ස්කොට්ලන්ත වීරයා අවසානයේ කරලියට…?

highlander-reboot-cast
Highlander reboot චිත්‍රපටිය එහි නිෂ්පාදනයේ මූලික කටයුතුවත් සිද්ධ නොවී මේවන විට කිහිප වරක්ම නැවතුනා. මුලීන්ම වුනේ අපි කවුරුත් දන්න Fast & Furious අධ්‍යක්ෂවරයා(Justin Lin) මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක ලෙස සිට තනතුරෙන් ඉවත් වීමත් සමගයි. ඊට පස්සේ මේ තනතුර බාරගත්තේ 28 Weeks Later චිත්‍රපටියේ අධ්‍යක්ෂකක වුන Carlos Fresnadillo. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය බාරගන්න සිටියේ Ryan Reynolds. කොහොම හරි අවාසනාවන්ත ලෙස මේ දෙන්නත් චිත්‍රපටියේ කටයුතු වලින් ඉවත් වීමත් සමග නැවතත් නිෂ්පාදන කටයුතු අතරමග නැවතුනේ නව අධ්‍යක්ෂකවරයෙකුගේ සහ ප්‍රධාන නලුවෙකුගේ පුරප්පාඩුව ඇතිකරමින්.

Summit ආයතනය තාමත් චිත්‍රපටියේ ප්‍රධාන නලුවා සඳහා පුද්ගලයෙක් සොයමින් සිටියත්, අධ්‍යක්ෂවරයාගේ පුරප්පාඩුවනම් පුරවගන්න මෙයාලා සමත්වෙලා. මේ අධ්‍යක්ෂකවරයාගේ අරමුණ මීළඟ අවුරුද්ද ඇතුළත පිටපත අනුව චිත්‍රපටියේ මූලික ඡායාරූපකරණ කටයුතු ආරම්භ කරන්න. Deadline වෙබ් අඩවිය පවසන ආකාරයට මේ අධ්‍යක්ෂකවරයා ඔස්කාර් සම්මානලාභී විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග ශිල්පියෙක් වන Cedric Nicolas Troyan. Holloway සහ Marcum අතින් ලියවෙන මෙම නව චිත්‍රපටියේ පිටපත, 1986 තිරගත වුන මුල් චිත්‍රපටියේ පිටපතට හුඟක්ම ලඟින් යන්නක් බවයි පැවසෙන්නේ. මේ පැරණි චිත්‍රපටියේ කාලය හරහා ගමන් කරනා පැරණි ස්කොට්ලන්ත වීරයාගේ ප්‍රධාන චරිතය රඟපෑවේ Christoper Lambert විසින්. 

highlander-reboot-director

Troyon, Snow White and the Huntsman චිත්‍රපටියේ දෘෂ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කිරීමට කලින්, Ring, පළමු සහ දෙවන Pirates of the Caribbean චිත්‍රපටිවල දෘෂ්‍ය ප්‍රයෝග ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කළා. ඔහු මේ වන විට Disney අයතනය Sleeping Beauty කතාව ඇසුරු කරගෙන නිර්මාණය කරනු ලබන Maleficent හි වැඩවල නිරත වී සිටිනවා. Deadline වෙත අදහස් දක්වමින් Troyon, තමන් Highlander reboot නිර්මාණයට අතගැසීමට කැමති වුනේ එහි පැරණි චිත්‍රපටයට නවමු මුහුණුවරක් එක් කිරීමට බව පවසා සිටියා.

Deadline පවසන ආකාරයට Troyon හුඟ කාලයක සිට Highlander රසිකයෙක්. චිත්‍රපටියේ වගේම 1992 සිට 1998 දක්වා විකාශය වුන රූපවාහිනී කතා මාලාව සඳහාද ඔහුගේ ඇත්තේ දැඩි කැමැත්තක්. පැවසෙන ආකාරයට අලුත් පිටපත් රචකයෙක් Troyon ගේ අධීක්ෂණය යටතේ Highlander පිටපත පරීක්ෂා කොට, වැඩිපුර අවධානය කළයුතු කොටස් හඳුනා ගන්නට යෙදවෙනු ඇති.

Troyon චිත්‍රපටිය සම්බන්ධව දක්වන්නේ මෙවැනි අදහසක්.

මට දැනෙන ආකාරයට මේ චිත්‍රපටිය පළමු චිත්‍රපටියට හුඟක් සමාන වේවි. ඒත් අපි වැඩිපුර අවධානය යොමු කළ යුතු දේවල් බොහොමයක් මෙහි තියෙනවා. මේ කතාමාලාව හුඟක් බටහිර ආරක් ගත්ත, කාල තරණය, මායාවන්, ක්‍රියාදාම වලිනි පොහොසත් එකක්. ඒත් පළමු චිත්‍රපටිය කළා වගේම මේක බලන අයටත් අපි හුඟක් පිළිතුරු සපයන්න ඕනේ. මේ කඩු ඇරන් ඉන්න මිනිස්සු කවුද? මෙයාලා ඇයි එක එකකෙනා එක්ක යුද්ධ කරන්නේ? මෙයාලගේ අවසාන අරමුණ මොකක්ද? අපි හිතනවට වඩා හුඟක් දේවල් මේ කතාමලාව තුළ තියෙනවා අපිට සළකලා බලන්න වෙන

MSDHIGH EC001

චිත්‍රපටියේ නළු නිළියන් තෝරා ගැනීම පිටපත සම්පූර්ණ වූ විගසම ආරම්භ වේවි. ඒ අනුව 2014 වර්ෂයේ චිත්‍රපටියේ වැඩකටයුතු ආරම්භ වේවි. පළමු චිත්‍රපටියේ වුනා පරිදිම ප්‍රධාන චරිත සඳහා නවක නලුවෙකුත්, ඔහුව මෙහෙයවන්න පරිණත නලුවෙකු යොදාගන්නත් හැකියාවක් පවතිනවා. පළමු චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ නවකයෙක් වුන Christoper Lambert විසින්. ඔහුට අවශ්‍ය ගුරුහරුකම් ලබාදුන්නේ ප්‍රවීනයෙක් වුන Sean Connery විසින්. Reynolds මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස තෝරාගෙන ඉන්නා විට ඔහුට ලැබුණේ ඇල් මැරුණු ප්‍රතිචාරයක්. ඒත් කලින් කිවුවා වගේ නවකයෙක් මේ සඳහා යොදාගැනීම Highlander රසිකයන් බොහෝවිට අනුමත කළහැකි බව පැවසෙනවා.

මේ අනුව 2014 මුල චිත්‍රපටියේ වැඩකටයුතු ආරම්භ කළහොත්, 2015 දී චිත්‍රපටිය තිරගත වේවි. හැබැයි නැවතත් කිසිම ප්‍රශ්නයක් මැදදී ඇති නොවුනහොත්.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
දක්ෂිණ විජේසූරිය (5 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


දක්ෂිණ විජේසූරිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

dakshina has 5 posts and counting.See all posts by dakshina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *