රිදී තිරයේ අති සාර්ථක Gravity…..

මෙක්සිකානු අධ්‍යක්ෂකවරයෙකු වන Alfonso Cuarón (Harry Potter 3, Children of Men) ගේ අදහසකට අනුව නිර්මාණය කර තිබෙන Gravity [2013] වසරේ විශිෂ්ටම සිනමාරුපී අත්දැකීමක් බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.ඉස්තරම්ම Visual [දෘෂ්ටි මායාවන්] උපයෝගී කරගනිමින් සාදා ඇති මෙහි කථා වස්තුව මුළු විකාශ කාලය තුල ඔබව චිත්‍රපටයට ඇද බැද තබාගන්නා බවද සදහන් කලයුතුය.

ඔක්තෝබර් 04 වෙනි දින ඇමෙරිකානු එකසත් ජනපදයේ තිරගත කිරීම අරඹන ලද Gravity සිනමා සිත්තම මේ වන විට ලොව පුරා ඩොලර් මිලියන 82 ඉක්මවා ගිය මුදලක් උපයාගෙන තියනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදය තුල එදා මෙදා තුර සති අන්තයක උපයා ඇති වැඩිම ආදායම වන ඩොලර් මිලියන 55 එහා මුදලක් උපයා ගනිමින්.එයම මෙහි ගුණාත්මක බාවයට හොදම උදාහරණයකි.එසේම මෙහි සාර්ථකත්වයට මෙහි රංගනයෙහි යෙදෙන හොලිවූඩ් සිනමාවේ සුපිරිම තාරකාවන් දෙදෙනෙකු වන Ryan (Sandra Bullock)[The Heat,] සහ Matt (George Clooney) විශාල දායකත්වයක් ලබා දී තිබේ.

මෙහි කතා තේමාව ගොඩනගන්නේ අභ්‍යවකාශ නැවතුම්පොළක සේවයේ යෙදෙන විද්‍යාඥයෙකු වන රයන්(Sandra Bullock) නැවතුම්පොළෙහි අළුත් වැඩියා කටයුතු කරමින් සිටින අවස්ථාවක අභ්‍යවකාශ කසල [අතහැර දැමූ රුසියානු චන්ද්‍රිකාවක්] තොගයක ප්‍රහාරයකට ලක් වීමයි.මෙම නිසා අභ්‍යවකාශ නැවතුම්පොළ සමග සම්බන්දතාවය ගිලිහි යන ඇය දැඩි භීතියට මෙන්ම අසරණ බවට පත්වෙනවා.මේ සිදුවීම නිසා ඇය සංත්‍රාසයට පත් වන ඇය තෙරක් නොපෙනෙන අභ්‍යවකාශය වෙත ඇදී යාමේ අවදානම මුහුණපානවා.අභ්‍යවකාශ නැවතුම්පොළෙහි ප්‍රධානියා වන Matt (George Clooney) මෙහිදී ඇයව පියවි සිහිය ගෙන නැවත අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගෙන ගෙන්නා ගැනීමට දැඩි උත්සහයක නිරතවෙනවා… Matt ගේ උත්සාහය සාර්ථක වෙයි ද ?

$ 80 million වැය කොට නිර්මාණය කොට ඇති මෙහි Ryan (Sandra Bullock) චරිතය ප්‍රේක්ෂකයාගේ සිතෙහි අමරණිය කිරීමට සමත්ව වනු නොඅනුමානය.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Sameerabuwa (15 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


Sameerabuwa

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

sameerabuwa has 15 posts and counting.See all posts by sameerabuwa

3 thoughts on “රිදී තිරයේ අති සාර්ථක Gravity…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *