හැදෙන හැටි…XI : We’re the Millers (2013) | නොසිතු මොහොතක සොදුරුතම හමුවීම

Were-the-Millers

ප්ලේන් වලින් පරිස්සමෙන් බිමට බැහැපු කට්ටිය විවේකි සෙනසුරාදාවේ ඊලගට සමීර සහෝ එක්ක ගංජා ගෙනියන පවුලක් එක්ක මෙක්සිකෝ සවාරියක් යන්න ඇති කියලා හිතනවා… ඉතින් මේ සුදානම ඒ පවුලේ චාරිකාව පිටුපස රසමුසු තැන තියේද බලන්න… පවුලක් කිව්වට හරියටම පවුලක් නොවන වග දකින්න ඇති නේ බලපු උදවිය, මොකක් වුනත් සිනහා සාගරයක්. නමුත් මේ සිනමා පටය සිනහව විතරක් නෙමෙයි හොඳ මුදලක් උපයන්න පවා සමත් වෙලා තියනවා. කොටින්ම කියනවා නම් නිෂ්පාදකයන් පවා මවිතයට පත් වෙලා තියනවා අදායම ගැන. ඇමරිකානු ඩොලර් මිලියන 37 වැයකරලා මේ සිනමා සිත්තම ලොව පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 261 කට අදික මුදල් උපයාගෙන තියනවා. ඒ චාරිකා අලලා නිර්මිත ප්‍රහසන චිත්‍රපටි ආදායම් වාර්තා අතර දෙවැනි තැන පසු වෙමින්.

“Waterfalls” ගීතය මතක ඇති කියලා හිතනවා, අර වාහනයේදී පවුලම එකතු වෙලා ගයනා කරන්නේ.  ඔය ගීතය Will Poulter කතාවට අනුව නම් කෙනිගේ තේරීමක් ලු ඒකට හේතු වෙලා තියෙන්නේ එයා බොහොම තදබල Hip-hop රසිකයෙක්විමලු. නමුත් ඔය සින්දුව විහිළුවට ඇරගෙන තියෙන්නේ Jennifer Aniston ව. රුගත කිරීම වෙලාවේ කට්ටිය ඔක්කොම එකතුවෙලා “Waterfalls” වාදනය කරන්න ඕනේ වෙලේ “Friends” හි තේමා ගීතය වාදනය කරලා තියනවා, මේ යටිකුට්ටු වැඩේ නොදැන හිටිය Jennifer Aniston මේකට අහුවුනා බව තමයි ආරංචි.  

මතක ඇති නේද අර ඩේවිඩ් හාදයා සල්ලි නොදී මග අරියහම ලොකු මාළු ටැංකියක් තියන කාර්යාලයකට ගෙනාවේ බිම තිබ්බ ඉටිකොලේ දැක්ක ගමන් මිනිහා මරන්න එපා කියලා පින් දෙන්දු වුනා නෙව Dexter කතා මාලාවේ සිදුවීම් හේතු හැටියට කිව්වා මතක ඇති නේ ඒ වෙලේ… දෛවයේ සරදමකට වගේ කතාවේ උන්න Matthew Willig අර එක ඇහැක් තිබ්බ මාරයා හා Mark L. Young  සොකිටි පී අර අමුතු කොල්ලා මේ දෙන්නම් Dexter කතා මාලාවේ ගොදුරු බවට පත් වෙලා තියනවා. ඒ වගේම මේ කතාවේ රගපාන උදවියගෙන් වැඩි දෙනෙක් මේ වසරේ NBC නාලිකාවේ විකාශයවෙන ප්‍රහසන කතා වලින් එකක් හෝ එක කොටසකට පෙනී හිටලා තියනවා.

Will Arnett Jason Bateman

මේකේ ඩේවිඩ්ගේ චරිතයට Jason Sudeikis තෝරාගන්න කලින් Jason Bateman, Will Arnett කියන නළුවන් දෙදෙනා ගැන සලකා බලලා තියනවා. මොවුන් දෙන්නම රුපවාහිනි ප්‍රහසන නාට්‍ය කලාවේ බොහොම ඉහලින් තියන Arrested Development හි ප්‍රධාන චරිත නිරුපනය කළා, බලපු අය දන්නවා ඇති නේ… කොහොම හරි අන්තිමට ඩේවිඩ් වුනේ Jason Sudeikis. චිත්‍රපටය අතිශය සාර්ථක වුනා… ඔන්න අපේ මව් අඩවියෙනුත් දීලා තියනවා, පහත ඇති හැදෙන හැටිත් එකත් බලලාම යන්නකෝ…

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *