Assassin’s Creed 2015 දී රිදී තිරයට….

AssassinsCreed-Featurebanner

හොලිවුඩ් පුරයේ ගොඩක් දේ සිනමා තිරයෙන් කල එලි බහිනවා, මේ සියල්ල අතර තියනවා ඔබ අපි විනෝදය තකා ක්‍රීඩා කරන පරිගණක ක්‍රීඩා අනුසාරයෙන් තනන ලද චිත්‍රපටත්, නමුත් හොලුවුඩ් පුරයේ කොතරම් සුරුවිරුවන් සිටියත් මේ දක්වා ඉතිසාහය බලනකොට ඒ සියල්ල අසාර්ථකත්වයටපත් වෙලා තියනවා. නමුත් දැන් හොලිවුඩ් පුරයෙන් එන ආරංචි වලට අනුව නම් ඒ සමය අවසානයි, මොකද දැන් ගොඩක් සුපිරි පරිගණක ක්‍රීඩා සුපිරි සිනමා සිත්තම් ලෙස කලඑළි බහින්න වැඩ කටයුතු සැකසෙනවා. මේ කියන්නේ සුදානම් වෙන්නේ එලෙස රිදී තිරය ආක්‍රමණය කිරීමට සැරසෙන Assassin’s Creed පරිගණක ක්‍රීඩාව ගැනයි.

Assassin’s Creed පරිගණක ක්‍රීඩාවේ මේ වනවිට මුලිකව පරිගණක ක්‍රීඩා පහක් නිකුත් වී තියනවා, ඒ Assassin’s Creed, Assassin’s Creed II, Assassin’s Creed: Brotherhood, Assassin’s Creed: Revelations, Assassin’s Creed III ලෙසින් මිට අමතවර ජංගම දුරකථන හා වෙනත් පරිගණක ක්‍රීඩා මෙවලම් වෙනුවෙන් මෙහි විවිද වෙනස්කම් සහිත සංස්කරණ නිකුත් වී තියනවා. මෙහි නිර්මාතෘවරුන් වෙන්නේ Ubisoft  සමාගමයි. මේ පරිගණක ක්‍රීඩා මාලාවේ පිටපත් මිලියන 55 කට අදික වශයෙන් විකිණිලා තියනවා 2013 මාර්තු කල ගණනය කිරීම් වලට අනුව. හිතාගන්න පුළුවන් නේ ඒ ලබාගෙන තියන ජනප්‍රියත්වය. ඔය මිලියන 55 ඇතුලට අපේ වගේ රටවල විකිණෙන හොර කොපි ඇතුලත් වෙන්නේ නැහැ, ඒවත් ආවා නම් ගණන්… අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ ඉතින් ඇයි දැන් මේක සිනමාවට එන්න පාර කපාගෙන තියෙන්නේ කියලා.

Assassins Creed 2 2

Ubisoft ආයතනය මේ සලරුවේ නිර්මාණ කටයුතු සිදු කරන්නේ වෙනස් කිසිම ආයතනයට අයිතිය පැවරීමෙන් නොවෙයි, ඒ වෙනුවෙන් තමන් අලුතෙන් පිහිටුවාගත් Ubisoft Motion Pictures ආයතනය මගින්, බැලු බැල්මට නම් පරණ තාලේ වැඩක් වගේ ඒක නමුත් මේ චරිත අයිතිය එහේ මෙහේ පනින වැඩේ බොහොම භයානක නිසා වෙන්න ඕනේ ඔවුන් මේ තීරණය අරගෙන තියෙන්නේ, ඔවුන්ගේ සැලසුම Assassin’s Creed තවත් ඔවුන්ගේ පරිගණක ක්‍රීඩා රැසක්ම රිදී තිරයට ගෙන්න මේ මොහොත වන විටත් ඒ වෙනුවෙන් පිඹුරු පත් සැකසෙනවා ඇති. 

Michael-Fassbender-X-Men-First-Class-Magneto-Clothing
Michael Fassbender

ඔවුන් පසුගිය දා ඔන්න Assassin’s Creed සලරුව අපිට දැකබලාගන්න ලැබෙන දවස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා ඒ 2015 ජුනි මාසේ 19 වැනිදා… ඒ වගේම ඔවුන්ගේ අනික් ප්‍රධාන නිවේදනය වුනේ මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් පෙනී සිටින සුපිරි තරුව ප්‍රකාශයට පත් කිරීම. ඔහු තමයි Michael Fassbender. ඔහු මේ පන්නයේ සිනමාවේ අලුත් මුහුණක් නෙමෙයි ඔහු සිනමාවේ කතාබහට ලක් වෙන්න ගත්තේ Zack Snyder ගේ  300 හා Quentin Tarantino ගේ  Inglourious Basterds යන සුපිරි චිත්‍රපටිවල මතකයේ චරිත රංගනයක් කිරීමෙන්. පසුව X-Men: First Class හි ඔහුගේ රංගනයත් Prometheus තුල පෑ දක්ෂතාත් කිසිවෙකුට අමතක නැතුව ඇති.

ලගකදී The Daily Beast  සමඟ කල සාකච්චාවකදී ඔහු මෙසේ පැවසුවා:

මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා, මේ වෙනකොට අපි පිටපත නැවත සුදානම් කරමින් ඉන්නේ. මම මේ පරිගණක ක්‍රීඩාව ගැන අහලා තියනවා, නමුත් ක්‍රීඩා කරලා නැහැ කවදාවත්ම. මොකද මගේ ලග නැහැ ඔය ක්‍රීඩා කරන්න ඕනේ උපාංග. :v  . කොහොම වුනත් මම Ubisoft කට්ටිය ගිහින් හමු වුනා, එයාලා මට මෙහි පසුබිම කියලා දුන්නා මම හිතන්නේ මේක බොහොම සිත් ඇදගන්න කතාවක් වේවි.

Assassins-Creed-4-Edward-Jackdaw

Assassin’s Creed චිත්‍රපටය තුල අඩංගු වන්නේ මුල් පරිගණක ක්‍රීඩාවේ කතාව ද ? එසේ මෙතෙක් පැමිණි පරිගණක ක්‍රීඩා සියල්ලේ එකතුව ද? එසේ නැති නම් වෙනමම කතාවක්ද කියන එක තවම දැනගන්නට නැහැ, මුල් පරිගණක ක්‍රීඩාවේ කතාව නම් Michael Fassbender කලක් Ubisoft එක්ක රැදී ඉන්න වේවි… බලමු කොහොම වේවිද කියලා… තවත් තොරතුරු ලැබෙන පරිදි ඔබ වෙත අරගෙන එන්නම්.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

5 thoughts on “Assassin’s Creed 2015 දී රිදී තිරයට….

  • February 13, 2014 at 9:17 AM
    Permalink

    ubisoft lage games nam aye kata 2 ne elama tamai.e gollange farcry game eka nan film ekakata gehuwa.tawa patta geme ekak tamai man asawen gahapu splinter cell game series eka.ekat film ekakata gahai da danne ne

  • November 2, 2013 at 10:50 PM
    Permalink

    ආසාවේ බැහැ.

  • November 2, 2013 at 7:05 PM
    Permalink

    sory sory ගේම්ස් 6ක් ම තියනවා………..

  • November 2, 2013 at 11:48 AM
    Permalink

    ela ela..game set ekma play krla tiynw..FILM ekt ae wge fatta wei..thanks saho post 1kt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *