Muppets Most Wanted (2014) – ලෝකේ වටේ සවාරියක්…

Pic A

Walt Disney සමාගම 2011 වසරේ නිකුත්කරන ලද The Muppets සිනමා නිර්මාණයෙහි දෙවන කොටස Muppets Most Wanted නමින් 2014 වසරේදී මාර්තු මාසයේ 21 දා ලොව පුරා තිරගත කිරීමට සුදානමින් සිටී.පළමු නිර්මාණයෙහි අධ්‍යක්ෂක වූ James Bobin මෙහි දෙවන කොටස සදහාද තම දායකත්වය ලබා දී ඇත. එසේම මෙහි චරිත නිරූපණය කරන්නේ Ricky Gervais ,Ty Burrell සහ Tina Fey වැනි නළු නිළියන් වේ.

Pic B (1)
එසේම හොලිවුඩ් සුපිරි තරු වන Lady Gaga , Celine Dion , Tom Hiddleston , Usher මෙහි ආරාධිත රංගනයෙන් දායකත්වය ලබා දෙන බවද සදහන්ව ඇත.

මෙහි කතා තේමාව දිවයන්නේ මපට් සංගීත කණ්ඩායම ලෝක සවාරියක් ඇරඹීමත් සමගමිවයි. ඔවුන්ගේ සංදර්ශනයන් බර්ලින් , මැඩ්රිඩ් , ලන්ඩන් වැනි සුපිරි නගරවල පවා පැවැත්වෙනවා.නමුත් කොහේ සිටියත් ඔවුන්ව අවාසනාවන්ත ලෙස විවිදාකාර අපහසුතාවයන් ට ලක්වෙනවා.යුරෝපයේදී ඔවුන් ලොව අංක එකේ අපරාධකරු වන Constantine යටතට පත්වෙනවා. ඒ ඔවුන්ගේ කණ්ඩායමේ සිටින Kermit the Frog සහ Constantine එක සමාන ස්වරුපයෙන් යුක්ත වීමයි.ඔහුගේ අභිප්‍රාය වන්නේ මපට්ලා රවටා ලොව අතිශය වටිනාකමකින් යුක්ත වූ දියමන්තියක් සොරකම් කිරීමයි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Sameerabuwa (15 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


Sameerabuwa

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

sameerabuwa has 15 posts and counting.See all posts by sameerabuwa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *