ඉදිරි දිගහැරුම… (XXXVII) | Minion’ලා එනවෝ…!!!

Despicable-Me-2-2013-English-Film-Watch-Online-Full-Movie_q75_w600_h400

හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා! මුන්ට සිංහලෙන් මොකක් කියන්නද මන්දා…? 🙁 මමනම් මංසලේ දානකොට මුන්ට දුන්න නම “කුරුකුට්ටෝ”. එහෙමද හොඳ? නැතිනම් “ඇඹිටිල්ලෝ” කියමුද? කෝකද මන්දා වඩා හොඳ! මොනවා වුණත් මිනියන්ලා කීවම දන්නවනේ? අර කහපාට ඇඹිටිල්ලන් කුරුකුට්ටෝ ටික. ගෲ ගෙ උදව්කාර කහපොඩ්ඩො ටික.

despicable_me_2_minions-1920x1080_q75_w640_h360

හරි! මේකයි කාරණේ. Illumination Entertainment සමාගම තමන්ගේ නිර්මාණය දෙවෙනිවරටත් අති සුපිරි වාර්තාගත ධාවනයක් පෙන්නුම් කළ නිසා, දැන් මේ ගැන දැඩි විශ්වාසයක් තියලා තියෙනවා. හරියටම කියනවානම් මේක Despicable Me ට හෝ Despicable Me 2 ට් එක්කෙරෙන අනුබැඳියක් නොවෙයි. මේක ඉන් බිඳීවිත් තැනෙන්නක්. Spin-off කියන්නේ… සිංහලෙන් කීවොත් පිට-පැන්මක් 😀

දැන් තේරෙනවා ඇති වැඩේ. නැද්ද මං අහන්නේ? මේ පාර ගෲ නෑ. කෙලිපැට්ටොත් නෑ. අධමයොත් නෑ. අධම විරෝධියොත් නෑ. ම්ම්හ්… හැබැයි ඒකනම් ෂුවර්ම නෑ. මොකද මේ ඇඹිටිල්ලන් කුරුකුට්ටෝ ඉන්න තැනක මේ කිව්ව අය නොඉන්න විදිහක් නෑ. නමුත් තවම හරියටම දන්නෙත් නෑ. හැබැයි මේකෙ ඩොක්ටර් නෙෆාරියෝ විතරක්වත් ඉඳී. ගෲ ත් ඉඳී මම හිතන හැටියට. මොකද ගෲ නේ මේගොල්ලන්ගේ ස්වාමියා. එතකොට ගෲ සහ අධමයන් අතර සබඳතාව කොහෙත්ම මකලා දාන්න බැරි එකක් නිසා, ඒකත් තියෙන්න බැරි නෑ. ඒ වුණත් මිනියන්ලා සහ අනෙකුත් චරිත අතර බාගෙ බාගෙ දෙවැන්න බෙදා හැරපු නිසා, මේක තනිකරම මිනියන්ලා ගැන බවයි ආරංචිය.

despicable-me-2-paradise-3_q75_w640_h336

හැබැයි කතාවෙ කියන්නෙ මෙන්න මේ වගේ දේවල් බවනම් දන්නවා. ‘හැබෑට මේ මිනියන්වරු මොක්කුද? කොහොමද මුන් හැදුණේ? ඇයි මුන් හැදුවේ? කවුද මුන් හැදුවේ? ඇයි උන් කහපාට? උන් ඔච්චරම පිස්සු පීක් වුණේ කොහොමද? මීට කලින් මුන් මොනවා කරන්න ඇද්ද? මුන් කරපු කියපු මගෝඩි වැඩ; එතකොට… පිස්සු ආතල්… හක 🙂 හක 😀 හක 😛

ඔන්න ඔයවගේ ඒවා ගැන තමයි මේ පාර කියන්නේ, මේ ඇඹිටිල්ලන් කුරුකුට්ටෝ වෙනුවෙන්ම වෙන්වුණු නිර්මාණයෙන්. ඉතින්, කියැවෙන විදිහට Illumination සමාගම සහ Universal ආයතනය; Despicable Me සිනමාවට ගෑවිච්ච මොනම දෙයක් වුණත් මාකට් කරන එක අමාරු නැති වග දන්නා නිසාවද මන්දා, කලින් නියමිතව තිබුණ දින වකවානු වෙනස් කරලා. ඉස්සර තිබ්බේ 2014 ශීත කාලේ මේක ප්‍රදර්ශනය අරඹන්නයි. නමුත් ඒක මාස 6කින් පස්සට දාලා. ඒ කියන්නේ 2015 ගිම්හාන සෘතුව. මේක අධ්‍යක්ෂණය Despicable Me 1/ 2 සම-අධ්‍යක්ෂක Pierre Coffin විසින්. තිරරචනය, Hop ලියපු Brian Lynch.

Despicable-Me-2-Review_q75_w612_h380

Despicable Me 2 හොයපු ගාණ ලෙහෙසි නෑ. මේ වෙනකොට Iron-Man 3 ට පමණක් දෙවෙනි වෙමින්, මේ වසරේ අතිසාර්ථකම දෙවැන්න ලෙස ආදායම් සටහනේ පෙරමුණ ගන්නට මේ සජීවීකරණිත, විනෝදාත්මක සිනමාපටය සමත්වීම, පෙරළිකාර තත්ත්වයක් බවට පත්වෙලා. එහි අගය තවත් වැඩි වන්නේ මෙය දෙවැන්නක් නැතිනම් අනුබැඳියක් වීම නිසා. ඊටත් ඔන්න වැඩිම ආදායම් ලබාපු සජීවීකරණ සිනමාපට 10 ලිස්ට් එකෙත් මේකට ලොකු තැනක් තියෙනවලුනේ… සමීර සහෝ විස්තර කියනවා ඒ ගැන. 

despicable-me-2-feat_q75_w600_h385

දැනට දිනනියමයන්ට අනුව, මේ ඇඹිටිල්ලන් කුරුකුට්ටන්ට මුහුණ දෙන්නට වන්නේත් එසේ මෙසේ තරගයකට නොවෙයි. Terminator ප්‍රත්‍යාරම්භක සිනමාපටය තිරගතවීම ඇරඹී සති දෙක් ඇතුළත තමයි මේ ඇඹිටිල්ලෝ ටික කරණම් ගහන්න සූදානම. ඉතිං 2015 තමයි මෙතෙක් වාර්තාවන, වැඩිම තරගකාරී සහ ආක්‍රමණකාරී සිනමා නිර්මාණ ගණනක් තිරය හොල්ලන වසර. එනිසා ඒ යෝධයෝ මැද්දේ මේ කුරුකුට්ටන් ඇඹිටිල්ලෝ ටික වැඩ පෙන්නන හැටි දැකබලාගන්ඩ මේ දවස පහුවෙනකම් ඉවසන් ඉන්ඩනම් වෙනවාමයි…

 

තිරයට එන දිනය: 2015 ජුලි 10

උදා (217 Posts)


One thought on “ඉදිරි දිගහැරුම… (XXXVII) | Minion’ලා එනවෝ…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *