Kick Ass 2 මග එනවා

2010 වසරේ නිකුත් වුණ Kick-Ass චිත්‍රපටයේ දෙවැන්න සම්බන්ධව කටයුතු කෙරෙන බව ආරංචියි. මෙවර Red Mistට(රතු මීදුමා) අලුත් සගයෙක් හමු වෙලා. ආරංචියේ හැටියට ඒ The Tumour(මොල්ලියා) කියල කෙනෙක්. මේ අලුත් සගයා රතු මීදුමාගේ සුපිරි දුෂ්ටයින් කල්ලියට එක්කහු වෙලා. මොල්ලියා විදිහට රංගනයට එකතු වෙන්ඩ සැරසී ඉන්නේ බ්‍රිතාන්‍ය නළුවෙක්/ මැජික් ශිල්පියෙක් වන Andy Nyman කියලයි දැනගන්ඩ තියෙන්නේ. මේ වන විට මොහුගේ මේ එක් වීම ගැන සහතික කරලා තියෙනවා.
කියැවෙන විදිහටනම් දැනටමත් මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹිලා තියෙන්නේ. මෙහි පළමු වැන්නේ හමු වූ පරිදිම Kick-Ass(පස්ස-පටස්) විදිහට Aaron Johnson ද, Red Mist(රතු මීදුමා) විදිහට Mintz-Plasse ද, Hit-Girl(ගුටි-කෙල්ල) විදිහට Chloe Moretz ද රංගනයෙන් දායක වෙනවා. ඒ ඇරුණහම රතු මීදුමාගේ දේහාරක්ෂකයෙක් විදිහට John Leguizamoත්, සුපිරිවීර අචාර්ය ගුරුත්වා(Dr Gravity) ලෙස Donald Faisonත්, ගුටි කෙල්ලගේ භාරකාර මාකස් විලියම් ලෙස Morris Chestnutත් එකතු වෙන බව නිසැකයි.
Jim Carreyවත් මේකට එක්කාසු කරගන්ඩ හිතාගෙන උන්නු බවකුත් සඳහන් වුණා. The Colonel(සේනාපති) නම් වන සුපිරි වීර චරිතය ලෙස අනිත් අයට මගපෙන්වන, උදව් කරන කෙනෙක් විදිහට ඔහුවත් හම්බවෙන්ඩ පුළුවන් වෙයි. ගියපාර මේ කට්ටිය කෙළපු පිස්සුව මතක අය මේ පාරත් කොරන වැඩ දැක ගන්ඩ බලාගෙන නෙ ඇත්තේ. හැබැයි ඒකටනම් 2013 ජූනි 28 වෙනිදා මේක තිරගත වෙනකම් ටිකක් ඉවසන්ඩ වෙනවා.
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *