හැදෙන හැටි…XIV : Jobs (2013) | ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව….

Jobs

Steve Jobs කියන චරිතය ගැන මම හිතන හැටියට නම් වැඩි කතා බහක් ඇති වුනේ ඔහු මියගියයින් පසුව. ඔහු ජිවත්ව ඉන්නා කාලයේ ඔහු මහා සොයාගැනීම් කල තවත් මිනිසෙකු ලෙස දැක්කා වුනත් මියයාමෙන් පසුව ලොව පුරා ඔහු අදහන තැනට සමහරුන් ආවා. බොහොම වෙන්නේ ඕකනේ ඉන්නකම් අගයක් නැහැ, නැති වුනාම රත්රන්. කොහොම නමුත් 2013 වසරේ මේ ඔහුගේ ජිවිතයේ මුල් අවදිය පදනම් කරගෙන නිපදවුණ චිත්‍රපටයට අපේ රොයිලි සහෝ සිංහල උපසිරැස නිකුත් කළා. ඉතින් පොඩ්ඩක් ඒකත් හැදෙන හැටි ගැන තොරතුරු ටිකක් බලන්න යමු නේද…

මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 12 ක මුදලක් වැය වෙලා තියනවා, ලොව පුරා එය ඇමරිකානු ඩොලර් මිලියන 35 කට අධික ආදායමක් උපයා ගන්න සමත් වෙලා තියනවා කොහොම හරි. මේ චිත්‍රපටය දිවයන්නේ 1971 සිට 2000 යන කාලයේ ඇපල් ආයන්තනයේ නැගී සිටීම පහලයාම් හා ජොබ්ස් ගේ ජීවිතය ඒ හා දිවයන ආකාරය ගැන. ජොබ්ස් ගේ දෙමව්පියන්ගේ නිවසේ රූපරාමු සියල්ලම පාහේ අරගෙන තියෙන්නේ ඇත්තෙන්ම ජොබ්ස් හැදී වැඩුන Los Altos, Californiaවෙ පිහිටි නිවසේදී.

 

Ashton Kutcher ජෝබ්ස්ගේ චරිතයට අනුකරණය වෙන්න රූපගත කිරීම් ආරම්භ කරන්න ආසන්න කාලයේ ඔහු වගේම පලතුරු වර්ග පමණක් අහාරයට ගන්න පටන් අරගෙන තියනවා, හැබැයි Ashton Kutcherට නම් ඒක ඒ තරම්ම හොඳින් අහවර වෙලා නැහැ කියල තමයි ආරංචි වෙන්නේ. ඔහුගේ අග්න්‍යාශයේ රෝගයක් හටගෙන රෝහල් ගත වෙන්න පවා සිදුවෙලා තියනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ නම් වැඩි දෙයක් කියන්න නැහැ, ඔයාලම බලන්නකෝ හැදෙන හැටි.

බයිස්කෝප්

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

2 thoughts on “හැදෙන හැටි…XIV : Jobs (2013) | ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව….

  • November 23, 2013 at 7:37 PM
    Permalink

    නළුවා නියමෙටම ගැළපෙනවා චරිතෙට. හඬ අනුකරණයත් ප්‍රශංසනීයයි. නමුත් පෙනුම සහ හඬ පමණක් මෙවැන්නකට ප්‍රමාණවත් නැති බව මේ චිත්‍රපටිය සනාථ කරනවා. ඉදිරියේදී එන්නට නියමිත ජොබ්ස්’ගේ ජීවිත කතාව ‍රැගත් අනික් චිත්‍රපටය ඒ අභියෝගය මීට වඩා හොඳින් ජය ගනී කියලයි හුඟ දෙනක් හිතන්නේ…

  • November 22, 2013 at 10:48 AM
    Permalink

    elasssss

Leave a Reply

Your email address will not be published. Required fields are marked *