Last Vegas (2013) – වයසේ හැටියට නෙමෙයි වැඩ…

අද කියන්න යන්නේ මේ මාසේ පළමුදා නිකුත් වුන විනෝදාත්මක චිත්‍රපටියක් ගැන. මේකේ ප්‍රධාන පිරිස නම් බොහොම සුපිරි තරු… මුලික චරිත හතර සඳහා එකතු වෙන්නේ Robert De Niro, Michael Douglas, Morgan Freeman, Kevin Kline මේ හැමෝම ඔස්කා සම්මාන එකක් හෝ දිනාගත් රංගන ශිල්පින්. ඉතින් තේරෙනවනේ හැකියාව. ඔවුන්ට අමතරව Mary Steenburgen, Jerry Ferrara, Romany Malco, Stephen Scott Scarpulla හා තවත් පිරිසක් මෙහි චරිත නිරුපනය කරනවා.

Last Vegas (2013) FI

CBS Films චිත්‍රපටි බෙදාහැරීමක් වෙන මෙය Jon Turteltaubගේ අධ්‍යක්ෂණයක්, ඔහු තමයි සුප්‍රසිද්ධ National Treasure චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කලේ, ඒ වගේම ඉදිරියේ එන්න තියන තෙවැන්නත් ඔහු අතින් හැඩ වෙනවා කියලා තමයි ආරංචි. Dan Fogelman තමයි පිටපත් රචකයා වෙන්නේ ඔහු Crazy, Stupid, Love., Cars 2, Tangled වගේ නිර්මාණ කරලා තියනවා කිව්වොත් ඔහු ගැන හිතාගන්න ඒ ඇති වේවි කියලා මම හිතනවා. පැය 1 මිනිත්තු 30 පුරා දිවෙන මේ විනොදාත්කම චිත්‍රපටය නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 28ක මුදලක් වැය වෙලා තියනවා කියලයි සදහන් වෙන්නේ.

Last Vegas (2013)

කතාව වෙන්නේ මෙහෙමලු, බිලී, පැඩී, සෑම් හා අර්චි කියන්න හතරදෙනාම බොහොම හොඳ මිතුරන්, වයස අවුරුදු 60 ගන්න ගෙවන්නේ. පැඩී, සෑම් හා අර්චි  මේ වෙනකොටත් විවාහ වෙලා ඉවරයි. දැන් කට්ටියම යනවා මත් බවෙන් පිරුන නගරය ලාස් වෙගාස් වෙත ඒ බිලී වෙනුවෙන්. මෙයාලගේ අරමුණ වෙන්නේ වයස අමතක කරලා ඉස්සර තරුණ හොද කාලේ වගේ විනෝදෙන් ඉන්න. නමුත් හිතුවේ නැති ලෙසට මෙයාලගේ යාළුකම පවා පරික්ෂාවට ලක් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.. තවත් කියන්න නම් බැහැ එතකොට ආවම බලන්න දෙයක් නැති වෙනවා. 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

One thought on “Last Vegas (2013) – වයසේ හැටියට නෙමෙයි වැඩ…

  • November 10, 2013 at 11:01 AM
    Permalink

    ‍අ‍යි‍යා, ‍කො‍ම‍ඩි ‍පැත්‍‍ත‍ට ‍බ‍ර ‍වෙ‍ලා ‍ව‍ගේ.
    ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍සබ්‍ ‍දෙ‍යි ‍කි‍ය‍ල ‍නම්‍ ‍දන්‍‍න‍වා. ‍එ‍ත‍කම්‍ ‍බ‍ලා ‍ඉ‍මු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *