Octopussy (1983) | ජේම්ස් බොන්ඩ් ගේ ඉන්දියානු ගමන….

Octopussy (1983) FI

ඔන්න එහෙනම් මේ සුදානම බොන්ඩ් 13 වැනි සිනමා කෘතිය එක්ක ඔබ හමු වෙන්න එන්න ඉන්න අපේ 001 හට පොඩි සහයක් වෙන්නේ. 1983 ජුනි මාසේ 03 වනදා එක්සත් රාජධානියේදී මහජන ප්‍රදර්ශනය ආරම්භවුන මේ බොන්ඩ් සලරුව තමයි රොජර් මෝ බොන්ඩ් ලෙස රංගනයෙන් දායක වෙන 06 වැන්න. මේ වතාවේ ඔන්න තියනවා බොන්ඩ් නියම ලෙස හදුනා ගැනීමේ ප්‍රශ්නයක්, මේක ප්‍රශ්නයක් කියන්නත් බැහැ….කොහොම වුනත් මතක ද මුල්ම 007 Sean Connery ඔහුත් මේ වසරේම නිල නොවන බොන්ඩ් සිනමා පටයක් එක්ක එනවා කරලියට. ඒ තමයි Never Say Never Again ඔහු ඒ බොන්ඩ් වෙන්නේ වසර 12 කට පසු. එය කරලියට එන්නේ ඔක්තෝබර් මාසේ 7 වනදා… 1983 ම තමයි ඉතින්.

මේ වතාවේ අපි කතා කරන බොන්ඩ් නිල චිත්‍රපටය නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 28 වැයවෙලා තියනවා, ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 184ක්. හැමදාම වගේ මේ වතාවෙත් බොන්ඩ් බොහොම සාර්ථකයි, ඒ වගේම 50 000කට අදික ප්‍රේක්ෂක මනාපයෙක් IMDB දර්ශකයේත් 6.5 ක අගයක් ලබාගෙන තියනවා. මේ වතාවෙත් අධ්‍යක්ෂකවරයා වෙන්නේ John Glen. කතාව සැකසෙන්නේ ඉයන් ෆ්ලෙමින්ගේ The Property of a Lady කියන කෙටි කතාවෙන්. නමුත් මේකේ නම් අරගෙන තියෙන්නේ Octopussy හා The Living Daylights යන බොන්ඩ් කෙටි කතා සංග්‍රහයන් වලින්. පිටපත සිනමා රුපි ආකාරයට ගොඩ නැගලා තියෙන්නේ George MacDonald Fraser, Richard Maibaum කියන උදවිය. 

මේ වෙනකොට මෝර් 007 ලෙස පෙනී සිටින්නේ බොහොම අකමැත්තෙන්. ඔහුගේ ආරම්භක ගිවිසුම වුනේ 007 චිත්‍රපට 03ක්. නමුත් ඔහු ලැබූ සාර්ථකත්වය එක්ක ඊළගට චිත්‍රපටයෙන් චිත්‍රපටයට ගිවිසුම ඉදිරියට ගෙන ගියා. ඉතින් මේ අකමැත්ත නිසා Octopussy හි බොන්ඩ් චරිතය සඳහා නිෂ්පාදකයන් නළුවෙක් හෙව්වා, ඒ තරගයේ ඉදිරියෙන්ම උන්නේ Timothy Dalton හා James Brolin යන දෙදෙනා. නමුත් Never Say Never Again ප්‍රකාශයට පත්කිරීමත් එක්ක නැවතත් මෝර් ගෙන්වා ගන්න නිෂ්පාදකයන් තීරණය කළා ඒ මොකද මුල් බොන්ඩ් හා තරගයට සුදුසුම කෙනා ඔහු වීමෙන්. ඔවුන්ට වැරදුනේ නම් නැහැ බලනකොට.

Octopussy (1983) 1

ආභරණ ජාවාරමේ යෙදෙන පොහොසත් ව්‍යාපාරික කාන්තාවක් වන Octopussy ලෙස හා මෙම බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තාව වෙන්නේ Maud Adams නමුත් ඇය බොන්ඩ් සලරුවක බොන්ඩ් කාන්තාව වෙන මුල් අවස්තාව නෙමෙයි මේක, මිට කලින් The Man with the Golden Gun (1974) චිත්‍රපටයේදීත් ඇය බොන්ඩ් සුරුපිනිය ලෙස චරිත නිරුපනය කළා. මේ චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතයට පණ පොවන්නේ Louis Jourdan ඊට අමතරව ristina Wayborn, Kabir Bedi, Steven Berkoff, Lois Maxwell හා තවත් විශාල පිරිසක් මෙහිත් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපට රූපගත කරලා තියන ස්ථාන ගැන කියනවා නම් බ්‍රිතාන්‍ය, ජර්මනිය වගේම ඉන්දියාවේත් රූපගත කරලා තියනවා. ඉන්දියාවේ අග්‍රා බලකොටුව, රාජස්තාන් නගරය, දැකගන්න ලැබේවි මේ වතාවේ 007 කැමරාව තුලින්.

Octopussy (1983)v1

මේ වතාවේ ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕනේ වාහන 3ක් තියනවා. මුල් එක ටිකක් විශේෂයි, ඒ තමයි ජේම්ස් බොන්ඩ් යොදාගන්නා ලොව කුඩාම ජෙට් අහස් යානය. මේක අශ්ව ඉස්තාලෙක හංගලා තියන්න පුළුවන් තරම්ම කුඩායි.

Octopussy (1983) v2

ඊලග එක තමයි අපි හැමෝම ලංකාව ඉන්දියාව වගේ රටවල දකින ත්‍රිරෝද රථයක්. නමුත් මේක නිකම්ම ත්‍රිරෝද රථයක් නෙමෙයි Q ගේ අධීක්ෂණය යටතේ වැඩි දියුණු කල එකක්.

ඊලග වාහනය තමයි Q ගේ බැලුනය. බොන්ඩ් මේක තමයි යොදාගන්නේ චිත්‍රපටයේ ප්‍රධානම දුෂ්ටයා වෙසෙන මාලිගයට ලගාවෙන්න.

Octopussy (1983) g1

මේ චිතරපටයේ මුලික වශයෙන් ගැජට් 8 ගැන කතා කරන්න පුළුවන්, නමුත් මම 8ම ගැන කියන්න යන්නේ නැහැ කිහිපයක් ගැන කියන්නම්. දෙවෙනි බොන්ඩ් චිත්‍රපටයේ ඉදලා බොන්ඩ් ගමන් බෑගය බොන්ඩ් එක්ක විවිධ වැඩ රාජකාරි ඉටු කලානේ, මේ වාතාවේ ඔහුට අලුත් බෑගයක් ලැබෙනවා මෙහේ තියනවා සමාන්‍යන් නොපෙනෙන රහස් කොටසක් එකේ තියනවා ඇති පදමට පුපුරන ද්‍රව්‍ය.

Octopussy (1983) g2

තව තියනවා අද කාලයේ අරුමයක් නොවන නමුත් එදා කාලයේ තරමක ලොකු වටිනාකමක් ලබාදුන් දෙයක්. ඒ තමයි පියවි ඇසට නොපෙනෙන මයික්‍රිෆෝනයක් සහිත කුඩා උපකරණය. මේකෙන් බොන්ඩ් බොහොම වැඩ ගන්නවා දකින්න ලැබේවි.

Octopussy (1983) g3

ඒ වගේම බොන්ඩ් හට හිරෙන් පැනගන්න උදව් වෙන තීන්ත පෑනක් අද දකින්න ලැබේවි, ඒකෙ ඊට වඩා වැඩ තියනවා ඉතින්. අර කුඩා මයික්‍රිෆෝනය තුලින් කතා බැහැ අහන්න බොන්ඩ් යොදාගන්නේ විශේෂ ඔරලෝසුවක්.

Octopussy (1983) g4

තවත් තියනවා බොහොම විශේෂ ඔරලෝසුවක් ඒ තමයි Liquid crystal displayඔරලෝසුව. ඔරලෝසුවේ තියන තිරය බොන්ඩ් හට මේ චිත්‍රපටය තුල දෙවතාවක් උදව් වෙනවා කියන්න පුළුවන්, දෙවතාවක් කිව්වට එක වතාවත් නම් හුදු විනෝදය තකා විතරයි බොන්ඩ් මේක යොදාගන්නේ.

හරි එහෙනම් ඕනේ තරම් තොරතුරු කිව්වා, හවස් යාමයේ ලැබෙන සිංහල උපසිරැස එක්ක Octopussy චිත්‍රපටයත් නරඹන්න එහෙනම්.

බයිස්කෝප්

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

2 thoughts on “Octopussy (1983) | ජේම්ස් බොන්ඩ් ගේ ඉන්දියානු ගමන….

  • February 24, 2016 at 11:23 AM
    Permalink

    never say nevew again ෆිලුම සඳහාත් උපසිරසියක් නිර්මාණය කර දෙන්න කියා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ,ඒ එක්කම solace 2015 සලරුවටත් උපසිරසියක් සදා දෙන්න සහෝ ,ඔබට ස්තුතිය් .

  • November 23, 2013 at 7:32 PM
    Permalink

    සමීර කොල්ලා; මේ චිත්‍රපටියෙද එතකොට අර ලෝකෙ දිගම ‍රැවුලා ඉන්නේ? මිනිහත් එක බොන්ඩ් ‍ෆිල්මෙක ඉඳලා තියෙනවා. පොර ඉන්දියන් හාදයෙක්. මේ මෑතක මට උන්නැහේ ගැන කියවන්ඩ ලැබුණා. ඒකෙ තමයි තිබ්බේ ‍රැවුල හින්දා බොන්ඩ් ‍ෆිල්මෙකත් ඉන්ඩ ඉඩ ලැබුණා කියලා මිනිහට. ඒකත් පොඩ්ඩක් කියන්ඩනේ තිබුණේ බන්. අමුතු කතාවක්නේ ඒක. මම හරියටම දන්නෙ නෑ මේකෙද කියලා. මේකෙ ඉන්දියානු සම්බන්ධයක් ගැන කියලා තියෙන නිසා ඒක මතක් වුණා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *