Supernatural : Season 09 ට සියල්ල සුදානම්….

2005 මුලින්ම The WB නාලිකාවේ විකාශය වුන තරුණ පරපුරේ අතිශය ආකර්ෂණය දිනාගෙන කතා මාලාවන් 8 පුරා ඇදුන මේ ටෙලි රූ පෙළ ඔන්න තමන්ගේ නමවන පියවර තියන්න සියල්ල සුදානම්… කතා මාලා 09 එන්න තරම් ආකර්ෂණයක් තියනවා කියන්නේ ලේසි පහසු එකක් වෙන්න බැහැ නේ. ඇත්තටම එහෙම තමයි IMDB හි 8.6 ක අගයක් පවත්වාගෙන යන මේ ටෙලි නාටකය ආරම්භ වුනේ නම් කතා සමයන් 9 යන්න නෙමෙයි කොහොමවත්.   

මුලින්ම 2005 වසරේ මෙම කතා මාලාවේ නිර්මාපකයා වන Eric Kripke විසින් The WB නාලිකාවට ලබා දීලා තියෙන්නේ කොටස් හතරක් විතරයි. ඒ වගේම ඒ වෙනකොට ඔහුගේ ඉලක්කය වෙලා තියෙන්නේ කතා සමයන් 3 කින් අවසන් වෙන ටෙලි නාටකයක්. මුල් කතා 4 විකාශය වීමෙන් පසුව ප්‍රේක්ෂක ප්‍රසාදය දිහා බලලා තමයි රුපවාහිනි නාලිකාව කතා සමයක්ම ඇනවුම් කරලා තියෙන්නේ. නමුත් දෙවන කතා සමයේ සිට මේ ත්‍රාසය, මනක්කල්පිත භාවය, ක්‍රියාදාම හා වීර වික්‍රමයන්ගෙන් පිරුන රුපවාහිනි කතා මාලාව මාරු වෙනවා The CW නාලිකාව වෙත. මුලින් තම මවගේ හා පෙම්වතියගේ (ජැසිකා සැම්ගේ පෙම්වතිය) මරණ වලට වගකිව යුතු කහ ඇස් ඇති අමනුෂ්‍යා පසු පස ගිය වින්චෙස්ටර් දෙසොහොයුරන් මැරෙමින් ඉපදෙමින්, අමනුෂ්‍යයන්, පිසාචයන්, විවිධ සතුන්, ලෝක අවසානයේ එන අසරුවන් පමණක් නෙමෙයි සාතන්, විද්‍යා පුත්‍රයන් ආදීන් එක්ක පවා සටන් කරලා දැන් සියලුම දේව දුතයන් පොලොවට වැටීමෙන් නතර වෙලා ඉන්නවා 8 වන කතා සමයේ. තනියම නෙමෙයි යමලොව රජුත් එක්ක…. කොහොම වුනත් මතක නැති උදවියට මෙන්න පහත තියනවා මුල් කතා සමයේ සිට අවසාන කතා සාමය වෙනකම් ආව ගමන් මග ඇතුලත් පුංචි වීඩියෝ පටයක් ඒක බලලා ඉන්නකෝ…. 

     

මතකය අවදිකරගත්ත උදවියට ඔන්න කියනවා එහෙනම් 09 වන කතා සාමය ආරම්භ වෙන්නේ මේ මාසේ 08 වනදා….. ඔය කතාව මේ වසරේ පෙබරවාරි 11 වනදා CW ආයතනය ලොවට කියනකොටම තවත් ගෙනාව ආරංචියක් තමයි 10 වන කතා සාමය මෙහි අවසානය වෙන්නා ඉඩ තියන විත්තිය. කොහොම නමුත් සුපුරුදු ලෙසම මෙවරත් සෑම් හා ඩීන් වින්චෙස්ටර් ලෙස Jared Padalecki හා Jensen Ackles එක්වෙන බව තමයි සදහන්. ඒ වගේම මෙවර තවත් සුපුරුදු කෙනෙක් නැවත එනවා. ඔහු නමින් Jim Beaver දන්නා නමින් කියනවා නම් “බොබී සිගර්”. 09 වන කතා සාමය ප්‍රකාශයට පත් වුනත් එක්ක මේ ආන්දෝලනාත්මක පුවත අන්තර්ජාලයේ පැතුරුනා. ඉතින් මේ ගින්නට පෙට්‍රල් දැම්මේ Jim Beaver විසින්මයි.

 

මේ තියෙන්නේ ඔහුගේ ට්විටර් ගිණුම හරහා ඔහු දැක්වූ අදහස් කිහිපයක්.

  • 2013 ජුලි 16 වනදා. උදේ 8:45 
  • “Try not to get excited, but I’m coming back to SUPERNATURAL.  For real.”

(පුදුම වෙන්න හදන්න එපා, මම නැවත සුපර් නැචුරල් එකට එන්න යන්නේ ඇත්තටම.)

  • 2013 ජුලි 16 වනදා. උදේ 9:11 
  • I don’t know how or why, but I know when.  Once I’ve read the script, I’ll know how & why.  But you won’t. 🙂

(මම දන්නේ නැහැ කොහොමද හෝ ඇයි කියන එක නමුත් මම දන්නවා කවද්ද කියලා. මම පිටපත කියෙව්ව ගමන්ම මම දන්නවා කොහොමද සහ ඇයි කියන එක. නමුත් ඔයාලා දැනගන්න එකක් නැහැ.)

  • 2013 ජුලි 16 වනදා. උදේ 10:00
  • Read the script. Didn’t see this one coming. Whatever you think it is — it ain’t.

(පිටපත කියෙව්වා. මේක වෙනවා කියලා දැක්කේ නැහැ. ඔයාල මොන දේ හිතුවත් ඒක එහෙම වෙන්නේ නැහැ.)

බොබී කොහොම නැවත ඒවි ද? 08 වන කතා සමය අවසානයේ දෙව්ලොවින් මෙලොවට වැටුන දේවදුතයන් ට මොනවා වෙලා ඇති ද? කෙවින් කොහේ ඇති ද? අමනුෂ්‍ය පලකය කෙසේ මෙම කතා සමය තුල යොදාගත හැකි වේද? බොබී හැරුනවිට නැවත පැමිණෙන චරිතයන් මොනවා ? දෙව්ලොවක් නොමැති, අපායේ අධිපතියා ක්‍රියා නොකරන මේ සියල්ලන්ම එකාමෙන් ඇවිදයන පොලෝතලය කොහොම එකක් වේවි ද? මේ සියල්ලටම විසදුම් ලැබේවි ලංකාවේ අපිට නම් 09 පාන්දර වෙනකොට…! යන්න කලින් 09 වන කතා සාමය වෙනුවෙන් නිර්මිත පුර්ව ප්‍රචාරක පටයත් බලලාම යන්න… පුර්ව ප්‍රචාරක පටයක් කිව්වට මෙය බොහොම දුරට වෙන්න යන දේ පිළිබද නිර්මාපකයන් ලබා දෙන ඉගි ගොන්නක් කිව්වොත් නිවැරදි. 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *