Need For Speed රිදී තිරයට !

අධ්‍යක්ෂක Scott Waugh තව වැඩක් පටන් අරං. ගිය පාර හමුදා ක්‍රියාන්විතයක් -Act of Valour (2012)- සිදු කළ ඔහු මේ පාර සූදානම කාර් රේස් එකකට. Breaking Bad ටෙලි කතා මාලාවෙන් හමු වූ Aaron Paul ප්‍රධාන චරිතයේ හිමිකරුවා ලෙසටත්, Imogen Poots දෙවන ප්‍රධාන චරිතයේ හිමිකාරිය ලෙසටත් දැනටම තීන්දු කරමීට එක් වී හමාරයි. තුන්වන ප්‍රධාන චරිතය සඳහා කොහොමහරි Dominic Cooper ම යොදාගන්ඩ අවශ්‍ය වූ නිසා ඔහුත් ඉන්නා බවකුයි දැනගන්ඩ තිබෙන්නේ. මතකනම් Devil’s Double සහ Abraham Lincoln: Vampire Hunter චිත්‍රපට; එහි සිටියේ ඔහු තමයි.

දැන් පටළැවිල්ලක් වෙන්ඩ ඇති මොකද්ද මේ චිත්‍රපටය කියලා. මෙච්චර ප්‍රධාන චරිත ගොන්නක් මොකද කියලා. එහෙම නැතිව බැහැ. හේතුව මේ රිදී තිරයට ගෙන එන්නට හදන්නේ Electronic Arts දිසිරූ ක්‍රීඩා සමාගමේ Need For Speed ඇසුරින් ගොඩනැගෙන්නක්. ඔබට හුරුපුරුදු දිසිරූ ක්‍රීඩාවෙහි අඩංගු තේමාව වෙනුවට මේ සලරුවෙහි කැටි වන්නේ නීතිවිරෝධී තරග රියැදුරෙක්(Paul) සම්බන්ධ කතාවක්. ඔහු කාර් සම්බන්ධ අරුමෝසම් වැඩ සහ ඒවායෙහි ජවගැන්වීම් කරන ගරාජයක හිමිකරුවෙක්. තරගයක් අතරතුරදී ඔහුගේ හොඳම මිතුරා මිය ගියහම ඒකට පොලිසිය වරද පටවන්නේ ඔහුගේ පිට මත. හිරෙන් එළියට එන්නේ මේ දෙකේම වාඩුව ගන්නට දිවුරුම් දුන් මිනිහෙක්.

මෙහිදී Cooper; Dino නම් හිටපු NASCAR රියදුරෙක්, දැන් ධනවත් ගනුදෙනුකරුවන්ට සුපිරි කාර් සකසන්නෙක්. Poots මේ දෙදෙනා හා ම ගනුදෙනු කරන කාර් සැපයුම්කරුවෙක්. Waughගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ‘DreamWorks’ නිෂ්පාදන පිරිවැය හොබවන මෙය ලබන වසරේ තිරගත කිරීමට පිඹුරුපත් සැකසූවක්. ඔවුනගේ අභිප්‍රාය මෙය 1970 කාර්-සංස්කෘතියේ ආභාෂය සහිතව ඉදිරිපත් කිරීමයි. ඒ අනුව 2014 වසරේ පෙබරවාරි 07වැනි දින සිනමා ශාලාවන් කරා ධාවනය කිරීමට නියමිත මෙය දැන් පසු නිෂ්පාදන අදියරේ පවතිනවා.

උදා (217 Posts)


5 thoughts on “Need For Speed රිදී තිරයට !

  • November 26, 2012 at 2:30 PM
    Permalink

    PATTA PATA PATA
    NF kiyanne mage age kotasak wage
    now NF wala film aka kuth enwa ,supiri
    godak thanks mg.dunnata

  • November 11, 2012 at 9:55 PM
    Permalink

    අප්පට සිරි කිව්වලු,! ගේම එක වගේම බයිස්කෝප් එකත් පට්ට එකක් වෙයි.
    මයේ හිතේ.. එළම තමයි..

  • November 8, 2012 at 8:45 PM
    Permalink

    නියමයි. හොද ආරංචියක්. මේක නම් ආපුගමන් අනිවාර්යෙන් බලනවා. බොහොම ස්තුත්යි දැනුම දුන්නට.

  • November 8, 2012 at 6:11 PM
    Permalink

    නියමයි 🙂 වැඩේ දිගටම කරමු දන්නේ නැති හුගක් දැන ගන්නවා මේ සයිට් එක නිසා

  • November 8, 2012 at 6:09 PM
    Permalink

    පට්ට බන් මේක සුපිරි සයිට් එකක්…දිගටම ලියන්න 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *