The Hunger Games Mockingjay – දක්ෂ නළු නිලියන් අතරට තවත් දක්‍ෂයන්..

Twilight කතා මාලවේ අවසානයත් සමග තරුණ පරපුරේ අවධානය මේ දවස් වල යොමුවෙලා පවතින්නේ තවත් එක් නවතම කතා මාලාවකට. ඒ Hunger Games. වැම්පයරයන් ගැන කියවුන Twilight චිත්‍රපට මෙන් බොක්ස් ඔෆිස් හිදී එතරම් විශාල මුදලක් ඉපැයීමට Hunger Games හි ප්‍රථම චිත්‍රපටය සමත් වුනේ නැතත්,  ඒ සඳහා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. Catching Fire නමින් එළි දැක්වුනු එහි දෙවැනි කොටස මේ අවුරුද්දේ වැඩිපුරම කතාබහට ලක්වුනු සහ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටියක්. මේ අතරතුර මේ චිත්‍රපට මාලාවේ ක්‍රමයෙන් වැඩිවන නළු නිළියන් අතරට අලුතින් හතරදෙනෙකුත් එකතු වෙලා. ඒ Hunger Games චිත්‍රපට මාලාවේ තුන්වැන්න ලෙස එළි දැක්වෙන Mockinjay Part 1 සඳහා.

 අලුතින් එක්වන්නන් ලෙස Mahershala Ali (House of Cards) – Boggs ලෙසත්, Patina Miller Commander – Paylor ලෙසත්, Elden Henson (The Butterfly Effect) – Pollux ලෙසත්, Wes Chatham (The Unit) – Castor ලෙස සහ Omid Abtahi (Argo, Homeland) – Homes ලෙසත් දක්වන්න පුලුවන්. මේ නම් හුඟ දෙනෙක්ට නුපුරුදු වුනත්, සමහර විට මේ අතරින් Henson ව ඔහු රඟපෑ The Mighty Ducks සහ She’s all That චිත්‍රපට නිසා තරුණ පිරිසට මතකයේ තියෙනවා වෙන්න පුලුවන්. කෙසේ වුනත් මේ සියලු දෙනා ක්‍රමයෙන් වැඩිවන  Hunger Games හි නලු නිළි පිරිස අතරට එකතු වේවි. මේ අතර Natalie Dormer – Cressida ලෙසත්, Evan Ross – Messalla ලෙසත්, Lily Rabe – Commander Lyme ලෙසත්, Julianne Moore – President Alma Coin ලෙසත් මේ වන විට සිටිනවා.

Will Smith රඟපෑ I Am Legend අපවෙත ගෙන ආ Francis Lawrence, Hunger Games මීළඟ චිත්‍රපටි තුන සඳහාම තම දායකත්වය දක්වාවි. ඒ වෙනුවෙන් පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Gary Ross ඉවත් වී තිබෙනවා. Francis Lawrance ප්‍රේක්ෂකයින්ට මතක හිටින යමක් කළේ I Am Legend චිත්‍රපටියෙන් පමණයි. ඒ නිසා ඔහු මේ චිත්‍රපටි තුන කෙසේ නිම කරාවිද යන්න පිළිබඳ අනාවැකි කියන්න තාම කාලය තියෙනවා. කොහොම වුනත් Catching Fire සඳහා නිකුත් වූ පෙරදසුන්(trailer) අනුව නම් පේන්න තියෙන්නේ, පළමු චිත්‍රපටියට වඩා දෙවැන්නේ රූප තත්වයේ විශාල වර්ධනයක් තිබෙන බවකුයි.

කළින් සිටි අධ්‍යක්ෂකවරයා දුප්පත් දිස්ත්‍රික්කවල ගති ස්වභාවය නියමාකාරයෙන් පෙන්වීමට සමත් වුනත්, ප්‍රධාන නගරයේ ලස්සන සහ සශ්‍රීකත්වය පෙන්වීමටනම් එතරම් හැකියාවක් දැක්වූයේ නෑ. ඒත් Lawrance ප්‍රධාන නගරයන්හි රූප ස්වභාවය සාර්ථක අන්දමින් චිත්‍රපටයට ගෙන ඒමට සමත් වෙලා තියෙන බව කියන්න පුලුවන්.  Ross ගේ අධ්‍යක්ෂණය ගැන සෑහීමකට පත් වුනේ නැති බොහෝ දෙනෙක්ට නව අධ්‍යක්ෂකවරයා පිළිබඳව සමහරවිට අලුතින් හිතන්න පුලුවන් වේවි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

දක්ෂිණ විජේසූරිය (5 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


දක්ෂිණ විජේසූරිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

dakshina has 5 posts and counting.See all posts by dakshina

One thought on “The Hunger Games Mockingjay – දක්ෂ නළු නිලියන් අතරට තවත් දක්‍ෂයන්..

  • September 30, 2013 at 9:05 PM
    Permalink

    තවත් ඒවා ලියමු එල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *