  • ලබාගෙන තියන IMDB අගය වෙන්නේ 6.2ක්. මිශ්‍ර ප්‍රතිචාර ලද 007 චිත්‍රපටයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

  • මේ චිත්‍රපටය රුගත කිරීම් කරලා තියෙන්නේ 007 වෙනුවෙන් වෙන් වුන සුපුරුදු Pinewood හා ලන්ඩනය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය හා ප්‍රංශය කියන ස්ථානවල. මේ චිත්‍රපටය තුල ප්‍රංශ මං ලකුනුවන අයිෆල් කුලුන වගේ ස්ථාන කිහිපයකුත් දැකගන්න පුළුවන්, අනික් ප්‍රධානම රූපරාමු අරගෙන තියෙන්නේ ඇමරිකා එක්සත් ජපනාදයේ.

 

බොන්ඩ් සුරුපිනිය 

tr001

 

  • මේ බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන සුරුපිනියන් දෙදෙනෙක් ඉන්නවා මුල්ම කෙනා තමයි Tanya Roberts.

ff002

  • අනික් කෙනා තමයි Fiona Fullerton ඇය මෙහි පෝලාගේ චරිතය නිරුපනය කරනවා. ඇය KGB නියෝජිත වරියක්.. නමුත් ඉතින් බොන්ඩ්ට කොහොම කෙනෙක් වුනත් එකයි නෙව.

බොන්ඩ් සතුරන්

cw003

  • බොන්ඩ් සිනමා වංශකතාවේ බොහොම ඉහලින් කතා වෙන සතුරෙක් තමයි මේ වතාවේ බොන්ඩ් හා ගැටෙන්නේ, ඔහුගේ අරමුණ වෙන්නේ සිලිකන් වැලි නගරය භුමි කම්පාවක් මගින් විනාශ කිරීම, ඒ මගින් ඔහුට එකතරා කර්මාන්තය (නම නොකියා ඉන්නම්) වෙළෙදපොළ ඒකාධිකාරයක් ලැබෙනවා. ඒ සතුරා තමයි Max Zorin ඔහුගේ චරිතයට පණ දෙන්නේ සුපිරි නළු Christopher Walken.
  • මැක්ස් ගේ පෙම්වතියත් අමතක කරන්නම් බැහැ, ඇය නමින් “මේ ඩේ” ඒ වගේම ආත්ම ආරක්ෂක සටන් ශුරියක් වගේම අධි ශක්තියක් ඈති කාන්තාවක්. යකඩ ගැහැනියක් කියන්න හැකි කෙටියෙන්.

බොන්ඩ් යාන වාහන

හැමදාම වගේ මේ වතාවෙන් බොන්ඩ් හා අනෙක් චරිත කතා කලයුතු තරමේ යාන වාහන කිහිපයක් භාවිතා කරනවා. නමුත් ඒ ඔක්කොම ගැන කියන්න නම් සුදානමක් නැහැ. සමහරක් ඒවා නමින් පමණක් කියන්නම්, සිත් ඇදගන්නා ඒවා ටිකක් විස්තර කරන්නම්.

  • මුල්ම එක වෙන්නේ රුසියානු හෙලිකොප්ටරය. (මේ ගැන නම් කියන්න ඒ තරම් දෙයක් නැහැ.

iceberg-submarine001

  • ඔන්න මේ වතාවේ බොන්ඩ් අයිස්ලන්තයෙ යන නිසා “Iceberg” ගැන කියන්නම ඕනේ, Iceberg කියන්න කුඩා විශේෂ සබ්මැරීනයක්, ඒ තුල සුවපහසුව වගේම ඉතා ඉහල තාක්ෂණික පරිගණකයක් වගේම සන්නිවේදන උපකරණත් තියනවා. හැඩයත් විශේෂයි කියන්න හැකි.

 renault-taxi001

  • දැන් කියන්න තියෙන්නේ වාහනයේ විශේෂත්වයක් ගැන නෙමෙයි ඒ වාහනය යොදාගෙන කල දෙයක් ගැන, එක්කෝ ඒක නොකියා ඉන්නම පින්තුරෙත් තියනවා චිත්‍රපටයත් බලන්නකෝ.
  • මේ චිත්‍රපය තුල තවත් ඇතුලත් වෙනවා Rolls Royce 1962 වසරේ නිෂ්පාදිත වාහනයක්, බොන්ඩ්ගේ නොවුනා වුනත් නියම වාහනය.

 අද චිත්‍රපටයේ ගැජට් 10 ගැන කියනවා නම් කියන්න හැකි නමුත් කියන්නේ නැහැ මේ වතාවේ නම්, ඔයාලම බලන්නකෝ කොහොම වෙචිද ඒවා මොනවාද කියලා…

බයිස්කෝප්

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

2 thoughts on “A View to a Kill (1985) – ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය.

  • November 29, 2013 at 11:12 AM
    Permalink

    බොහොම සන්තෝෂයි සහෝ…
    දිගටම කරගෙන යන්න මම සුබපතුම් එක්කරනවා, බයිස්කෝප් සිංහලෙන් සහ මංසල අඩවිවල හැමකෙනෙක්ම වෙනුවෙන් ඔයාලට…
    ජය!

  • November 28, 2013 at 6:44 AM
    Permalink

    නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *