හැදෙන හැටි…VII : The Lone Ranger (2013) | රිදී කොල්ලය….

The-Lone-Ranger-wallpaper

එදා මෙදාතුර සිනමාවේ වැඩිම වියදමක් දරා නිර්මිත බටහිර පන්නයේ චිත්‍රපටිය වෙන්නේ මේ අද තිරයෙන් පිටුපසට අපි එබෙන්නට සුදානම් වෙන The Lone Ranger සලරුවයි. ඒ වියදම එහෙම් පිටින්ම ඇමරිකානු ඩොලර් මිලියන 215 කට අදිකයි. නමුත් මේ සඳහා මුදල් යෙදවූ ඩිස්නි ආයතනයේ බලාපොරොත්තු නම් එතරම්ම සපල කරන්නට මේ සලරුව සමත්වුනේ නැහැ. ඇමරිකාව තුල උපයාගත් මුලද කියනවා නම් කොටින්ම ඩොලර් 89,302,115 වගේ ගණනක්, යන්තම් හරි මිලියන 260 දක්වා ගිහින් තියෙන්නේ විදේශයන්හි ඉපයූ මිලියන 170 කට අධික මුදලට පිං සිද්ධවෙන්න. විචාරකයන්ට අනුව “අසාර්ථක චිත්‍රපටියක්” නමුත් ලංකාවේ බොහොම දෙනෙක් මේ පිළිබද එහෙම දැක්කේ නැහැ, මටත් පුද්ගලිකව සලරුව ඇත්තටම හොදයි… නමුත් ඉතින් ඒ උදවිය හිතන්නේ අපි වගේ නෙමෙයි නෙව….

ජොනී ඩෙප් රංගනයෙන් දායකවුණා ඉන්දියානු චරිතයේ “ටොන්ටෝ (Tonto)” හි ස්පාඤ්ඤ අරුත වෙන්නේ “මෝඩයා” කියන එක. නමුත් ඉතින් ඔය හේතුව නිසාම ස්පාඤ්ඤ තුල ප්‍රදර්ශනය කෙරුණා පිටපතේ ඒ නම “ටොරෝ” ලෙස වෙනස් කරලා තියනවා. කරුමේ කියන්නේ ඔකේ තේරුම “වෘෂභයා” කියන එකනේ. ටොන්ටෝ ගැන කතා කල එකේ තවත් දෙයක් කියන්න තියනවා ඒ තමයි ඔහු වෙස් ගැන්වීම සිදුවෙලා තියෙන්නේ Kirby SattlerKirby නම් චිත්‍රශිල්පියා විසින් සිතුවමට නගන ලද “I am Crow” නම් සිතුවම අනුස්සර කරගෙන.

Kirby SattlerKirby නම් චිත්‍රශිල්පියා විසින් සිතුවමට නගන ලද “I am Crow” ස්සිතුවම හා ටොන්ටෝ

මේක The Lone Ranger සිනමාවට ආව මුල්ම වතාව නෙමෙයි නේ නමුත් මේ වතාව තමයි මෙය මුලින්ම IMAX නිකුතුවක් කල අවස්තාව. ඒ වගේම මෙය මෙතෙක් ලෝකය දැක්ක The Lone Ranger සිනමා පට තුල ටොන්ටෝ හට චිත්‍රපටියේ වැඩිම මුදලක් ගෙවීම සිදුවූ අවස්ථාවත්. ඒ ගණන නම් අපතේ ගිහින් නැහැ කියන එක බලපු උදවිය දකින්න ඇති නෙව. ඒ වගේම මේ තමයි මුල්ම PG-13 කාණ්ඩයට අයත්වන රේන්ජර සලරුව හා ඩිස්නි බැනරය යටතේ නිර්මිත සිව්වැන්න.

ඒ වගේම මේ සලරුව රූපගත කරන කාලයේ ඩෙප් ලොකු අනතුරකින් බේරාගෙන තියනවා “ස්කවුට්”, ස්කවුට් ඇත්තටම අශ්වයෙක්, මෙහි ටොන්ටෝ ප්‍රපාතයකින් වැටෙන වෙලේ ඇත්තටම ඩෙප් ඇද වැටිලා තියනවා ස්කවුට් තමයි ඉදිරියට පැන එයාව බේරාගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කටපුරා ස්තුතියි කරන්නත් ජොනී ඩෙප් නම් සුපිරි නළුවා අමතක කරේ නැහැ.

deep with ho

2013 වසරේ විශාලතම Box Office අලාභයක් ලැබුවක් වුවත් Jerry Bruckheimer ගේ මතයට අනුව නම් මෙයත් දිනක The Wizard of Oz, Pinocchio, Fantasia, It’s a Wonderful Life, Sleeping Beauty, 2001: A Space Odyssey, The Shining, Blade Runner, A Christmas Story, Flashdance වගේ ලොව අතිශය විශේෂිත සදා මිනිස් මතකයේ රැදෙන අග්‍රගන්‍ය සලරුවක් වේවි ලු… අපි එහෙමම පතමු, පහල තියනවා තිරයෙන් පිටුපස රූප ඇතුලත් වීඩියෝව එකත් බලලා යන්නකෝ එහෙනම්.

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *