The Counselor (2013) – [නීතියට පිටින්….] Trailer with Sinhala Sub…..

හොලිවුඩ් සිනමාවේ සිටින සුපිරි නළු නිළියන් රැසක් රංගන දායකත්වයෙන් නිර්මාණය කරන ලද The Counselor සිනමා සිත්තම මේ වසරේ ඔක්තෝබර් මස 25 වන දින සිට ඇමෙරිකාවට සමගාමිව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.Pulitzer Prize සම්මාන ලාබි ගෞරවාන්විත නවකථා කරුවෙකු වන Cormac McCarthy (The Road, No Country for Old Men,All The Pretty Horses ) තිරරචනය කරනු ලබන මෙහි අධ්‍යක්‍ෂණයෙන් දායකත්වය ලබා දෙන්නේ සම්මානනීය අධ්‍යක්‍ෂක Ridly Scott (Prometheus, Blade Runner) විසිනි.Crime-Thriller ගණයේ චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වා දී ඇත.

 Michael Fassbender රංගනයෙන් දායක වන මෙහි කතා තේමාව ලෙස සදහන් වන්නේ ගෞරවාන්විත නීතිඥයෙකු මුදල් ලබාගැනීමේ අරමුණ ඇතිව මත්ද්‍රව්‍ය වෙලදාම වෙත පිවිසීමයි.මේ අදහස නිසා ඔහු හට හිතවතුගෙන් දැඩිව විරෝධයක් එල්ලවනවා.නමුත් ඔහුගේ මුරණ්ඩු අදහස් නිසා ඔහු ඉක්මනින් මුදල් සෙවීමේ මාර්ග සොයා යනවා.පසුව Fassbender සහ ඔහුගේ මිතුරෙකු වන Reiner (Javier Bardem) සැලසුම් කරනවා $20 million වටිනා කොකේන් නමැති මත්ද්‍රව්‍ය මෙක්සිකානු දේශසීමාව වෙත ප්‍රවාහනය කිරීමට.මේ සදහා ඔවුන්ට මත්ද්‍රව්‍ය වෙළදාමෙහි නියුතු කූට පුද්ගලයෙකු වූ Westry(Brad Pitt) ගේ සහය ලබා ගැනීමට සිදුවෙනවා.

නමුත් Fassbender සැලසුම් කල ආකාරයට කටයුතු සිදු කර ගැනීමට ඔවුන් පිරිස අසමත් වෙනවා.මේ නිසා ඔවුන් සියලු දෙනාම අතිශයින් අවදානම් අවස්ථාවනට මුහුණපානවා….

මේ අතර සුරූපී Cameron Diaz [ Malkina] සහ සරාගී Penelope Cruz [ Laura] Fassbender ගේ ලෝකයට ඇතුල් වීමත් ඒ නිසා මහුගේ ජීවිතයට එයින් එල්ලවන බලපෑමත් The Counselor හි ඉතාමත් වැදගත් සාධකයක් බවට පත්වෙනවා.

එසේම මෙහි සහාය රංගනයෙන් ජනප්‍රිය හොලිවුඩ් තාරකාවන් වන Dean Norris (Breaking Bad), Natalie Dormer (Game of Thrones) and John Leguizamo (Kick-Ass 2) දායක වෙන බව සදහන්.එසේම oscar සම්මාන උළෙල සදහා මෙහි චරිතයන් කිහිපයක් අනිවාර්යෙන්ම නම් යෝජනා වෙ යැයි ගොඩ දෙනෙකුගේ අදහසයි.

 පූර්ව ප්‍රචාරක පටය සඳහා උපසිරැසි දායකත්වය රොයිලි ප්‍රනාන්දු සහෝගෙන්….

 

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Sameerabuwa (15 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


Sameerabuwa

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

sameerabuwa has 15 posts and counting.See all posts by sameerabuwa

3 thoughts on “The Counselor (2013) – [නීතියට පිටින්….] Trailer with Sinhala Sub…..

  • October 9, 2013 at 9:43 PM
    Permalink

    Yeah Little Bit

  • October 9, 2013 at 6:30 PM
    Permalink

    පට්ට මචං..
    එනකම් බලන් ඉන්න ෆිල්ම් එකක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *