Sleepy Hollow 01×06 කොහොම වේවි ද?

Sleepy Hollow මිට සති 5 කට කලියෙන් Fox නාලිකාව ආරම්භකළ අලුත්ම කතා මාලාව. අපේ මව් අඩවිය වන බයිස්කෝප් වෙතින් සිංහල උපසිරැස එක්කම අපි එය ඔබ වෙත ගෙනාවා නෙව. කතාව බලන්න පටන් ගත්ත හැමෝම දකින්න ඇති 1999 වසරේ පැමිණි චිත්‍රපටයට ටෙලි කතාව ඉදුරාම වෙනස් බව… 

ඉකොබොඩ් ක්‍රෙයින් යනු ඇමරිකානු විප්ලවයේදී බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් වැදීමට ඇමරිකාවට ගොස් පසුව තමන්ගේ මතවාද හා ගට්ටනයෙන් තම පිල වෙනස් කල ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද මහාචාර්යය වරයෙක්. ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන් යටතේ පැවතුන විශේෂ රෙජිමේත්හ්හුවක සටන් කල ඔහු හට ජෙනරාල් වරයා විශේෂ මෙහෙයුමක් බාර කරනවා. ඒ නමක් රහිත සොල්දාදුවෙන් ඝාතනය කරන්නට,  ඔහු නිකම්ම සොල්දාදුවෙක් නොවෙයි, ඔහු ලෝක විනාශයට කලින් පැමිණෙන අසරුවන්ගෙන් කෙනෙක්… ක්‍රෙයින් හඩ්සන් නිම්නයේ ඒක මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයකදී ඔහු හදුනා ගන්නවා මුලින් ඔහුට වෙඩි තැබුවත් පසුව ඔහු නැගී සිටීම නිසා හිස ගසා දමා ඔහුව ඝාතනය කරනවා, නමුත් ක්‍රෙයින් ඒ මොහොතේ බලපතල තුවාල ලබනවා වගේම ඔහුගේ හා අසරුවාගේ රුධිරය එක් වීමෙන් ඔවුන් ගේ ආත්ම බැදී පවතිනවා.

SH1

රෝහල වෙත ගෙන එන ඔහුව බේරාගන්නේ ඔහු මායාකාරියෙක් බව නොදන්නා ඔහුගේ බිරිද කත්‍රිනා විසින්, ඒ ඔහුව යම් ආකාරයේ බන්ධනයක් මගින් නිද්‍රාවට පත්කිරීමෙන්. ඔහු අවදි වෙනවා ඒ වසර 250 ගිය තැන.. මේ වනචිට ඇමරිකානු විප්ලවය අවසන් ඔහු පිවිසෙන්නේ ආර්ථික අතින්, දේශපාලන අතින්, සදාචාරය අතින් වගේම සිතුම් පැතුම් හා බුද්ධිය අතින් වෙනස් තැනක සිටිනා මිනිසුන් වෙසෙන 21 වන සියවසේයි… නමුත් ඔහුගේ අවදි වීමට හේතුව ඔහුට පෙර යමෙකු චිසින් අසරුවා අවදි කිරීම.. ලෝකයට පිස්සෙක් වන ඔහු ලුතිනන් ඇබි මිල්ස් හා මිතුරු වෙන්නේ ඇයගේ හවුල්කරුවා හා ප්‍රධානියා වන ෂෙරීෆ් කොල්බින් අසරුවා අතින් ඝාතනය වීමත් එක්ක, නමුත් ඇය සුදානම් නැහැ හිස නැති අසරුවෙක් ස්ලිපි හලෝ නගරයේ රවුම් ගහනා බවක් පිළිගන්න, ඒ ඇයට මින් පෙන සිදුවූ පැහැදිලි කල නොහැකි සිදුවීම් හේතුවෙන්… මොවුන් දෙදෙනා මිතුරු වෙනවා ඒ පතාගෙන ආ ලෙසින් මක්නිසාද යත් ලෝක විනාශයට කලින් පැමිණෙන අදුරු සමයේ සටන් කල යුතු සාක්ෂිකාරයන් දෙදෙනා වන්නේ මොවුන් බැවින්.

SH2

දෙවන කොටස තිරයේ දිග හැරෙන්නේ ස්ලිපි හලෝ යනු නිකම්ම එක අසරුවෙක් පිටුපස පන්නාගෙන යන ටෙලි කතා මාලාවක් යන මතය අපේ හිත්වල තිබුනා නම් එයත් බැහැර කරමින්, මේ සියල්ල එක්ක ඉකොබොඩ්ගේ බිරිද වන කත්‍රිනා ඔහුට සිහිනයෙන් අනතුරු ගහවන්නට පටන් ගන්නවා, ඇයට අනුව නම් මුලින් පැමිණ මරණයේ අසරුවා කෙනෙක් පමණයි දැන් පැමිණෙන්නේ ඇය වන මයාකාරියක්, මේ සිදුවීම එක්ක ක්‍රෙයින් සතු නගරයේ පුරාන සිතියමේ දැනුම හෙළි වෙනවා, ඇබි තමන්ගේ නගරය ගැන නොදත් යටගියාව දකින්න පටන් ගන්නවා. ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් නගරයේ යටින් දිවිවෙන උමගක් තුල සිරිල්ඩාගේ කතා පුවත අවසන් වෙනවා.

SH3

මෙහෙම තෙවැන්නට ආවම අපි දකින්නේ ඇබි පැන යන අතීතය, ඇය සිහින රකුසා එසේ නැති නම් රෝකොරෝන්ටියස් ගේ ගොදුරක් බවට පත් වෙන්නේ ඇය තමන්ගේ උදව් තම සොහොයුරිය වන ජෙනි මිල්ස්ට අවශ්‍යම වූ මොහොතේ ලබා නොදීම හේතුවේ. නමුත් මෙහි ගොදුරු වුනේ ඇය පමණක් නොවුන බව මතක ඇති හැමෝටම, මේ කතාව තුලින් ක්‍රෙයින් ගේ පක්ෂපාත බව, හා මේ සියල්ල එක්කම පැන යන අතීතයට මුහුණ දෙන්නට ඇබි හිත හදාගැනීමත් එක්කම ඇය සිහිනා රකුසා පරදනවා..නමුත් ඇය රෝහලට යන්නේ සොහොයුරිය වෙනුවෙන් ඇය පැන ගිහින්…

SH5

සිව්වන කොටස අපි කැදවාගෙන යන්නේ සොලමන් රජු විසින් ලියන ලද මායා ග්‍රන්ථයක් යොදාගෙන හෙසියානුවන් ආමනුෂ්‍ය ආත්මයන් 72 මනු ලොවට ගෙන ඒමට යන සැලසුමක් එක්ක.. මෙවර කතාවේ ඉතිහාසය තුල නමක් තියාගත් සිදුවීමක් වන “බොස්ටන් තේ පැන් සංග්‍රහය” ක්‍රෙයින් විසින් කරන ලද්දක් බව පෙන්වා දෙනවා, ඒ අනුව ඉතිහාසය කතාව තුල ඔවුන්ට අවශ්‍ය පරිදි යොදාගන්න ආකාරය දිගින් දිගටම සනාත වෙනවා වගේම, මේ කොටසේ ප්‍රධානම කාරණය වන්නේ නපුරට එරෙහිව සටන් වදින ජෙනී මිල්ස් මෙනෙවියයි. ඒ ඔක්කොම එක්ක ඇබි පියෙක් මෙන් ආදරය කල ෂෙරීෆ් වරයා ගැන ඇය නොදත් යමක් දැනගන්න ලැබෙනවා. ඒ ඔහු හා ජෙනි අතර තිබු සබැදියාව. කොහොම හරි මන්ත්‍ර ග්‍රන්ථය හා හෙසියානු කල්ලිය පරදා මේ තුන්කට්ටුව ජය ගන්නවා. 

SH6

පහුගිය සතියේ අපි දැක්කේ ඇමරිකානු ඉතිහාසයේ තවත් එක මතකයක්… ඒ කාල තරණය කල ක්‍රෙයින් ඇබි සමග තවත් කාලයේ පිටු පසට යාමෙන්… නැතිවුන ජනපදය කතාව එක්ක තවත් අසරුවෙක් කතාවේ මතු වෙනවා, නමුත් මෙවර තමන් නොදකින දේ පිළිබද ඇබි තුල හටගන්නා විශ්වාසයෙන් ඇය සියල්ල අවසානයේ සිනාසිය හැකි තැනකට රැගෙන එනවා වගේම ක්‍රෙයින්ගේ ජීවිතය බේරා ගන්නවා. නමුත් ක්‍රෙයින් අසිහියෙන් ගෙනාවා කාලය තුල ඔහු කත්‍රිනා හමු වෙනවා, ඒ වගේම ප්‍රධානම දේ ඔහු ඇය සිටිනා තැන පිළිබද අවබෝධයක් ලබා ගන්නවා…

දැන් අපි යොමුවෙන්න ඕනේ හයවන කොටසට, නමුත් ඔබට මට අදක හෙටක නම් ඒ කොටස බලන්න ලැබෙන්නේ නැහැ… නමුත් එදිනට විකාශය වෙන කොටස වෙනුවෙන් ඔවුන් අන්තර්ජාලයට එක්කල පුර්ව ප්‍රචාරක පටයක් තියනවා ඉහත එකත් බලලාම යන්න. Fox නාළිකාවට අනුව එම කොටස විකාශය වෙන්නේ නොවැම්බර් 04 වනදා එහෙනම් එදිනට ඒ උපසිරැස එක්ක හමු වෙමු.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

4 thoughts on “Sleepy Hollow 01×06 කොහොම වේවි ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *