Need for Speed (2014) – [අදිවේගී ධාවනයේ නව මුහුණුවර….] Trailer with Sinhala sub….

බයිස්කෝප් අඩවිය දත්ත වාර්තා අනුව බැලුවත්, ප්‍රතිචාර මත බැලුවත් ලංකාවේ අංක 1 වෙලා තියෙන්නේ විනෝදාස්වාදය පැත්තෙන් නේ… අනුමාන කරන්න මොකද්ද අපේ මව් අඩවියේ වැඩිම බාගත කිරීම් ලද  චිත්‍රපටය….!!! සමහරුන් හිතාවි, සමහරුන් කෙලින්ම පිළිතුරු දේවි… ඔබ දුන්නේ Fast & Furious 6 (2013)  නම් ඔබ නිවැරදි. ඒ දැනට 17 000 කට අදික බාගත කිරීම් ප්‍රමාණයක් සිදුවීමෙන්. හය වැන්න Fast & Furious කියන චිත්‍රපට පෙලම ලොකු පොඩි කාගේත් හිතේ ලැගුම් ගත්තෙන් පොඩියට නොවන විත්තිය රහසක් නෙමෙයි. Fast & Furious සිනමාව තුල මෙවන් පෙරලියක් කරනා විට ලෝකේ තවත් අතිශයෙන්ම ප්‍රචාලිත විනෝදාස්වාදය ගෙනදෙන ක්‍රමයක් වන පරිගණක ක්‍රීඩා තුල Need for Speed නම් පරිගණක ක්‍රීඩාව සදා ඉහලින් වජබෙනවා. එකක් නෙමෙයි දැන් Need for Speed ගොන්නක්ම තියනවනේ. ඔන්න ඉතින් දැන් NFS රිදී තිරයට එන්න සියල්ල සුදානම්… ආරංචි හැටියට එක් සිනමා පටයක් නෙමෙයි සිනමා පට පෙළක්.

මුල් සිනමා පටයේ කතාව වෙන්නේ මෙහෙමලු, ටෝබි මාර්ෂල් කියන්නේ බොහොම ලගදි හිරෙන් නිදහස් වුන කෙනෙක්. ඔහු විදි ධාවකයෙක්. හිරෙන් නිදහස්  වුනත් එක්කම ධනපතියෙක් මෙයාව කොටුකර ගන්නවා රට හරහා යන අදිවේගී මෝටර් රථ ධාවන තරගයකට. නමුත් ටෝබි සහභාගී වෙන්නේ තමන්ගේ පරණ හවුල්කරුවාගෙන් පළිගැනීමේ චේතනාවක් සිත දරාගෙන. කොහොම නමුත් ධාවනය පටන් ගන්නා විටම ටෝබිගේ හිසට විශාල මුදලක් නියම වී අවසන්…ඔහුගේ ධාවනයට මෙය කෙලෙස බලපානු ඇති ද? මේ ඇති බිහිසුණු, උද්වේගකාරී, ආදී වේගී ධාවනය බලන්නම වෙනවා වෙන දේ බලාකියා ගන්න…. ඉවසන් ඉමු කොහොම හරි….

Need for Speed (2014)
Action – 14 March 2014 (USA)

Director:

Scott Waugh
Writers:

George Gatins, John Gatins
Stars:

Aaron Paul, Chillie Mo, Dominic Cooper, Dakota Johnson, Carmela Zumbado, Michael Keaton

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

7 thoughts on “Need for Speed (2014) – [අදිවේගී ධාවනයේ නව මුහුණුවර….] Trailer with Sinhala sub….

  • July 16, 2014 at 6:53 PM
    Permalink

    Ane Please Ikmanata Sub File Eka Daannako….

  • July 16, 2014 at 8:52 AM
    Permalink

    sub ooooooooooooooone

  • July 14, 2014 at 9:06 AM
    Permalink

    Meke Sub dennko….

  • April 17, 2014 at 4:26 PM
    Permalink

    Movie aka ikmanata dannooo 🙁

  • April 13, 2014 at 4:22 PM
    Permalink

    kwwda movie 1 dannne!!!!

  • October 2, 2013 at 7:07 PM
    Permalink

    මගේ ප්‍රියතම චිත්‍රපටි වර්ගය.
    ඉවසන්න බෑ සහෝ එනකම්.
    ඒත් මොනව කරන්නද ඉතින්.
    තෑන්ක්ස් සහෝ/

  • October 2, 2013 at 6:06 PM
    Permalink

    නියමයි සැමියා. ගේම් එක වගේම මෙකත් පට්ට කථාවෙක් වෙයි.

    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *