Boss (2013) – [ප්‍රධානියාගේත් ප්‍රධානියා…] Trailer with Sinhala sub..

මම අදත් කියන්න යන්නේ පුරුදු විදියටම හින්දි චිත්‍රපටියක් ගැන.මේකේ කතා නායකයා වෙන්නේ අපි කව්රුත් දන්නා ආක්ෂේ කුමාර්.මෑතකදී තම සිනමා දිවිය උඩුයටිකුරු කළ පුද්ගලයෙක්.ඔහු සම්පූර්ණයෙන්ම ඔහුගේ සිනමා දිවිය වෙනස්ම පැතිකඩකට රැගෙන ආවා.මෙම චිත්‍රපටියත් ඒ වගේම එකක්.මේකේ තව දන්නා හඳුනන නළු නිළියෝ කිහිප දෙනෙක්මත් ඉන්නවා.මිථුන්,රෝනිත් වගේ අය.ප්‍රධාන නිළිය අදිති රාඕ.එයත් Murder 3,Dellhi 6 වගේ චිත්‍රපටි වලින් කලින් දකින්න ලැබුණු නිලියක්.

මේ චිත්‍රපටිය ධාවන කාලය මිනිත්තු 143 ක්.ඔක්තෝම්බර් 16 තමයි සිනමාශාලා වලට නිකුත් වුනේ.මේකට දැනට ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයට ලැබී ඇති ඡන්ද වලින් 5.9 ක අගයක් හිමි වෙලා තියනවා.වියදම් වූ මුදල් ප්‍රමාණය ගැන නම් සඳහනක් නැති වුනත් අන්තර්ජාලය පුරා රවුමක් ගිය පසු සොයාගැනීමට පුළුවන් වුනේ මෙම චිත්‍රපටය පළමු සතිය තුල කෝටි 45 ක් පමණ සොයා ගැනීමට සමත්කම් දක්වා ඇති බවයි.ඉතින් ටිකක් ප්‍රමාද වුනත් මේක හොඳයි කියල හිතුන නිසා තමයි ඔයාලට බලන්න අරන් ආවේ.

Boss (2013) FI

ඉතින් මම මේකේ කතාව යන හැටි කියන්නම්කො පොඩ්ඩක්.සත්යාකාන්ත්(මිථුන්) කියන්නේ ළමයි දෙන්නෙක් ඉන්න පාසල් ගුරුවරයෙක්.ඔවුන් තමයි සූර්යා(ආක්ෂේ) සහ ශිව්.සූර්යා කුඩා කාලයේ කිහිප වතාවක්ම ළමයෙක එක්ක රණ්ඩු වෙන නිසා තාත්තා එයාව පවුලෙන් එලියට දානවා.ඊට පස්සේ කාලය ගතවෙලා ශිව් ආදරය කරන්න ගන්නවා අන්කිතා කියන ගෑනු ළමයට.ඒ ගෑනු ළමයා අයුෂ්මන්ගේ(Ronith) නංගි.එත් අයුෂ්මන්ට ඕනේ තමන්ගේ නංගිව ඇමති කෙනෙකුගේ පුතාට බන්දවල දෙන්න.ඉතින් අයුෂ්මන් කරන්නේ ශිව් නොකරපු වරදකට පටලවල හිරේ යවල තමන්ගේ අදහස ඉෂ්ට කරගන්න.මේකෙන් තමන්ට ඉතුරු වෙලා ඉන්න එකම පුතාව බේරා ගන්න තාත්තා යන්නේ තමන් කාලෙකට කලින් ගෙදරින් දොට්ට දැම්ම අනිත් පුතා හොයාගෙන.ඒ කියන්නේ සූර්යා.දැන් සූර්යා කියන්නෙත් එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි.ප්‍රවාහන ව්‍යාපාරයක ප්‍රධානියෙක්.ඉතින් තමන් කාලෙකට කලින් ගෙදරින් එලෙව්ව තාත්තා අරන් එන යෝජනාව සූර්යා පිළිගනීවිද? ඔහුට තමන්ගේ මල්ලිව බේරගන්න පුළුවන් වේවිද?

Boss (2013) 1

ඔයාලට ඒකට උත්තර හොයන්න වෙන්නේ චිත්‍රපටිය බලලම තමයි.ඔයාල දන්නවනේ ඉතින් චිත්‍රපටිය ආපු සැනින් බයිස්කෝප් එකෙන් සිංහල උපසිරසි එක්කම බලන්න ලැබෙන බව.ඉතින් බලන්න පුළුවන් හොඳ කොපියක් එනකම් ඉවසන් ඉන්ට වෙනවා ඕන්.ඒ දිනය නම් වැඩි ඈතක නොවෙයි හොඳේ.මේ ට්‍රේලර් එක බලපු සැනින්ම වගේ චිත්‍රපටියත් බලා ගන්න පුළුවන් වේවි ඔයාලට.එහෙනම් ගොහින් එන්නම් හරිය.

පුර්ව ප්‍රචාරක පටය සඳහා උපසිරැසි දායකත්වය ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) සහෝගෙන්.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
දිල්ෂාන් කාලිංග (4 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


දිල්ෂාන් කාලිංග

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

dilshan has 4 posts and counting.See all posts by dilshan

One thought on “Boss (2013) – [ප්‍රධානියාගේත් ප්‍රධානියා…] Trailer with Sinhala sub..

  • November 27, 2013 at 12:24 AM
    Permalink

    Ane Puluwan ikmanata Oya Film eka Denawada Supiri ekak wage kathwa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *