සුපිරි වීරයන්ගේ තවත් සුපිරි දැක්මක්…..

Avengers නමින් ඔබ අපි කවුරුත් ආදරය කරපු සිනමා පටය දැන් රූපවාහිනී කතා මාලාවක් ලෙසිනුත් අපි අතරට ඇවිත්. මේ දෙකම අති සාර්ථකව ප්‍රේකෂකයින් වැළඳගත්තා වගේම මේ සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වුන Joss Whedon සඳහාත් සෑම දෙනෙකුගේම නොමද ප්‍රසංශාව හිමි වුනා. කොහොම වුනත් Joss කියන්නේ ප්‍රසංශා හමුවේ හිස උදුම්මවාගන්න පුද්ගලයෙක් නෙවෙයි. ඔහුගේ පහුගිය කාලයේ වෘත්තීය ජීවිතය දිහා බැලුවහම, Joss ඔහුගේ අතිසාර්ථක නිර්මාණ හමුවේ වගේම එතරම් සාර්ථක නොවුන නිර්මාණ හමුවේත් නොසැලී හිටපු හැටි අපිට දැකගන්න පුලුවන්. 

Entertainment Weekly සඳහා මෑතකදී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී Joss මේ සම්බන්ධ හුඟක් දේවල් කතා කලා. ව්ශේෂයෙන්ම ඔහුගේ පළමු රැකියාව වුන Roseanne හි තනතුරේ ඉඳලා මේ වෙනකම් ආපු ගමන් මග වගේ දේවල්. ඒ වගේම ඔහු අමතක කලේ නැහැ Avengers හි දෙවැනි කොටස – The Avengers : Age of Ultron කොතරම් හොඳට නිර්මාණය විය යුතුද යන්න සහ එහි පළවෙනි නිර්මාණය තමාට කොතරම් හොඳට නිර්මාණය කල හැකිව තිබුණාද යන්න ගැන අදහස් දක්වන්න. ඔයාලට වෙලාවක් තිබුණොත් Entertainment Weekly සඳහා ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ඡාව බලන්න. එහිදී ඔහු විසින් ඉදිරිපත් කරපු විශේෂ දේවල් කීපයක් අපි මෙහිදී උපුටා දක්වන්නයි යන්නේ.

 මේ සම්මුඛ සාකච්ඡාවේ විශේෂම කොටස වුනේ ඔහුගේ ජීවිතයේ ලබපු විශාලම ජයග්‍රහණය ලෙස දක්වන්න පුලුවන් Avengers පිළිබඳව ඔහු දක්වපු අදහස්. Joss, Avengers  පිළිබඳව ආඩම්බර වුනත්, එහි තිබුණු දුර්වලතා පිළිබඳව අදහස් දක්වන්න තරම් නිහතමානී පුද්ගලයෙක් වුනා. ඔහුගේම වචන වලින් කිවුවොත් Avengers  කියන්නේ විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් නෙවෙයි.

“විශිෂ්ඨ ගණයේ චිත්‍රපටියක් ගැන මම හිතද්දී මට මතකයට එන්නේ ඉතා හොඳින් සංවිධානය වුන Matrx හෝ ආදරය කළ හැකි Godfather II වැනි චිත්‍රපටි. එහෙම චිත්‍රපටියක් හැදෙන්න හැමදේම අහඹුවෙන් වගේ එකට එකතුවෙන්න ඕනේ. මිනිස්සු විතරක් නෙවෙයි. රූපරාමු වුනත්. ඒ වගේ චිත්‍රපටියක් බලන මිනිස්සුන්ට මේක හොඳ නිර්මාණයක් වගේ කියනවාට වඩා මේක තමයි හොඳම නිර්මාණය කියන අදහස ඇතිවෙන්න ඕනේ. මම Avengers චිත්‍රපටියට කැමතියි. ඒ වගේම එහි තියෙන දුර්වලතා වලටත්. ඒත් මට ඔනේ මගේ ළමා කාලයේ මම දැක්කා වගේ චිත්‍රපටි හදන්න. මම ඒක කරන්නයි උත්සාහ කළේ.”

Joss ගේ අදහස් දැක්වීම ගැන බලන හුඟක් Avengers රසිකයන් ඔහු තමාගේ නිර්මාණය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැතුව කතා කරනවා කියලා හිතාවි. කොහොම වුනත් මේ කතාවෙදී Joss විසින් Avengers හි කතාවේ තිබුණ යම් යම් දේවල් පිළිබඳව අපිට දෙවරක් හිතා බැලිය යුතු අදහස් පළ කලා. චිත්‍රපටියේ කතාවේ එතරම් ප්‍රශ්නයක් නොතිබුණත් ඇතැම් සිද්ධි විය යුතු නිසා සිදුවෙන ආකාරයක් බවක් තියෙන බව පේන්න තියෙනවා. ඇතැම් දේවල් චිත්‍රපටියේ කතාව ගලා යෑමට කිසිම ආකාරයක උදව්වක් නොකරන කොටස්. කොහොම වුනත් වාසනාවට වගේ මේ දේවල් නිසා චිත්‍රපටියට හානියක් නම් වුනේ නැහැ. Joss කිවුවා වගේ ඒක හොඳ චිත්‍රපටියක් විදිහට මිනිස්සු ආසාවෙන් බැලුවා (ඒ වගේම ජාත්‍යන්තර ප්‍රදර්ශන වලින් ඩොලර් බිලියන 1.5ක ආදායමක් ගෙන එන්නත් ඒක සමත් වුනා.). එත් නියම නිර්මාණකරුවෙක් කවදාවත් තමන්ගේ නිර්මාණය හොඳයි කියලා සෑහීමකට පත්වෙන්නේ නෑ.  ඒ හින්දම Joss මේ දවස් වල සැලකිලිමත්වෙන්නේ Avengers දෙවැනි කොටස කොහොමද නිර්මාණය කරන්නේ කියලා.  

“මට ඕනේ මං කොහොමද ප්‍රේකශකයින්ව කුල්මත් කරන්නේ කියන එක සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලබාගන්න. මට ඕනේ එයාලව චිත්‍රපටයේ රූප රාමු වලට බැඳලා තබාගන්න. හැම රූප රාමුවකටම මම අවධානය යොමු නොකලා නෙවෙයි. මම එහෙම කලා. ඒත් අති සාර්ථතව තිරගත වුන පළමු කොටසක් තියෙන චිත්‍රපටියක දෙවැනි කොටස සඳහා කොච්චර දේවල් කරන්න පුලුවන්ද?”

 මේ අනුව අපිට පේන්න තියෙන්නේ Avengers හි දෙවැනි කොටස සඳහා හොඳ කතාවක් වගේම විවිධ චරිත සඳහාත් විශේෂ තැනක් ලැබේවි. Joss ට ප්‍රේකෂකයින් වෙත ලබාදෙන්න යන දේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය බවත් පැවසෙනවා. ඒ වගේම සමහර චරිත වලට මරණයක් ලබාදී චිත්‍රපටියෙන් ඉවත් කළ හැකි බවටත් විවිධ මත පළවෙනවා. කෙසේ වුවත් ඒ සම්බන්ධව කිසිවක් නොපවසන්නට Joss ප්‍රවේසම් වෙන බවකුයි පේන්න තියෙන්නේ.

“මට මොකක් හරි චිත්‍රපටියකින් චරිතයක් ඉවත් කරන්න හොඳ හේතුවක් අවශ්‍යයි. පාලක මණ්ඩලය (Marvel) එකපාරට කවරු හරි ඉවත් කරන්න තීරණය කළත්, අපිට එකපාර එහෙම කරන්න බැහැ. එය ක්‍රමානුකූලව චිත්‍රපටියට හානියක් නැතිවෙන ආකාරයට කළයුතු දෙයක්. ඒ වගේම අපි බලන්න ඕනේ මේ දේවල් කොච්චර දුරට ප්‍රේක්ෂකයින්ට බලපානවද කියන එක. “

 මේ ඔක්කොම කරන්න කලින් චිත්‍රපටියේ තිරරචනය නිමා වෙන්න ඕනේ. ඒ වගේ වෙනසක් කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා නම්, මේ වෙනකන් ලියලා තියෙන තිරරචනයේ කටු සටහන් වල ඉඳලම වෙනස් කරන්න වේවි. අධ්‍යක්ෂකවරයා පවසන අන්දමට මෙහි තිර රචනය පිටු 150ක දිගකින් යුක්තයි. ඒ කියන්නේ ආසන්නව පැය දෙක හමාරක චිත්‍රපටියක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

 මම කොහොමවත් කරන්න යන දේවල් නවත්තන්නේ නෑ. මේ චිත්‍රපටියට මම කැමති හැම දෙයක්ම එකතු කරනවා. “ අධ්‍යක්ෂකවරයා පවසනවා.

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
දක්ෂිණ විජේසූරිය (5 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


දක්ෂිණ විජේසූරිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

dakshina has 5 posts and counting.See all posts by dakshina

5 thoughts on “සුපිරි වීරයන්ගේ තවත් සුපිරි දැක්මක්…..

  • October 5, 2013 at 1:36 AM
    Permalink

    maxa kollo maxa 🙂

  • October 4, 2013 at 9:44 PM
    Permalink

    maxxa machan

  • October 4, 2013 at 9:07 PM
    Permalink

    මරු සහෝ, තව හොද හොද ඒවා ගෙනෙමු ඉදිරියටත්. දැනුම සමග මුසුකළ මේ වගේ ඒවා වැඩිපුර වටිනවා. ජය!

  • October 4, 2013 at 8:26 PM
    Permalink

    patta lipiyak digatama liyamu

  • October 4, 2013 at 1:32 PM
    Permalink

    මචන් බොහෝම ස්තුතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *