“ගෝතම් නගරය“ ටෙලි සිත්තමක් ලෙසින් ළඟදීම…..

Marvel ආයතනය ඔවුන්ගේ Agents of S.H.I.E.L.D රූපවාහිනී කතාමාලාවක් ලෙස ඉදිරිපත් කරමිනක් සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්නට සමත් වුනේ මෑතකදී. දැන් දැනගන්න තිබෙන කරුණු කරණා අනුව Warner Bros සහ DC Comic ආයතනත් ඔවුන්ගේම නිර්මාණයක් රූපාවාහිනියට ගෙන එමින් Marvel වෙත තරඟයක් ලබාදෙන්න සූදානම් වෙනවාලු. මේ සඳහා තෝරාගෙන තියෙන්නේ DC Comic හි නිර්මාණයක් වන Batman universe හෙවත් බැට්මෑන් විශ්වයයි. හැබැයි මෙහි ප්‍රධාන කතානායකයා වෙන්නේ අපිට හුරුපුරුදු Batman නම් නෙවෙයි. ඔහුගේ පොලිස් සගයා වෙන ජේම්ස් ගෝර්ඩ්න් නම් පොලිස් පරීක්ෂකවරයා.

Deadline අනුව Gotham කතාමාලාව සඳහා හිමිකාරීත්වය ලබාගැනීමට Fox නාළිකාව සමත් වෙලා තිබෙනවා. මෙම කතා මාලාව ලියවෙන්නේ The Mentalist කතා මාලාව ලියන Bruno Heller විසින්. ඔහු පවසන ආකාරයට ගෝරඩ්න් ගේ පොලිස් ජීවිතයේ ආම්භක දවස් ගැන බොහෝවිට පැවසේවි. ඒ වගේම Batman විශ්වයේ ඉන්නා බොහෝ සතුරන්ගේ ආරම්භය ගැනත් විස්තර කරුණු කාරණා ඉදිරිපත් වේවි. එහෙත් මේ දක්වා Cape Crusader මේ කතා මාලාවේ පෙන්වනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නම් ලබාදෙන්නේ නැහැ.

Batman විශ්වය ගැන කියවුන රූපවාහිනී කතාමාලාවන් කිහිපයක්ම මීට කලින් විකාශය වෙලා තියෙනවා.විශේෂයෙන්ම 2002 දී විකාශය වී අසාර්ථක වුන Birds of Prey නම් කතා මාලාව. ඒත් දශකයකට පස්සේ හුඟක් දේවල් වෙනස් වෙලා. Christoper Nolan විසින් අධ්‍යක්ෂණය කළ තුන් ඈඳුතු චිත්‍රපටි මාලාව නිසා Batman චරිතය බොහොම ප්‍රසිද්ධ වුනා. ඒ නිසා මේ වගේ ප්‍රසිද්ධ චරිත වටා රූපවාහිනී කතා මාලාවක් හදන එක ඇත්තටම ඉතා හොඳ තීරණයක් බවයි බොහෝ දෙනෙක්ගේ අදහස. මේ නිසා බොහෝ දෙනෙක් මේ කතාමාලාව වෙත යහපත් ප්‍රතිචාර දක්වාවි කියලා නිර්මාපකයින් බලාපොරොත්තු වෙනවා.

මේ වන විට DC ආයතනය විසින් නිර්මාණය කරලා තියෙන Arrow හා Flash කතා මාලාවන්ට Gotham විසින් කුමන ආකාරයක බලපෑමක් කරාවිද යන්න ගැන තාම කියන්න බැරි වුනත්, Dark Night සඳහා හොඳ කල දසාවක් නම් එන බව කියන්න පුලුවන්….!!!

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

දක්ෂිණ විජේසූරිය (5 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


දක්ෂිණ විජේසූරිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

dakshina has 5 posts and counting.See all posts by dakshina

3 thoughts on ““ගෝතම් නගරය“ ටෙලි සිත්තමක් ලෙසින් ළඟදීම…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *