Black Sails (2014) – [මුහුදු මංකොල්ලකාරයෝ සමඟ සටනක්]Trailer with Sinhala Sub..

මේ කියන්න යන්නේ ලබන ජනවාරි ඒ කියන්නේ 2014 ජනවාරි මාසයේ සිට STARZ නාලිකාව තුලින් අපි හැමෝටම සෑම සතියකම දකින්න ලැබෙන තවත් රූපවාහිනී කතා මාලාවක් ගැනයි. එය නමින් Black Sails.  මෙහි එක විධායක නිෂ්පාදකයෙක් තමයි අපි හැමෝම දන්නා Bad Boys ද්විත්වය, Pearl Harbour, The Island, Transformers සහ Pain and Gain වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Micheal Bay විසින්. ඒ වගේම මම මේ කියන ටෙලි වෘතාන්තයේ අධ්‍යක්ෂණ දායකත්වය දරන්නේ John Steinberg සහ Robert Levine දෙදෙනා විසින්.

මෙහි රංගන දායකත්වය සඳහා සහභාගී වෙන්නේ මෙන්න මේ පිරිසයි.

  • Captain Flint විදිහට Toby Stephens, 
  • Billy Bones  විදිහට Tom Hopper,
  • Max විදිහට Jessica Parker Kennedy,
  • Eleanor විදිහට Hannah New,
  • Captain Charles Vane විදිහට Zach McGowan,
  • Long John Silver විදිහට Luke Arnold as,
  • Gates විදිහට Mark Ryan,
  • Mr. Scott විදිහට Hakeem Kae Kazim,
  • Toby Schmitz as Rackham,
  • Anne Bonny විදිහට Clara Paget,
  • Richard Guthrie විදිහට Sean Michael,
  • Logan විදිහට Dylan Skews,
  • O’Malley විදිහට Karl Thaning, 
  • Miranda Barlow විදිහට Louise Barnes, 
  • Dufresne විදිහට Jannes Eiselen,
  • Captain Hornigold විදිහට Patrick Lyster,
  • Pastor Lambrick විදිහට Mark Elderkin,
  • Captain Dyfed Bryson විදිහට Langley Kirkwood,
  • Morley විදිහට Jeremy Crutchley,
  • Dr. Howell විදිහට Alistair Anthony Moulton Black,
  • Muldoon විදිහට Richard Wright-Firth,
  • Eme විදිහට Sibongile Mlambo,
  • Mr. Conners විදිහට De-Wet Nagel.
කතාව ගැන කියනවා නම් මේ මුහුදු මංකොල්ලකාරයෝ පිරිසක් වටා ගෙතුන කතාව පාදක කරගෙන තියෙන්නේ 1883 මැයි 23 ප්‍රකාශිත  Robert Louis Stevenson විසින් රචිත ස්කොට්ලන්ත පොතක් වන Treasure Island නමැති කෘතියයි. ඔබට ඒ ගැන වැඩි දුර විස්තර දැන ගන්න ඉහත සබැඳියෙන් හැකි වේවි. 
ඒ උනාට මම දෙන්නම් පොඩි ඉඟියක් කතාව ගලාගෙන යන හැටි, මම මේ ඉඟියට  පාදක කරගන්නේ ඉහත මම සඳහන් කල කෘතිය වන අතර මගේ ලිපියේ මාතෘකාව වන Black Sails අධ්‍යක්ෂක වරු තවමත් ඒ ගැන කිසිඳු දෙයක් අපට දැනගන්න ඉඩ තබා නැහැ. මම හිතන්නේ එය හේතුවක් වේවි ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය කියන හැඟීම තව තවත් අවුස්සන්න. ඉතින්  Treasure Island කෘතියට අනූව 18 වන ශතවර්ෂයේ මධ්‍යතන කාලයේ  එක්තරා ගමක් තියෙනවා Black Cove Hill කියලා මුහුදට ආසන්නව. මේ ගම පිහිටලා තියෙන්නේ එංගලන්තයේ නිරිත දිග දෙසින්.  එහි තිබෙනවා Admiral Benbow නමින් හඳුන්වන තානායමක්. මෙහි ලැගුම්ගන්න එක්තරා පුද්ගලයෙකි එනවා ඔහුගේ නම තමයි  Billy Bones. මොහු මේ ලැගුම් හලේ දීර්ග කාලින නවාතැන් කරුවෙක් වන අතර එහි අයිතිකරු Jim තේරුම් ගන්නවා  Billy Bones මෙහි රැඳී සිටිමින් කරන්නේ සැඟවී සිටීමක් බව.

තනිකකුලක් සහිත මේ අමුතු මිනිසා මුණ ගැහෙන්න දිනක් තවත් මුහුදු නාවිකයෙක් පැමිණෙනවා ඔහු නමින් Black Dog. මේ හමුවීම ඉතාමත් දරුණු එකක් වන අතර Billy Bones හට Black Dog විසින් දරුණු ලෙස පහර දී පලා යන අතර Billy Bones හට හෘදාබාධයක් වැලඳෙනවා. එහිදී ඔහු ගැන සොයා බලන්නේ මේ ලැගුම්හල් අයිතිකරු Jim විසින් වන අතර Billy Bones විසින් පාපොච්ඡාරණය කරනවා ඔහු නම ගිය මුහුදු මංකොල්ල කරුවෙක් බවත් ඔහු ලග යමක් ඇති බවත්. එය සොයා ඔහුගේ පැරණි සගයන් ඔහුවෙත පැමිණෙන බවත්. එහෙනම් මේ ඇති නොවැ. බලන්න කතාවකුත් තියෙන්න ඕනේ නිසා එතනින් ඉතිරිය එන ජනවාරි වල ඉඳන්ම බලමු.

 සමහර විට පොතේ ඇති කතාවට වඩා අපට දකින්න ලැබෙන කතාව හාත්පසින්ම වෙනස් විය හැකියි. කෙසේ වෙතත් තනි ඇහේ මිනිස්සු, එක කකුලේ මිනිස්සු, කඩු අමෝරා ගත් මුහුදු මංකොල්ලකාරයෝ, කාල තුවක්කු බැඳ ගත් නෞකාවන් ලබන ජනවාරියේ ඉඳන් අපේ කුතුහලය තව තවත් වැඩි කරාවි.

ඒ වගේම තව අලුත් වගේම හොඳ ආරංචි දෙකක් තියෙනවා මුලින් 2014 ජනවාරි මස පළමු කතා සමයට කතාංග 8ක් ඇතුලත් වෙන අතර මෙහි දෙවැන්නක් වෙනුවෙන්  නිෂ්පාදකයන් පොළඹවන්න 2013 ජුලි 26 පැවතුන  San Diego Comic-Con සම්මන්ත්‍රණය මහත් රුකුලක් වෙලා තියෙනවා. තවම පළමු කතා සමයේ එකඳු කොටසක්වත් විකාශය නොකර තිබියදීත් ඔවුන් කතාංග 10කින් යුත් තවත් කතා සමයක් ගැන පොළඹවන්න තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර සෑහෙන්න පිටුවහලක් වෙලා තියෙන බව නම් නොරහසක්.

දෙවන සුබ ආරංචිය තමයි, පුද්ගලිකව මගේ වැඩි කැමැත්තක් තියෙනවා STARZ නාලිකාවට මොකද මගේ උපසිරැසි දායකත්වය ලැබුන Spartacus සහ Da Vinci’s Demons වගේ කතා අප අතරට සතිපතා පෙළගස්වනු ලැබුවේ ඔවුන් නිසා. සහ ඔවුන්ගෙන් නිතරම පාහේ කරළියට ඉදිරිපත් වෙන්නේ ඉතිහාසගත කතා නිසාවෙනුත් මේ කතා මාලාවේ උපසිරැසි හසන්ත වික්‍රමරත්න විසින් ඉදිරිපත් කරාවි කියා අවසානයේ ඔයාල හැමෝටම පොරොන්දුවකුත් දෙන්නම්. 😀 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (50 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 50 posts and counting.See all posts by hasantha

3 thoughts on “Black Sails (2014) – [මුහුදු මංකොල්ලකාරයෝ සමඟ සටනක්]Trailer with Sinhala Sub..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *